බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උපන් රටට යා ගත නොහැකිව ඉන්න සංක්‍රමණික කම්කරුවන්ගේ දුක ජගත් සංවිධානයටත් දැනෙයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 2, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ගෝලීය වසංගත තත්වය හමුවේ රැඳවුම් කඳවුරුවල අතරමංව සිටින සංක්‍රමණික කම්කරුවන් වෙසෙන අමානුෂික තත්ත්වයන්ගෙන් ඔවුන් මුදවා ආරක්ෂිතව තම මව් රටවල් වෙත යැවීමට කඩිනම් පියවර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ සංක්‍රමණික කම්කරුවන්ගේ කමිටුව අද රටවල්වල රජයන්ගෙන් ඉල්ලා තිබේ.

“වැඩි වශයෙන් අප්‍රිකානු සහ දකුණු ආසියානු රටවලින් පැමිණි සංක්‍රමණිකයන් කොරෝනා වෛරසය පපතුරුවන බවට නිරන්තරයෙන් පලිගැනීමට ලක්වෙයි. රැඳවියන්ට වෛද්‍ය ප්‍රතිකාර නොලැබෙන අතර රෝගී වූ අයට චෝදනා කරමින් රැඳවුම් කඳවුරුවල සෑම දිනකම අයුතු ලෙස සැලකීම හා වධහිංසා පැමිණවීම පිළිබඳ වාර්තා තිබේ. සමහරු මියයෑමට අතහැර දමා සිටිති.” යැයි කමිටුවේ ස්වාධීන විශේෂඥයෝ පවසති.

සංක්‍රමණික කම්කරුවන්ගේ, විශේෂයෙන් සෞදි අරාබිය සහ යේමනය ඇතුළු ගල්ෆ් රටවල සහ ලිබියාව වැනි උතුරු අප්‍රිකානු රටවල රඳවා සිටින අයගේ තත්වය පිළිබඳව කමිටුව දැඩි අවධානය යොමු කර තිබේ.

සැප්තැම්බර් මස මුලදී ප්‍රධාන මාධ්‍ය වාර්තා කළේ අප්‍රිකානු සංක්‍රමණික ශ්‍රමිකයන් දහස් ගණනක් සෞදි අරාබියේ ඇහිරුණු, අපිරිසිදු කඳවුරුවල රඳවා ඇති බවයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

රඳවාගෙන සිටින සංක්‍රමණික කම්කරුවන් නිදාගෙන සිටින අතරතුර අපද්‍රව්‍ය බිම පුරා විසිරී ඇති අයුරු දැක්වෙන වීඩියෝ, ඡායාරූප ආදිය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ක්ෂණික ක්‍රියාමාර්ගයක් ගත යුතු කම්පන සහගත තත්ත්වයන්ට සාක්ෂි සැපයූ බව කමිටුව අවධාරණය කළේය.

“COVID-19 වසංගතය මේ වන විට ලොව පුරා රටවල් දුර්වල කරමින් ඇත. බොහෝ රටවල මරණ සංඛ්‍යාව ඉහළ යමින්, සෞඛ්‍ය පද්ධති අභියෝගයට ලක්ව ඇති අතර විරැකියා අනුපාතය පෙර නොවූ විරූ ලෙස ඉහළ මට්ටමක පවතී. 1918 සිට සිදු වූ වඩාත්ම බරපතළම සෞඛ්‍ය ව්‍යසනය පාලනය කිරීම සඳහා රජයන් උපරිම උත්සාහයක් දරන අතර, මෙම වසංගතය නිසා පිරිසිදු ජලය, සනීපාරක්ෂාව සහ සෞඛ්‍ය පහසුකම් නොමැති සංක්‍රමණික කම්කරුවන් ප්‍රදේශවාසීන්ට වඩා බෙහෙවින් අවදානමට ලක්වන බව රජයන් දැන සිටිය යුතුය.” යැයි කමිටුව පැවසීය.

COVID-19 වසංගතය දිගටම පවතින බැවින් කමිටුව අවධාරණය කළේ, “සංක්‍රමණිකයින්ට එරෙහි මානව හිමිකම් උල්ලංඝනය වහාම නතර කළ යුතු බව වෙන කවරදාටත් වඩා වැදගත් ය.” බවය.

සංක්‍රමණිකයන්ගේ මානව හිමිකම් කෙරෙහි COVID-19 වසංගතයේ බලපෑම පිළිබඳ ඒකාබද්ධ මාර්ගෝපදේශ සටහන මෙහිදී කමිටුව සිහිපත් කළේය. “සියලු සංක්‍රමණිකයන්ගේ මානව හිමිකම් දැඩි ලෙස ආරක්ෂා කරන ලෙසත්, අතරමං වූ සංක්‍රමණිකයන් තම මව් රටවලට විධිමත්, ආරක්ෂිත හා ගෞරවනීය ලෙස නොපමාව නැවත යැවීම සහතික කිරීම සඳහා ඔවුන්ගේ සම්භවය ඇති රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙසත් අපි සත්කාරක හා සංක්‍රමණ රටවල රජයන්ගෙන් ඉල්ලා සිටිමු.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

5 ශිෂ්‍යත්වය ඔක්තෝබර් 11 වැනි දා ඉරිදා…

Next Post

“20 එකඟ වෙන්න බැරි තැන් තිබුණත් ඇතැම් කරුණු ඉතා වටිනවා”

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.