සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊයේ මහ වැස්සක්… ගාල්ලවැසි ජලයෙන් යටවෙයි…  අලුත් නගරසභා පරිපාලනයත් ෆේල් ද?

by editor
දෙසැම්බර් 21, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ගාල්ල නගරයට ඊයේ (20) පස්වරුවේ ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාවත් සමග  ගාල්ල නගරයේ ප්‍රධාන මාර්ග රැසක් වැසි ජලයෙන් යටවීම නිසා නගරවැසියන් මෙන්ම මගී ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට හා අපහසුතාවයන්ට ලක්වුහ.

ධාරාණිපාත වර්ෂාවත් සමග ගාල්ල මහාවීදිය, ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ පළතුරු වෙළදසැල ඉදිරිපිට, ගාල්ල වක්වැල්ල මාර්ගයේ පොලිසිය ඉදිරිපිට, ගාල්ල බද්දේගම ප්‍රධාන මාර්ගයේ  දංගෙදර, සරෙන්තුකඩේ හන්දිය, තලාපිටිය, තනිපොල්ගහ,  බෙලිගහ ඇතුළු මාර්ග රැසක් මෙන්ම  සංචාරක ගාලු කොටුවේද මාර්ග කීහිපයක් ජලයෙන් යට වී තිබුණි.

ජලය බැසයාම සදහා ඇති කාණු පද්ධති අවහිරවීම, අක්‍රමවත් කාණු පද්ධති, අනවසර ඉදිකිරිම්,  ආදි හේතුන් නිසා  වැසි ජලය බැසයාමට නොහැකිවිමෙන්  සුළු වර්ෂාවකට පවා ගාල්ල නගරයේ ඇතැම් මාර්ග ජලයෙන් යටවන බව නගරවැසියෝ පවසති.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ගාල්ල නගර ආශ්‍රිතව වැසි ජලය බැහැර නොවීමේ ව ගැටපුව සඳහා ලබා දිය යුතු විසඳුම් පිළිබඳව  මෙම වර්ෂයේ ජුනි මස පැවති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්විමේ දී  සාකච්ඡාවට ලක්විය. ගාල්ල නගරය ආශ්‍රිතව වර්ෂා ජලය බැහැවීමේ  ගැටලු පවතින  ස්ථාන 14ක් හඳුනාගෙන ඇති බැව් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී අනාවරණය විය. හඳුනාගත් ස්ථානවල කාණු පිරිසිදු කිරිම හා  අවහිරතාවයන් වැලැක්විමට අදාළ කටයුතු  සියයට අසුවක් අවසන්කොට ඇති බවත් බෝක්කු කටවල් මුහුදට සම්බන්ධවන ස්ථාන වල වැලි බාධක යෙදීමට  රුපියල් මිලියන 5.8ක ඇස්තමේන්තුවක් සකස්කර  ගාල්ල මහනගර සභාවට ලබා දී ඇති බවත්  සම්බන්ධීකරණ කමිටු රැස්විමේ දි අනාවරණය විය.

කෙසේවුවද  ගාල්ල නගරයේ ගංවතුර පාලනයට මේ වනතෙක් විසඳුමක් ලබාදීමට  බලධාරින්ට නොහැකිවි තිබුණි. පසුගිය පාලන කාලයේ දී උපාය මාර්ගික  නගර සංවර්ධන  වැඩසහන යටතේ  ගාල්ල නගරයේ  ගංවතුර පාලන ව්‍යාපෘතිය සඳහා  උපදේශන සේවා වෙනුවෙන්  රුපියල් මිලියන 21.49ක මුදලක් ගෙවා තිබු නමුත්  මෙම ව්‍යාපෘතිය අතරමග නතරකිරීම හේතුවෙන්  ව්‍යාපෘතියේ අරමුණ ඉටුකර ගැනීමට නොහැකිවී ඇති බැව්  ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් ද අනාවරණය වී තිබුණි.

මෙම  ව්‍යාපෘතිය යටතේ  ගාල්ල නගරයේ ගංවතුර පාලනය සඳහා තත්ත්වය හඳුනාගත්  ගංවතුර පාලන කාණු පද්ධති 16ක්  ඉදිකිරිමට අවශ්‍ය ඉඩම්  පවරා නොගැනිම නිසා  ඉදිකිරිම් කටයුතු කළ නොහැකිවි තිබුණි.

එමෙන්ම  ගාල්ල මොරගොඩ  ප්‍රධාන ඇළ සහ  පන්සල් අතුරු මාර්ගය ඉදිකිරිමේ  ව්‍යාපෘතියේ මුල් කොන්ත්‍රාත් වියදම  රුපියල් මිලියන  845කි. ඇල මාර්ගයේ මුලු දිග මිටර් 4250කි. එහෙත්   ඇල මාර්ගයෙන් නිමකොට තිබුණේ  මිටර් 1850කි. ඒ සඳහා රුපියල් මිලියන 397ක මුදලක් වැයකොට තිබුණි. මේ හේතුවෙන්  මෙම ව්‍යාපෘතියේ  සම්පුර්ණ ප්‍රතිලාභ  ජනතාවට  අත්කරගැනිමට නොහැකි වූ බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

මේ පිළිබදව ගාල්ල මහනගරාධිපති සුනිල් ගමගේ ගෙන් අප කළ විමසුමකදි මෙසේ කිවේය.

“ ගාල්ල නගරයේ  ඇතැම් ගොඩනැගිලි  ඉදිකරලා තියෙන්නේ කාණු පද්ධති මත. පසුගිය කාලයෙ කාණු පද්ධති අවහිරකරමින් අනවසර  ඉදිකිරිම් කරලා තියෙනවා. ඇතැම් කාණු පද්ධති නගර සභාවේ සේවකයින්ට ශුද්ධ කරන්න බැහැ. කොන්ක්‍රිට් දමලා කාණු පද්ධති වසා දමලා. ඇතැම් පදික වෙළදුන් සියලු අපද්‍රව්‍ය කාණු පද්ධතිවලට මුදාහරිනවා. “

“ඉදිරියේ දි  සියලුම අනවසර ඉදිකිරිම් කඩා ඉවත් කිරිමට කටයුතු කරණවා. ගාල්ල නගරයේ සමස්ත කාණු පද්ධතියම එකම සැලැස්මකට අනුව  නැවත සකස් කළ යුතුයි. පළතුරු වෙළඳසැල ඇති  තැන  මුහුදට සම්බන්ධවන බෝක්කු කටවල් වැලි පිරිලා තිබුණේ…  එම වැලි ඉවත් කිරිමට කටයුතු කළා. නමුත් වාරකන් කාලය නිසා නැවත  එම බොක්කු කටවල් වැලිවලින්  අවහිරවෙලා තියෙනවා. පැය දෙකක් ඇතුළත ජලය  බැස ගියා.” යැයිද නගරාධිපතිවරයා  සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බුදුන් දුටු හිමිවරු….

Next Post

ඇල්පිටියෙන් කෝටි 09ක් වටිනා අයිස් කිලෝ 08ක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.