බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉහළ ඇවරියේ මාලිමාවුනි… අමන මරි උද්දච්ඡකමින් මිදී පොළොවේ පය ගසාගෙන පොලිසිය ආණ්ඩුවට කෙළවෙන කෙළවිල්ල දැක ගනිල්ලා…

by editor
ජූලි 31, 2025 - Updated on අගෝස්තු 1, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලෙකු කුමා විසිනි –

  • හොඳම කෑල්ල කරන්නේ පොලිසිය… තවමත පොහොට්ටුවේ හිටපු හෙංචයියන්ටත් ඇඹරී නීතිය අවලමේ යවන පොලිස් හිපාටුවන් පාලනය කළ නොහැකි නම්  මේ ආණ්ඩුවට අබ සරණය…  

රන් ආලේපිත ටී පනස් හය වර්ගයේ ගිනි අවියක් ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් නඩු පවරා තිබූ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක එම නඩුවෙන් මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා සිල්වා නියෝග කර තිබේ.

එම ගිනි අවිය සන්තකයේ තබා ගැනීම පිළිබඳව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකට එරෙහිව සෘජු හෝ පර්යේෂණ සාක්ෂි නොමැති වීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරිය මෙම තීන්දුව ගත් බව අනාවරණය වේ.

වැල්ලවත්ත පොලීසිය මගින් රන් ආලේපිත ගිනි අවියක් සන්තකයේ තබා ගන්නා ලදැයි චෝදනා කරමින් අත් අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා පසුගිය මැයි 23 වන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාරගත කෙරිණි. පසුව ජුනි මස 16 වන දින ඔහු ඇප මත මුදා හරින ලදී.

මේ සිදුවීම ගැන අපට ඇත්තේ වෙනම කියවීමකි. හිටපු අමාත්‍යවරයා අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර පසුව නඩුවෙන් මුදා හැරීම හරියට කුඩා සන්දියේ අප කළ හොරා පොලිස් සෙල්ලම වාගේය.  පොලිස් දෙපාර්තමේන්තුව යනු එසේ මෙසේ තැනක් නොවේ. එහි අබ්බ ගොබ්බයන් රාජකාරි කරන්නේ නැති බවද සියයට දෙසීයක් විශ්වාසය. දුමින්ද  දිසානායක මෙරට දේශපාලනයේ ප්‍රබල ක්‍රියාකාරික යෙකි. මේ නිසාම ඒ සිද්ධිය හුදකලා සිදුවීමක් ලෙස අපට මග හැර යන්නට නොහැකි වී ඇත. ඒ මෙරට දේශපාලන කරළියේ  සිදු කෙරෙන ඩීල් හා ගේම් ගැන අප හොඳහැටි දන්නා නිසාය.

අපේ රටේ ගැමියන්ගේ සූදු පොළවල් වල කොළය වසා ගහන ගැහිල්ල කියන්නේ බූරුවා ගැහිල්ලට සම්බන්ධ අයවළුන් ඇස් වසා කරන තක්කඩි වැඩකි. දුමින්ද දිසානායක හදිසි කුලප්පුව හැදී බන්ධනාගාර ගත කිරීම  සීඅයිඩීය විසින් සිදු කරන ලද කොළය වසා ගැහිල්ලක් දැයි අපට සැකයක් මතුවේ. මහේස්ත්‍රාත් වරිය ඔහු නඩුවෙන් මුදා හරින්නේ සෘජු හෝ පර්යේෂණ සාක්ෂි ඔහුට එරෙහිව නැති නිසාය. එසේ නම් දුමින්ද දිසානායක අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කෙරුවේ කාගේ කැසිල්ලකටද  යන්න ගැන ආණ්ඩුවේ බලධරයන් ගේ අවධානය යොමු විය යුතු කාරණයකි.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ගාල කඩාගත්තු හරක්…

පොලීසිය දැන් රාජකාරි කරන්නේ ගාල කඩාගත් හරකුන් විදියටය. එහෙත් පොලිස් නිළධාරීන් අපරාධ නඩු විධාන සංග්‍රහය දණ්ඩ නීති සංග්‍රහය පොලිස් ආඥා පනත ආදී හැට හුටාමාරක් අණ පණත් වල සඳහන් විධානයන් ඉතා ශ්‍රද්ධා වන්තයන් විදියට අනුගමනය කරමින් රාජකාරි කරන බවට ආණ්ඩුව විශ්වාසය තබා සිටී. ජාජබ ආණ්ඩුව බලයට පත් වූ දින සිට පොලීසිය පෙහෙවස් සමාදන් වූ උපාසකයන් බවට පත් වී ඇතැයි ආණ්ඩුවේ කෙරුම්කාරයන් ගේ අදහස වී තිබේ.

