දිනසේන රතුගමගේ –
වවුනියාව හා කන්කසන්තුරේ අතර දුම්රිය ධාවනය අද (02) සිට ඕමන්තට පමණක් සීමා කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඒ අනුව දැනට මෙම මාර්ගයේ ගමන් කෙරෙන යාල් රාණී දුම්රිය කන්කසන්තුරේ සිට පෙරවරු 6 ට ගමන් ආරම්භ කොට ඕමන්ත දක්වා පැමිණ යළි ආපසු කන්කසන්තුරේ බලා සවස 3.45 ට ගමන් ආරම්භ කරන්නේ ඕමන්ත දුම්රිය ස්ථානයෙනි.
මෙතෙක් මෙම මාර්ගයේ දුම්රිය ධාවනය කන්කසන්තුරේ සිට අනුරාධපුරය දක්වා සිදු වූ නමුත් උතුරු දුම්රිය මාර්ගයේ පිහිටි පාලම් අලුත් වැඩියා කිරීමට මාස තුනක කාලයක් යොදා ගෙන ඇති බැවින් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කන්කසන්තුරේ හා ඕමන්ත අතරද කොළඹ කොටුවේ සිට මහව දක්වා අතර කොටස තුලද පමණක් ක්රියාත්මක වෙයි.
මහව හා ඕමන්ත දක්වා අතර කොටස තුළ කිසිදු දුම්රියක් මාස තුනක කාලයකට ධාවනය නොවේ.







