සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අද කොවිඩ් මරණ 08ක් වාර්තා කළේය. ඒ ජනවාරි 06 දා සිට 11 දක්වා සිදු වී ඇති ප්‍රමාද වී වාර්තා කළ මරණය. ඒ මරණ 08න් 04ක් සිදුවන්නේ කොළඹ නාගරික බල ප්‍රදේශය තුළය. තවත් එක්ක කොළඹට නුදුරු රාජගිරියේය.
පසුගිය 06 වැනිදා වැලිකඩ බන්ධනාගාර රැඳවියෙක් කොවිඩ් ආසාදිතව මිය ගොස් තිබිණි. ඔහු කොවිඩ් ආසාදිතව මිය යන්නේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන්නටත් පෙරය. මරණයට හේතුව බව වාර්තා වන්නේ කොවිඩ් නියුමෝනියා තත්වය ය.
07 වැනිදා රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි පිිරිමි පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතව මිය ගියේය.
ජනවාරි 08 දින සිදුවී ප්‍රමාදව වාර්තා කරන මරණ දෙකම වයස 45ට අඩු පුද්ගලයන්ගේය. මට්ටකුලිය ප්‍රදේශයේ 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් හා කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි කාන්තාවක් කොවිඩ් නයුමෝනියාව නිසා මියගොස් තිබිණි. ඇය මියගොස් තිබුණේ නිවසේ දී ය.
ජනවාරි 10 දින මිය ගිය පුද්ගලයන් තුන්දෙනෙකුගේ මරණ ද වාර්තා කර ඇත. කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙක්, බණ්ඩාරගම ප්‍රදේශයේ 70 හැවිරිදි , දකුණු කළුතර ප්‍රදේශයේ 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙසේ මියගොස් තිබිණි.
ඊයේ (11) කාත්තන්කුඩි ප්‍රදේශයේ දී මිය ගිය 57 හැවිරිදි පිිරිමි පුද්ගලයෙක් ගැන වාර්තා කර ඇත.
එමෙන්ම ඊයේ (11) දිනයේ කොවිඩ් ආසාදිත පුද්ගලයන් 568ක් රජය විසින් වාර්තා කළේය. ඉන් 04 දෙනෙක් බන්ධනාගාර රැඳවියන්ය. ඉතිරි 564 පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වූ බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. ඒ සමගම කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිත සංඛ්‍යාව 45000 ඉක්මවා ගියේය.
මේ වනවිට වාර්තා වන සමස්ථ ආසාදිත සංඛ්‍යාව 45186කි.