දිනසේන රතුගමගේ –
උතුරු නැගෙනහිර ප්‍රදේශ තුළ හර්තාලයක් දියත් කරන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හතක් විසින් කරනලද ඉල්ලීමකට අනුව අද (20) උතුරේ ප්‍රධාන නගරවල වෙළඳසැල් විශාල ප්‍රමාණයක් වසා දමා තිබුණි.
රජයේ කාර්යාල හා බංකු ක්‍රියාත්මක වූවද දෙමළ පාසල්වල සිසුන් හා ගුරුවරු පාසල් වලට පැමිණ නොසිටියහ.
උතුරේ සිංහල පළාත්වල පසල් විවෘතව පැවති අතර ගම්බද පළාත් වල වෙළඳසැල්ද විවෘතව පැවතිනි.
ප්‍රධාන නගරවල විවෘත කොට තිබූ වෙළඳසැල් වලින් භාණ්ඩ මිලට ගැනීම සදහා සහ වෙනත් අවශ්‍යතා සදහා නගර වලට ජනතාව පැමිණ සිටියහ.
නමුත් වෙළඳසැල්වල හා නගරයේ වෙනදා පැවති තදබදය දක්නට නොලැබුණි.
ගමනා ගමන කටයුතුවල අඩපණ වීමක් දක්නට නොලැබුණු අතර දුර ගමන් සේවා බස් රථ ක්‍රියාත්මකව පැවතුණි.
උතුරු නගෙනහිර පළාත්වල මෙම හර්තාලය සංවිධානය කොට තිබුණේ මුලතිව් මහේස්ත්‍රාත්වරයාට එල්ල වූයේ යැයි කියන මරණීය තර්ජන සම්බන්ධයෙන් රජය නිසි ලෙස කටයුතු නොකළ බව කියමින් ඊට විරෝධය පල කිරීම පිණිසය.