බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊශ්‍රයාලටය යවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට යුද පුහුණුව දෙනවා.. හකීම් පාර්ලිමේන්තුවේ දී  කියයි… ඇමති ප්‍රතික්ෂේප කරයි!

by editor
නොවැම්බර් 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඊශ්‍රයාලයට යවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට යුද පුහුණුව ලබා දෙන බවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

මේ වනවිට ශ්‍රී ලංකාව කරමින් සිටින්නේ ගිනිගත් ගාසා තීරයේ වැසියන්ගේ නිවෙස්වලින් සුරුට්ටු පත්තු කිරීමක් බවත්,  ශ්‍රමිකයන් ඊශ්‍රයාලයට යැවීමට ගත් තීරණය සම්බන්ධව මැදපෙරදි තානාපති කාර්යාල කීපයක්  තමාට දැන්වූයේ එය සංවේදී අවස්ථාවක නොගත යුතු තිරීනයක් බවත් යැයි කීවේය.

ගාසා තීරයෙන් එන ශ්‍රමිකයන්ගේ අඩුව පුරවගෙන ගාසා තීරයේ අත්පත් කරගත් පලස්තීනුවන්ගේ භූමියේ රැකියා සඳහා යෙදවීමට මෙම ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යොදවන බවද  රවුෆ් හකීම් මන්ත්‍රීවරයා පාර්ලිමේන්නතුවේ දී පැවසුවේය.

වටේම සිටිනා අරාබි රටවල ශ්‍රී ලාංක ශ්‍රමිකයන් ලක්ෂ ගණනක් සේවය කරන බව කී මන්ත්‍රිවරයා ඒ රැකියා අවස්ථා අවදානමට ලක්කරමින් මෙවැනි අවස්ථාවාදී තීරණ නොගන්නා ලෙස දන්වා සිටියේය.

“ඉතාම සංවේදී කරාණාවක් ගැන කතා කරන්නේ.  ගාසා තීරයේ සිදුවන විශාල මානුෂීය යුද අපරාධ අස්සේ අපි  ඊශ්‍රයාලයට ශ්‍රමිකයන් යවනවා. ඒ වටේටම තිබෙන අරාබි රටවල් කීපයක ලාංකිකයන් වැඩ කරනවා.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

අපි කරන්න හදන්නේ  පලසතීනුවන්ගේ  ගෙවල් ගිනි ගන්නකොට සුරුට්ටු පත්තු කරනවා වගේ වැඩක්. ඒ විතරක් නෙමෙයි,  ඊශ්‍රයලායට දැනට යවන  අයට යුද පුහුණුවක් ලබා දීමේ සූදානමක් තියනවා. මේ යුද පුහුණුව නැවත අපට පාරාවළල්ලක් වෙන්න පුලුවන්. ඔවුන් මේ රටවලට ආවට පස්සේ.”

“ගාසා තීරයෙන් එන ශ්‍රමිකයන් අහිමි වීමත් එක්ක ඇතිවන පුරප්පාඩුවලටත්, පලස්තීනුවන්ගෙන් උදුරාගත් භූමියට ගිහින් වැඩ කරන්නත්  තමයි මේ අවස්ථාව ලබා දෙන්නේ.”

ඒකයි ඇත්ත කාරණාව. මේ ගැන අරාබි රටවල විදේශ තානාපතිවරු කීප දෙනෙක් කියා සිටියා මේක ඉතාම වැරදි වෙලාවක ගන්න වැරදි තීරණයක් හැටියට.”

“මේක හරියට  ජර්මනියේ නට්සි කරුවන් යුදෙව්වන් මරණකොට    ලාංකිකයන් ජර්මනියට යවනවා වගේවැඩක්. අපි ඒ වැඩක් කරන්නේ.  “

“දවස් පහයි සටන් විරාමය තියෙන්නේ . ඊට පස්සේ යළිත් ඊශ්‍රයාලය ප්‍රහාර පටන් ගන්නවා. “ රවුෆ් හකීම් මන්ත්‍රීවරයා කීවේය.

ඊට පිළිතුරු දුන් විදේශකටයුතු පිළිබඳ ඇමති මනුෂ නානායක්කාර ප්‍රකාශ කළේ මෙවැනි ජාතිවාදී ප්‍රකාශ කරමින්   මුස්ලිම් වරුන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගැනීම සඳහා රවුෆ් හකීම් මන්ත්‍රීවරයා කරන මෙවැනි ප්‍රකාශ සම්බන්ධව තමන් කණගාටුවන බවය.

රටක් ලෙස ශ්‍රී ලංකාව යුද්ධයට විරුද්ධ බව කී ඇමතිවරයා මුලින්ම හමාස් සංවිධානය  ඊශ්‍රයාලයට එල්ල කළ පහරදීම සම්බන්ධව කණගාටුව ප්‍රකාශ කළා සේම ඊශ්‍රයාලය විසින් ගාසා තීරයේ සිදුකළ විනාශයට සම්බන්ධව රජයක් ලෙස ශ්‍රී ලංකාව සිය කණගාටුව ප්‍රකාශ කර ඇති බවය.

කිසිම ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙකුට යුද පුහුණුව ලබා නොදෙන බවත්, ඔවුන් ගාසාවේ පලස්තීනුවන්ට අයත් භූමියේ වැඩ කිරීමට යොදවන බවට කළ ප්‍රකාශය මුලුමනින්ම  අසත්‍ය ප්‍රකාශයක් බවත් ඇමතිවරයා කීවේය.

ඔහු ප්‍රකාශ කළේ යුද්ධය පවතින කිසිම ප්‍රදේශයක් ආසන්නයේවත් සේවය කිරීමට ශ්‍රී ලාංකක ශ්‍රමිකයන් නොයවන බවය.

මෙැවනි ජාතිවාදී ප්‍රකාශ නොකරන ලෙස ද ඇමතිවරයා රවුෆ් හකීම් මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනය පොලිස් පහරදීම්වලින් මිය ගිය තරුණයාගේ මරණය සම්බන්ධව පොලිස් නිලධාරීන් 04ක් සැක පිට අත් අඩංගුවට!

Next Post

පොලිස්පති ඩී.සී.වික්‍රමරත්න විශ්‍රාම යයි… පොලිස්පති ධූරය සඳහා ජනපති විසින් ඉදිරි දින කීපය තුළ නිලධාරියෙක් නම් කිරීමට නියමිතයි..

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.