බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊයේ පමණක් මරණ 101… කොවිඩ් වෙනුවට කොවිඩ් මරණ කළමනාකරණය කර රටක් ආදාහනය කරන හැටි

by editor
ජූනි 11, 2021
in පුවත්
covid

Family members wait for their turn to cremate their loved one, who has passed due to Covid-19 at a crematorium in New Delhi, India, April 27, 2021. Saumya Khandelwal for TIME

Share on FacebookShare on Twitter

වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්ත අනුව ඊයේ (10) ලංකාවේ දිනකට වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව සියය ඉක්මවා ගියේය. ඒ අනුව ඊයේ  වාර්තාවන මරණ සංඛයාව 101කි.  දැන්  රටේ කොවිඩ් මරණ සංඛ්‍යා දෙදහස ඉක්මවා ඇත. මේ වනවිට වාර්තාවන සමස්ථ මරණ සංඛ්‍යාව 2011කි.

එය නිල වශයෙන් තවමත් වාර්තා කරගත නොහැකිව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කල්මරමිනි. ආණ්ඩුවේ කොවිඩ් මරණ වර්තා කිරීමේ කළමනාකරණ නිරුවත හෙළි වෙමින් ඇත. ඔවුන්ගේ මරණ කළමනාකරණයේ අලජ්ජී බව සබුද්ධික මිනිස්සු ප්‍රශ්න කරමින් සිටිති.

ඊයේ මරණ සංඛ්‍යාව තවම නිල වශයෙන් වාර්තා කර නැත. පෙරේදා (09) ,පළමුදා (08) ඊට පෙර 07 වැනිදා සහ 06 වැනිදා සෞඛ්‍ය අධ්‍යක් ජනරාල්වරයා එදිනට අදාල එක් මරණයක් හෝ වාර්තා කළේ නැත. 05 දා වාර්තා කළේ එදිනට අදාල 01 මරණයකි. මරණ හතලිස් ගණන් පනස් ගණන් වාර්තා කරමින් තිබුණේ සති ගණනක් පුරා පැතිරී ගිය වාර්තා නොකළ මරණවල එකතුවකිනි.
මරණ වාර්තා නොවූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ප්‍රකාශ කළ සෑම දිනයකම අප දැනුවත්ව කරාපිටිය, නුවර, රාගම, පේරාදෙණිය මෙන්ම කොළඹ ජාතික රෝහල් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ විස්සකට වැඩි ප්‍රමාණයක් පශ්චාත් මරණ පරීක්ෂණකර තහවුරු කර වාර්තා කර තිබිණි.

මේ වනවිට ඊයේ වාර්තාව කළ මරණ 101 අඩු කර වාර්තා කිරීමේ ප්‍රයත්නයක බලධාරීහු නිරතව සිටිති.
මොවුන් මේ මරණීය ඛේදවාචකය සඟවන්නේ කවරෙකුට දැයි ප්‍රශ්න කිරීමේ මොහොත එළඹී තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

තවමත් නිල වශයෙන් අප්‍රකාශිත ඊයේ මරණ 101ත් සමග  මෙරට කොවිඩ් ආරම්භයේ සිට මේ දක්වා (11) නිල වශයෙන් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 2011කි.

මේ මරණ සංඛ්‍යාව සිදුවී තිබෙන ආකාරය විශ්ලේෂණය කර බැලූ විට   මෙරට පළමු කොවිඩ් රෝගියා වාර්තා වූ දින සිට පසුගිය 2021 මැයි 31 ක් වෙනදා තෙක් සිදු වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව. 1527කි.  මේ අතරින් මැයි මාසයේ දී පමණක් සිදුවී ඇති මරණ සංඛ්‍යාව 816කි. එම මරණ සංඛ්‍යාව ප්‍රමාද වී වාර්තා කළ මරණ ලෙස ගනිමින් මේ මොහොතෙත් වෙනස් කරමින් ඇත.

තුන්වන කොවිඩ් රැල්ල මැයි මාසය තුළ පමණක් මොනතරම් බරපතල වී තිබෙන්නේද යන්න ඉන් මනාව පෙනේ.
මේ වනවිට සිදුව තිබෙන මරණ සංඛ්‍යාව 2011කි. මේ සිදු වූ මරණ කොටසින් කොටස විශ්ලේෂණ කළ බැලූ විට අර්බුදයේ බිහිසුණුකම පෙනේ.

