අද අරගලයේ නව වන දිනය ය. විශාල උද්‍යෝගයයකින් මිනිස්සු මේ මොහොතෙත් ගෝල්ෆේස් භූමිය වෙත ඇදෙමින් සිටිති.
ඊයේ රාත්‍රිය ගෙවුනේ අතිශය නිර්මාණශීලී සංස්කෘතික වැඩසටහන් සහ ශාන්තිකර්ම සමගිනි. අරගලයට සහ අරගලකරුවන්ට දේව ශාන්තිය පතා 18 සන්නිය ශාන්තිකර්මයක් අරගල භූමිය තුළ පැවැත්විනි.

වඩාත්ම ජනතා අවධානයට ලක්වූ ශාන්ති කර්මය වූයේ මළපෙරේතයෙක් වැසී ඇතැයි විශ්වාස කරන ඥානක්කා නැමැති කාන්තාවගේ මලපෙරේත බන්ධනය ඉවත් කිරීම වෙනුවෙන් මාතර පාරම්පරික කට්ටඬි මහත්වරුන් පිරිසක් පැමිණ කළ යාගය ය.
ගෝඨාගෝගමේ පැවති මෙම යාගය ඉතාම ක්‍රමානුකූල පාරම්පරික විධි නියමන්හි පිහිට පැවැත්වුණු අතර විශාල ජන සහභාගීත්වයක් හා අශීර්වාදයක් ද ඊට දක්නට ලැබිනි.

මේ එම ශාන්තිකර්මය පැවති අවස්ථාවය. සමාජ මාධ්‍යයේ පලවී තිබුණේ මිත්‍ය දෘෂ්ටි ලෙස හඳුන්වන විකල්ප යාතුකර්ම සම්බන්ධව විශ්වාසය තැබූ පාලකයින්ට නිර්මාණශීලීව ගොල්ෆේස් තරුණයන් පිළිතුරු ලබා දෙමින් සිටින බවය.







