දිනසේන රතුගමගේ –
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ජුලී චන්ග් උතුරු පළත් ආණ්ඩුකාරිණී පී.එම්.එස්. චාර්ල්ස් හමු වී යාපනය ඇතුළු උතුරු පළාතේ දැනට පවතින සමාජ ආර්ථික අභියෝග සහ අවස්ථා පිළිබඳව ඊයේ (23) සාකච්ඡා කළාය.
පලාලි ගුවන් තොටුපලින් යාපනයට ගිය ඇමරිකානු තානාපතිවරිය උතුරු පළාත් ආණ්ඩුකාරිණී පී.එම්.එස්. චාර්ල්ස් විසින් පිළිගනු ලැබිණි.
පසුව යාපනයේ පෞද්ගලික හෝටලයකදී දෙමළ මන්ත්‍රීවරු කීප දෙනෙකු සමගද ඇමරිකානු තානාපතිවරිය සාකච්ඡා කොට තිබේ.
එම සාකච්ඡාවයට ධර්මලිංගම් සිද්ධාර්ථන් සෙල්වම් අඩෙයිකලනාදන් යන මන්ත්‍රීවරු සහ උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥානම් වූ අතර ඔවුන් දැනට ඔවුන්ට මුහුණ පෑමට සිදුව ඇති බෞද්ධකරණය, ඉඩම් කොල්ලය, ආණ්ඩුවේ වැරදි බදු ප්‍රතිපත්තිය හේතුවෙන් වෛද්‍යවරුන් සහ බුද්ධිමතුන් වැඩි පිරිසක් රට හැර යාම වැනි ප්‍රශ්න පිළිබඳව ඇමරිකානු තානාපතිවරිය දැනුම්වත් කොට තිබේ.
ඇමරිකානු තානාපතිවරිය මෙම සංචාරයේදී යාපනය පුස්තකාලය නැරඹිමටද ගොස් ඇත.