-
මේ වාහන 12 විකුණපු සල්ලිවලින් එක කැබ් එකක් ගන්න බෑ… මේ මොන විකාරයක් ද? දයාසිරි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි…
උතුරු මැද පළාත් සභාව විසින් රහසිගත ටෙන්ඩර් ක්‍රියාවලියක් හරහා සුඛෝපභෝගී රාජ්‍ය වාහන අසාමාන්‍ය ලෙස අඩු මිලකට අලෙවි කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.
මන්ත්‍රීවරයාට පෙන්වා දෙන්නේ සුඛෝපභෝගී වාහන 22 න් BMW එකක් සහ ටොයොටා ප්‍රාඩෝ තුනක් ඇතුළුව වාහන 12ක් වෙන්දේසි කර ඇති මුළු මුදල රුපියල් මිලියන 28 ක් පමණක් බවය. රජය විසින් වාහන ගෙන්විමේදි අය කරන බදු මුදල් ගණනය කිරීමකින් තොරව තක්සේරු කර විකිණූ මෙම වාහන 12 අලෙවි කර සොයා ගත් මුදලින් මිලදී ගත හැක්කේ ආණ්ඩුවේ ජනප්‍රිය වාහනයවන කැබ්රථත් එකක් පමණක් බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
හිටපු මහ ඇමතිවරයා සහ ආණ්ඩුකාරවරයා විසින් කලින් භාවිතා කරන ලද BMW රථයක් රුපියල් මිලියන 15 කට වඩා වැඩි වුවද, රුපියල් මිලියන 5 කට වඩා අඩු මුදලකට අලෙවි වූ බව ඔහු කියා සිටියේය.
පළාත් බලධාරීන් මහජන වත්කම් අවතක්සේරු කර ඇති බවත්, එම වෙන්දේසිය විනිවිදභාවය පවත්වා ගැනීමට අපොහොසත් වූ බවත් දයාසාරි ජයසේකර චෝදනා කරයි.
වෙළඳපොළට වඩා අඩු මිලකට වෙන්දේසි කිරීම සඳහා තවත් වාහන සූදානම් වෙමින් පවතින බවද ඔහු තව







