දිනසේන රතුගමගේ –
උතුරු මුහුද ආක්‍රමණය කිරීමේ වරද මත නාවික හමුදාව විසින් වරින් වර අත් අඩංගුවට ගැනීමෙන් පසුව රාජසන්තක වී ඇති ඉන්දීය ධීවර යාත්‍රා 210 ක් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසින් 11 දා නිරීක්ෂණය කළේය.
යාපනයේ කරෙයිනගර් නාවික හමුදා කදවුරු භූමියේ නවතා ඇති මෙම යාත්‍රා නිරීක්ෂණය කිරීම සදහා නාවික හමුදාවේ විශේෂ යාත්‍රාවකින් ගිය අමාත්‍යවරයා ඉන්දීය ධීවර යාත්‍රා පිළිබදව සම්පූර්ණ විස්තර ලබා ගෙන තිබේ.
ධීවර පනතට අනුව ඉන්දීය යාත්‍රා නාවික හමුදාවේ අත් අඩංගුවට පත් වූ විට එම යාත්‍රා අධිකරණමය තීන්දු මගින් රාජසන්තක වන නමුත් ඉන්දීය ධීවර සංගම් නියෝජිතයෝ අමාත්‍යවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් ඉල්ලා ඇත්තේ එම ධීවර යාත්‍රා ශ්‍රී ලංකාවේදී වෙන්දේසියකදී අලෙවි කොට ඉන් ලැබෙන ආදායමෙන් යම් කොටසක් ඉන්දියාවේ ධීවර යාත්‍රා වල අයිතිකරුවන්ට ලබා දෙන ලෙසයි.
අමාත්‍යවරයාගේ මේ සංචාරයේ මූලික අරමුණ වූයේ දැනට අත් අඩංගුවේ පවතින එම ඉන්දීය ධීවර යාත්‍රා සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියා මාර්ගයන් අධ්‍යයනය කිරීමයි.