මෙරට තුළ ඊයේ දිනයේදී සිදුවූ තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
ඊයේ (10) සිදුව ඇති එම මරණ සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 13,354ක් දක්වා ඉහළ ගොස් ඇත.
එම මරණ අතර පුරුෂයින් 11ක් හා කාන්තාවන් 12ක් සිටී.
මෙය කලකට පසුව දිනක් තුළ වාර්තා වූ අඩුුම කොවිඩ් මරණ සංඛ්‍යාවයි.