බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උණුසුමක් නැති තරගයක්… ඔස්ට්‍රේලියානුවෝ විස්සයි 20 ලෝක කිරුළ දිනති!

by editor
නොවැම්බර් 15, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

2021 ලෝක කුසලාන විස්සයි 20 කුසලානය ඔස්ට්‍රේලියාව විසින්  ඊයේ ( 14) රාත්‍රියේ දී  දිනා ගත්තේය. ඒ නවසීලන්තය කඩුලු 08කින් පරාජයට පත් කරමිනි.

කාසියේ වාසිය දිනා ගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට නවසීලන්තයට භාර දී පන්දු රැකීම තේරුවේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 172ක් ලබා ලබාත්තේය. එය සැලකිය යුතු ඉලක්කයක් වග පෙනුණි.  මුල් කඩුල්ල ලකුණු 28 දී දැවී ගියත් දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 48ක සබඳතාවයක් ගොඩනැගිනි. දෙවන කඩුල්ල ලෙස මාටින් ගප්ටිල් දැවී ගිය පසු පිටියට පිවිසි නවසීලන්ත නායක කේන් විලියම්සන් සහ ගේයින් පේල්ස් ඉතා අගනා සම්බන්ධතාවයක් ගොඩනැන්වීය. නායක කේන් විලියම්සන් පන්දු 48ක දී ලකුණු 85ක් රැස් කළේය. පන්දුවාර විස්ස අවසන දී කඩුළු 04කට ලකුණු 172ක් රැස් කරගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

නමුත් එය කෙතරම් පහසුවෙන් ලඟා විය හැකි කඩඉමක්දැයි ඔස්ට්‍රේලියානුවෝ පෙන්වූහ. පළමු කඩුල්ල ලකුණු 15ක දී දැවී ගිය බව සැබෑය. එහෙත් ඩේවිඩ් වෝනර් සහ මිෂෙල් මාර්ෂ් පන්දුවට පහර දුන්නේ තරගය තමන්ගේ කරගනිමිනි. පීඩනයක් අහලකවත් නොවීය. වෝනර් පන්දු 38ක දී ලකුණු 53ක් රැස් කළේය. මිෂෙල් මාර්ෂ් පන්දු 50ක දී ලකුණු 77ක් ලබා ගත්තේ තරගය නිමාවන තෙක් නොදැවී පිටියේ රැඳී සිටිමිනි. ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 18ක දී ලකුණු 28ක් රැස් කළේය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

පොදුවේ තරයේ අවසන් මහා තරගයක තිබිය යුතු තියුණු ජීවගුණය තිබුණේ නැති බව නම් කිව යුතුය.   අවසන් පූර්ව වටයේ දී ඔස්ට්‍රේලියාව සහ පාකිස්ථානය අතර පැවති තරගයේ ආශ්වාදය මීට වඩා බෙහෙවින්ම වැඩි වූ  බව ක්‍රිකට් ප්‍රේමීහු අවසන් මහා තරගය නරඹා කීහ.

දෙවැනි ඉනිම ආරම්භ වූ අවස්ථාවේ සිට ඔස්ට්‍රේලියානු පිතිකරුවන් පිතිකරණයේ යෙදුණු පීඩනය රහිත විශ්වාසනීය විලාශය තරගය තමන් සතු බව ප්‍රේක්ෂක අපට තහවුරු කළේය.

කිසිම නවසීලන්ත පන්දු යවන්නෙක් ඔවුන්ට  පීඩනයක් එල්ල කළේ නැත. තනතිල්ල මැද කොටා නවසීලන්ත දඟ පන්දු යවන්නන් ඉලක්කයෙන් තොරව එවූ පන්දුවලට ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ගේ පිළිතුරු නැවතුනේ පන්දුව ප්‍රේක්ෂකාගාර වෙත යොමු වීමෙනි.

ඔස්ට්‍රේලියානුවන් මව් රට බලා යන්නේ ලෝකයක් දිනා ගනිමිනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිරිල් ගාමිණී පියතුමන් හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවට එයි!

Next Post

රටට  නුසුදුසුනම් කුමන පරීක්ෂණ කළත්  එය නුසුදුසුමයි…මේ බලපෑම් සදාචාරාත්මක නෑ… මහාචාර්ය බුද්ධි මාරඹේ…

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.