බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උතුරට චීන්නු ගෙන්නුවොත් අපි පාරට බහින්නෙ ඉන්දියාවත් එක්ක…

සංවර්ධනය යැයි කියමින් යාපනය චීන කොලණියක් කිරීම ආණ්ඩුවට පහසු වෙන්නෙ නෑ. සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් කියයි...

by editor
පෙබරවාරි 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

දූපත් ප්‍රදේශවලට විදුලිය සපයා දෙන මුවාවෙන්  චීන ජාතිකයින්ට යාපනය  අර්ධ ද්වීපය ආක්‍රමණය කිරීමට ඉඩ නොතබන බවත් රජය එසේ කිරීමට කටයුතු කළහොත් යළිත් දෙමළ ජනතාවගේ සහයෙන් විශාල උද්ඝෝෂණ මාලාවක් උතුරු නැගෙනහිර පළාත්වල පවත්වන බවත් ඊ.පී.ආර්.එල්.සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් හිටපු මන්ත්‍රීවරයා පැවසීය.

කිළිනොච්චියේ උත්සවයකට සහභාගී වෙමින් ජනතාවට අදහස් දැක් වූ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ මේ වන විට යාපනයේ දූපත් ප්‍රදේශ වලට විදුලි බලය ලබා දී තිබීම නිසා ජනතාවට  බලාගාර හරහා විදුලිය සපයාදීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.

රජය විසින් සිදු කිරීමට යන මේ සංවර්ධන ක්‍රියාවේ කොන්ත්‍රාත්තුව චීනයට  ලබා දීම නිසා යාපනය චීන ජාතිකයින් විසින් ආක්‍රමණය කරන බවත් ඒ තත්ත්වය රජය වර්තමානයේදී දෙමළ ජනතාව වෙසෙන පළාත් බලහත්කාරයෙන් ආක්‍රමණය කිරීමට වඩා බලවත් නිසා ඊට එරෙහිව දෙමළ ජනතාව යළිත් වරක් පාරට බස්සවා පොතුවිල් සිට පේදුරුතුඩුව දක්වා පැවැත්වූ විරෝධතාවයට වඩා දැඩි විරෝධතාවයක් සංවිධානය කරන බවත් ඊ.පී.ආර්.එල්.එෆ්.නායකයා කිළිනොච්චියේදී පැවසීය.

මේ වන විටත් යාපනය නගරයේ අවන්හල්වල හා වෙනත් ස්ථානවල චීන ජාතිකයින් සියයක් පමණ ගැවසෙන බව තමන් මීට කාලයකට පෙර අවධාරණය කළ බව සඳහන් කළ හිටපු මන්ත්‍රීවරයා ඒ වන විට මේ විදුලි බලාගාර ඉදිකිරීම සඳහා මූලික තොරතුරු අධ්‍යයනය කිරීමට මේ චීන ජාතිකයින් පැමිණි බව තමන් නොදන්නා බවද කියා සිටියේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

චීන ජාතිකයින් යාපනයට පමණක් නොව උතුරු පළාතටම පැමිණ සංවර්ධන කටයුතු කිරීම සම්බන්ධයෙන් දෙමළ දේශපාලන පක්ෂ හෝ දෙමළ ජනතාව කැමැත්තක් නොදක්වන බව ප්‍රකාශ කළ ඔහු කියා සිටියේ මේ වන විට ඉන්දියාවද චීන ජාතිකයින් යාපනයට පැමිණීම  කෙරෙහි විරෝධය පල කොට ඇති නිසා දෙමළ දේශපාලන පක්ෂ වලට විරෝධතා සංවිධානය කිරීමේදී ඉන්දියාවේ සහයද ලබා ගත හැකි බවයි.

පුනර්ජන්‍ය විදුලි බලාගාර ඉදිකිරීම නිසා මත්ස්‍ය සම්පත විනාශ වීමත් ධීවර කර්මාන්තයට විශාල බාධාවක් එල්ල වීමත් නිසා ඉන්දීය ධීවරයින් හා උතුරේ ධීවරයින් මේ ප්‍රශ්නයේදී එකමුතුව කටයුතු කරණු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද ඊ.පී.ආර්.එල්.එෆ්.නායකයා පැවසීය.

චීන ජාතිකයින් විසින් යාපනයේ දූපත් ප්‍රදේශවල සිදු කරණු ලබන මෙම බලාගාර ඉදිකිරීමේ කටයුත්තට ඉන්දියාව දැඩි ලෙස විරෝධය පල කොට ඇති නිසා ශ්‍රී ලංකා රජයට යාපනය ඇතුළු උතුරු පළාත චීන කොළණියක් බවට පත් කිරීමට නොහැකි බවද සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කිලිනොච්චි වැලි ජාවාරම්කරුවෝ මරා ගනිති… එක් අයෙක් මරුට… 03කට තුවාල…

Next Post

වි.ජ.මු. ලොකුබණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.