මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවෙනි රන්දෝලි පෙරහර වීදි සංචාරය කරන්නේ අද (27)ය. මේ වනවිට, එනම් ඉකුත් 28 වැනිදා සිට ඊයේ වන තෙක් ඇසළ පෙරහර මංගල්‍යය නැරඹීම සඳහා මිලියනයකට වැඩි සංඛ්‍යාවක් පැමිණ සිටි බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක කියා සිටියේ ය.
ඊයේ දිනයේ පමණක් පළමු රන්දෝලි පෙරහැර නැරඹූ පිරිස තුන් ලක්ෂ හැට දහසක් බව ද ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා ප්‍රකාශ කළේය.
අද (27) මේ මොහොත වන විට දෙවැනි රන්දෝලි පෙරහර වීදි සංචාරය කරන වීදි සියල්ල ජනතාවගෙන් පිරී ඉතිරී ගොස් ඇති බවද මහනුවර නගරයට වාහන ඇතුළු කිරීමේ විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වනබවද හෙතෙම කීය.
සමස්ථ ආරක්ෂාව සඳහා සීසීටීවී කැමරා පද්ධති සවි කළ විශේෂ පොලිස් මෙහෙයුම් රථ වාහන යොදා ඇති බවද ජනතාවගේත් දළදා මාලිගාව සිව් මහා දේවාල ඇතුළු පෙරහර ශිල්පීන් ගේත් ආරක්ෂාව වෙනුවෙන් විශේෂිත රක්ෂිත වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවත් ඔහු කීය.