දිනසේන රතුගමගේ –
උතුරු පළාතේ ළමුන් 200 ට අඩු පාසල් හා පිරිවෙන් 680 ක් මේ මස 21 වෙනිදා ආරම්භ කිරීමට අවශ්‍ය සියලු කටයුතු යොදා ඇති බව උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කොට තිබේ.
කිළිනොච්චියේ පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් දිසාපතිනී රූපවතී කේතීස්වරන් ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මේ කරුණු අනාවරණය වු අතර එහිදී දිසාපතිවරිය සඳහන් කළේ පාසල් 152 ක් එදිනට විවෘත වන බවය.
උතුරු පළාත තුළ මේ මස 21 වෙනිදා ආරම්භ වන පාසල් 680 අතර යාපනයේ පාසල් 221 ක් වවුනියාවේ 142 ක් කිළිනොච්චියේ 152 ක් මන්නාරමේ 69 ක් හා මුලතිව් දිස්ත්‍රික්කයේ පාසල් 96 ක් වෙයි.

මෙම සියලුම පාසල් විවෘත කිරීම සඳහා ඒ ඒ දිස්ත්‍රික්ක වල කොරෝනා මර්දන කමිටු මගින් අවශ්‍ය සියලුම සෞඛ්‍ය පහසුකම් හා අනෙක් උපදෙස් ලබා දීමට පියවර ගෙන තිබේ.







