ශ්‍රියානි විජේසිංහ –
රට පුරා රෝහල්වල පවතින උග්‍ර අක්ෂි කාච හිඟය නිසා සෑම රජයේ රෝහලකම අක්ෂි සැත්කම් ඇනහැටිය හැකි තත්ත්වයක් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ හේතුවෙන් අක්ෂි සැත්කම් පොරොත්තු ලේඛණයන්ට එකතුවන රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින වැඩිවෙමින් පවතින බව පැවසේ.
මේ වන විට වෛද්‍ය සැපයුම් අංශය තුළ පැවති අක්ෂි කාච වර්ග 9 ම රෝහල්වෙත බෙදා හැර ඇත.
ලංකාසර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායකගෙන් විමසු විට ඔහු සඳහන් කළේ අක්ෂි කාච සැපයුම්කරුවන් දෙදෙනෙකු සිටින බවත් එම සැපයුම්කරුවන් දෙදෙනා අතර ඇතිවී තිබෙන මතභේදාත්මක තත්වයක් හේතුවෙන් අක්ෂි කාච ගෙනඒම ප්‍රමාද වි ඇති බවත්ය.
කෙසේ නමුත් රෝහල්වල පවතින අක්ෂිකාච හිඟය මගහරවා ගැනීම සදහා හැකි ඉක්මනින් හදිසි මිලදී ගැනීමක් සිදුකිරිමට බලාපොරොත්තු වන බවත් ඔහු පවසයි.