තවමත් මෙරට ක්‍රියාත්මක වන්නේ කොවිඩ් තුන්වන රැල්ල බැවින් ඊලග රැල්ල ට නමක් දෙන්නේ කවදාදැයි යන්න පිලිබඳව අප වසංගත රෝග විද්‍යා අංශයෙන් විමසන්නෙමු යැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුටාව පැවසුවේය.
ඔහු මේ බව පැවසුවේ අද පැවති පුවත් පත් සාකච්ඡාවේ දී මාධ්‍යෙව්දියෙක් නැගූ පැනයකට පිලිතුරු දෙමිනි.
මේ වන විට ඇතැම් වෛද්‍ය සංගම් අප මේ සිටින්නෙ හතරවන රැල්ලක් තුළ බවත් පස්වන රැල්ලද ළඟ ළඟම එන බවත් සඳහන් කර ඇතැයිද මෙහිදී මාධ්‍යවේදියා කියා සිටියේය.
හතරවන කොවිඩ් රැල්ලක් මෙරට ක්‍රියාත්ම වන බවට වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර නොමැති නමුත් අප මෙයට නමක් භාවිත කිරීම වරදක් නොමැති යැයිද අධ්‍යක්ෂවරයා පැවසීය.