පළමුවන මරණ 500 සිදු වීමට ගත වන කාලය දින 343 කි. එය දළ වශයෙන් අවුරුද්දක පමණ කාලයකි.
දෙවන මරණ 500 සිදුවීම සඳහා ගත වූ කාලය දින 72 කි. එය මාස දෙකහමාරක පමණ කාලයකි.
තුන්වන මරණ 500 සිදුවීමට ගත වි ඇත්තේ දින 13කි.  එනම් සති දෙකකටත් වඩා අඩු කාලයකි.
අවසාන මරණ 500 වාර්තා වන්නට ගත වන්නේ දින 07ක් පමණි. ඊයේ පමණක් මරණ 101කි.

මරණ ප්‍රකාශ කිරීම කළමනාකරණය කර දත්ත හංගා මේ රට ගමන් කරන   බිහිසුණු ව්‍යසනය යට ගැසීම මොනතරම් තුච්ඡ අපරාධයක් දැයි අප මේ රටේ සෞඛ්‍ය බලධාරීන්ගෙන් ප්‍රශ්න කළ යුතුය. 

වසංගතයක දී රට සම්බන්ධ තීන්දු ගන්නේ විද්‍යාත්මක දත්තතයන්ය. මේ නින්දිත සූදුව කෙළින්නේ මේ රටේ හෙළිදරව් විය යුතු දත්ත සමුච්ඡයන් සමගිනි.

කොවිඩ් 19 රෝගීන් 1000ට සිදුවී තිබෙන මරණ සංඛ්‍යාව සලකා බැලීමේදී වැඩිම ප්‍රමාණයක් මරණය පත්ව ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි. එය කොවිඩ් රෝගීන් 1000ට මරණ 20කි. දෙවනුව වැඩිම කොවිඩ් මරණ අනුපාතය බදුල්ලෙනි. රෝගින් 1000කට මරණ 17ක් සිදුව තිබේ.  නුවරඑළිය දිස්ත්‍රික්කයේ මෙම අගය රෝගීන් 1000ට 16කි.

දත්ත විශ්ලේෂණය කර නිසි සැලැස්මක් අනුව වසංගත රෝග විද්‍යා අංශය මුල සිටම කටයුතු කළේ නම් කොවිඩ් මරණ ගැන මෙතරම් බරපතල ලෙස කථා නොකර සිටීමට තිබුණ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය හංසමාල් වීරසූරිය අපට කියයි.

අප යළිත් ඉල්ලා සිටින්නේ මේ කාලකණ්ණි සූදුව නොකරන ලෙසය. අප පුරුද්දට රැවටෙන මිනිස්සුය. පුරුද්දට රවට්ටන මිනිස්සුය. එහෙත් මේ මොහොතේ අපව රවට්ටමින් මේ කරන්නේ කිසිම ශිෂ්ට සම්පන්න රටක් නොකරන මාරාන්තික ම්ලේච්ඡ විහිලුවක් බව මහත්වරුනි… ඔබට කිව යුතුව ඇත.

ෙඇඟේ හයියට කොවිඩ් මර්ධනය කළ නොහැකි බව යළි යළිත් තහවුරු කර ඇති ප්‍රභූන් තවමත් කරඬු සේ තබා ගනිමින් අනිල් ජාසිංහලා පරිසරය ගැන බලාගන්නටත්, අමල් හර්ෂලා පශු සම්පත් රකින්නටත් පත් කළ විද්‍යාත්මක පත්වීම් ඇතුළු සමස්ථ නොහැකියාවෙන් වන්දි ගෙවන්නෙ රටය.

මේ අප හොඳටම කළ ආකාරයේ මරණීය ප්‍රතිඵලය ය.


Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

“ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුවට වඩාත් සුදුසු හවුල්කරුවා ඉන්දියාවයි”- ඉන්දීය මහකොමසාරිස් ආයෝජන සැසියේදී කියයි

Next Post

ජනප්‍රිය රංගන ශිල්පී සැන්ඩෝ හැරිස් අභාවප්‍රාප්ත වෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.