බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උතුරේ ජනතාවට තිබෙන්නෙත් දකුණේ ජනතාවටම ඇති ගැටලු මිස 13 වැනි ව්‍යවස්ථා සංශෝධන ගැටලු නෙවෙයි-අස්ගිරි පරිවේණාධිපති පූජ්‍ය නාරංපනාවේ ආනන්ද නාහිමි

by Lanka Sara Editor
අගෝස්තු 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

උතුරේ ජනතාවට ඇත්තේ ද දකුණේ ජනතාවට ඇති ආර්ථික, අධ්‍යාපන හා සෞඛ්‍ය ආදී පොදු අවශ්‍යතා පිළිබඳ ගැටලු මිස දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනයක් නොවන බවත් මෙම යථාර්ථය රටේ දේශපාලන වගකිය යුත්තන් ගැඹුරෙන් තේරුම් ගත යුතු බවත් අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී,අස්ගිරි පරිවේණාධිපති පූජ්‍ය නාරංපනාවේ ආනන්ද නාහිමියෝ නිවේදනයක් නිකුත් කරමින් පවසති.

දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනපති ජේ. ආර්. ජයවර්ධන පාලන සමයේ ඉන්දියානු රජය විසින් අප රටට බලහත්කාරයෙන් ලබා දුන්නක් මිස මේ රටේ ජනතා අවශ්‍යතාව උදෙසා ස්ථාපිත කළ එකක් නොවන බවත් උන්වහන්සේ ප්‍රකාශ කරති.

මේ සම්බන්ධයෙන් නාරංපනාවේ ආනන්ද නාහිමියන් නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි. දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව එදා වත්මන් අගමැතිවරයා ප්‍රමුඛ විපක්‍ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්‍ෂ මෙන්ම විවිධ ජාතික සංවිධාන ක්‍රියා කළ ආකාරය අද බොහෝ දෙනාට අමතක වී ඇත. අන්තවාදී උතුරේ දේශපාලන පක්ෂ නියෝජනය කරන ඇතැම් උදවිය සහ අවස්ථාවාදී කුමන්ත්‍රණකරුවන්ට විනා දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට උතුරු නැගෙනහිර සාමාන්‍ය ජනතාවට අවශ්‍යතාවයක් නැත. මෙම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව එදා වීදි බැස සටන් කළ ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ අද මුනිවත රැකීමෙන් ඔවුන්ගේ දේශපාලන අවස්ථාවාදීතවයේ නිරුවත මනාව ප්‍රදර්ශනය කර ඇත.

තවද පොදුජන එක්සත් පෙරමුණට මේ රටේ බලය ලබා දුන්නේ දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට නොව මේ රටේ ස්වෛරීභාවය ආරක්ෂා කර රට සමෘද්ධිමත් කිරීමටයි. එකී ජන වරමෙන් රටේ බලයට පත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිතිති ධූරයෙන් ඉවත්වීමෙන් පසු බලයට පැමිණි වත්මන් ජනාධිපතිවරයාට තර්ටීන් ප්ලිස් ක්‍රියාත්මක කිරීමට කිසිදු නෛතිකභාවයක් හෝ සදාචාරාත්මක අයිතියක් නොමැත. පොදුජන එක්සත් පෙරමුණේ නායකත්වය දරන මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු එම පක්ෂයේ සියලුම මන්ත්‍රීවරු 13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සිය මතය ප්‍රකාශ කළ යුත්තේ තම ජනවරම පිළිබඳ සිහියේ තබාගෙන මිස ඊට පටහැනිව නොවේ.

එපමණක් නොව මේ වන විටත් උතුරු නැගෙනහිර සිංහල ජනතාවට සිදුවන විවිධ අසාධාරණකම් පිළිබඳ කිසිවෙක් කතා නොකරයි. නැගෙනහිර පළාතේ බුද්ධශාසන අමාත්‍යාංශය මඟින් අනුමත කළ විහාරස්ථානවල පවා ඉදිකිරීම් නවත්වන ලෙස එම ප්‍රදේශයේ ද්‍රවිඩ දේශපාලන නායකයින්ගේ බලපෑම් මත නිලධාරීන් ක්‍රියාත්මක වී ඇති අයුරු පසුගිය දා දක්නට ලැබිණි. එවන් පසුබිමක් තුළ 13+ ක්‍රියාත්මක කළහොත් සිදුවන තත්ත්වය කටත් කිසිදු අපහසුවකින් තොරව තේරම් ගැනීමට පුළුවන.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙවියන් ඇස් පියන්… සීනිගම දේවාලයේ කෝටි ගණනක මුදල් වංචාවක් බෞද්ධ හා ආගමික කටයුතු අමාත්‍යාංශය හෙළි කරයි!

Next Post

අස්වීමේ සහතිකය ගන්න ගිය මහනුවර ඉහළ පෙළේ බාලිකාවක සිසුවියකට   අනධ්‍යන කාර්ය මණ්ඩලය පැය 03ක් හිංසනයට ලක් කරලා… 

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.