සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උතුරු කොරියාවෙන් දකුණු කොරියාවට එවන කුණු බැලූන් !

by lankasara-editor
මැයි 29, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල –

උතුරු කොරියාව විසින් දේශසීමාව හරහා දකුණු කොරියාවට බැලූන් යොදාගනිමින් අපද්‍රව්‍ය එවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අද (29) එනම් බදාදා පස්වරුව වන විට බැලූන් 260 කට අධික ප්‍රමාණයක් දකුණු කොරියානු හමුදාව විසින් හඳුනාගෙන ඇති අතර ඒවායින් බොහොමයක් බිම පතිත වී ඇති බව සෝල් නගරයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානියා පවසා තිබෙනවා.

දකුණු කොරියානු හමුදාව විසින් නිකුත් කර ඇති ඡායාරූපවල ප්ලාස්ටික් බෑග් සවි කර ඇති වායු බැලූන පෙන්නුම් කර තිබෙන අතර කඩා වැටුණු බැලූන් වටා කුණු කසළ වැටී ඇති ආකාරය ද  දක්නට ලැබෙනවා. දකුණු කොරියානු මාධ්‍ය සඳහන් කරන්නේ ඇතැම් බැලූනවල සත්ව මළ මූත්‍රා ද තිබූ බවයි.

බැලූන් මගින් එවන ලද අපද්‍රව්‍ය මාර්ග මතට වැටී ඇති අයුරු

සෝල් නගරයෙහි පිහිටි ජනාධිපති කාර්යාලයේ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ දකුණු කොරියානු ජනතාව සහ රජය මෙමගින් කලබල වන්නේද, මෙවැනි තර්ජනවලට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂා කිරීමට උතුරු කොරියාවට අවශ්‍යව ඇති බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දකුණු කොරියානු හමුදාව මෙම ක්‍රියාව හෙළා දුටු අතර අද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙය පැහැදිලිවම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් වන අතර ජනතාවගේ ආරක්ෂාවට බරපතල තර්ජනයක් බවයි. එමෙන්ම දකුණු කොරියානු දේශසීමාව අසල ප්‍රදේශ වල ජීවත් වන ජනතාවට වඩාත් සැලකිලිමත් වන ලෙසට අනතුරු ඇඟවීම් ද සිදුකර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම මස මුලදී උතුරු කොරියාවෙන් දකුණු කොරියාවට පලා ආ පිරිසක් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් විවේචනය කරමින් පත්‍රිකා 300,000ක් පමණ රැගත් විශාල බැලූන් 20 ක් පමණ උතුරු කොරියාවට යවා ඇති බව වාර්තා වනවා. එමෙන්ම ප්‍රකට දකුණු කොරියානු සංගීත කණ්ඩායමක් BTS හි සාමාජිකයින්ගේ ගීත ඇතුළු ගීත සහිත USB 2,000 ක් පමණ එම බැලූනවල රඳවා යවා ඇති බව වාර්තා වනවා. උතුරු කොරියානු නායකයා දකුණු කොරියානු K-pop ගීත හඳුන්වන්නේ පිළිකාවක් ලෙසයි.

කෙසේ නමුත් උතුරු සහ දකුණු කොරියාව අතර මෙවැනි තත්වයන් උත්සන්න වන විට, විශේෂඥයින් අවධාරණය කරන්නේ මේ ආකාරයේ බැලූන් හුවමාරුව මිසයිලවලට වඩා බෙහෙවින් සුදුසු බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනමත විචාරණ ප්‍රකාශය විහිළු කාරයෙකුගේ කතාවක්… ජනපති එවැන්නක් කියා නෑ… රවී කරුණානායක කියයි!

Next Post

සරසවිවල වැඩ අඩපණයි… පිළිගත හැකි විසඳුමක් දෙනතුරු ආපසු හැරෙන්නේ නෑ… විශ්විද්‍යාල අනධ්‍යන සේවකයෝ කියති…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.