ආණ්ඩුව සිතාගෙන සිටින මේ අදහසේ ඇත්ත නැත්ත තේරුම් ගන්නට නම් ගම් දනව්වල ජීවත්වන මාලිමා පාක්ෂිකයන් ගෙන් ඒ ගැන අසා විමසිය යුතුය. එවුන් කට අරින්නේම ජාජබයේ කෙරුම්කාරයන්ගේ අම්මා මෝ  නැතිව පට්ට ගහගෙනය. ඒ තරමට ජාජබ ආණ්ඩුවේ පොලිස් කෙරුවාව මාලිමාවුන්ට දැනී  තිබේ. මේ දැනීම එක්තරා ආකාරයක විඳවීමකි. යම් සාධාරණ හේතුවකට පොලීසියේ පැමිණිල්ලක් දමන මාලිමාවෙකුට සිද්ධ වී ඇත්තේ පොලීසියේ චන්ඩි පාට් අසා පල්ලම් බහින්නටය. ඒ මන්ද යත් විත්තිකාර පාර්ශවයේ එකා පොලීසියට එන්නේ පරණ පුරුදු පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීයාගේ රෙකමදාරුව පිටය.

ඒ නිසාම පැමිණිලි විභාග කිරීමේදී පොලීසිය ගන්නේද අර පරණ දේශපාලන කෙරුම්කාරයන්ගේ පැත්තය. මාලිමාවා ගැන කතා කරන්නට ගෝ පයියෙක්වත් නැති බව පොලීසියද දනී. ඒ නිසාම මාලිමාවා පොලීසියෙන් එළියට බහින්නේම ආණ්ඩුවට “තුක් නොදකින්” කියා ගෙනය.

අප දන්නා ආකාරයට ජාජබයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ සිට කැබිනට් ඇමතිවරයා දක්වා පොලීසියේ රාජකාරියට මැදිහත් නොවන ලෙසට උපදෙස් ලැබී තිබේ. ඒ නීතියේ සාධාරණයට ඉඩ දීමටය.  එහෙත් අපට නම් දැනී ඇත්තේ ගම්වල මාලිමා  ඡන්ද පදනම ඉතා වේගයෙන් පොලීසියෙන් කඩා විනාශ කරමින් සිටින බවය. පොදු ජන පෙරමුණු ආණ්ඩුව නියෝජනය කළ දේශපාලඥයන් තමන්ට රිසි සේ පොලීසිය හසුරවමින් සිටින බවය.

මේ විදියට තව අවුරුද්දක් ගෙවී ගිය විට ගම්වල මාලිමාවට ඉතිරි වන්නේ ඇට්ටකුණා වුන ජෙවීපී කාරයන් දෙතුන් දෙනා පමණය. අප මේ ලියන්නේ පොලිස් රාජකාරිය දේශපාලන බලහත්කාරය මගින් හසුරවිය යුතු බව නම් නොවේ. පොලිසියට ස්වාධීනව තමන්ගේ රාජකාරිය කිරීමට තරම් ශික්ෂණයක් නැති බව කියා දීමටය. ජාජබ ආණ්ඩුව බලයට පත් වන තුරුම ගමේ පොලීසිය හැසිරුවේ පොදු ජන පෙරමුණේ ඇම්බැට්ටයන්ය. ඒ දවස්වල පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒඇස්පී මහත්තයාටත් වඩා කෙරුම්කාරයෙකි. ජාජබ ආණ්ඩුව බලයට පත් වූවද පොලීසියේ වැඩ වන්නේ පරණ පුරුද්දටය. පොහොට්ටු දේශපාලන හෙංචයින්ට තවමත් පොලීසිය පරාණ බයෙනි.

අප මේවා ලියන්නේද නිකම් ඉන්න බැරි කමට නොවේ.මේ මහ පොළොවේ ජීවත්වන අපට ඇහැට කණට පෙනෙන ඇසෙන ඒවා නොලියා කමෝන් කොම්රේඩ්ලා කියා උඩ දාන්ටත් පූළුවන. එහෙත් ජාජබය බලයට පත් කිරීමට අපගේ කතිරය ගැසුවෙි බොහෝ අපේක්ෂාවන් ඇතුවය. ඒ නිසාම පරණ තක්කඩි පෝරිසාදයන් රැළ බලයට ගෙන ඒමට අප  තවමත් සූදානම් නැත.

උද්දච්ච අමනකම

ඒත් කරුමයට වාගේ ජාජබ ආණ්ඩුුවේ බොහෝ කෙරුම්කාරයන් ඉන්නේ අමුතු උද්දච්ච ආතල් එකකය. ගම්වල මාලිමාව කෙතරම් නාය ගොස් තිබේදැයි කියන්නේ නම් මාලිමාවට කතිරය ගැසූ බොහෝ අයවළුන් දැන් පවසන්නේ “අප තවමත් විශ්වාස කර ගෙන ඉන්නේ ජනපති අනුර කුමාර සහෝදරයා පමණක්” බවය.

දුමින්ද දිසානායකගේ  රන් ආලේපිත ටී 56  සිදුවීම ගැන අපගේ කියවීමද ඇත්තේ මේ වටපිටාව තුළය. ගමේ පොලීසිය මේ වන විට පරණ හොරු අල්ලා උසාවියට කුදලාගෙන එන බව ඇත්තය. ගමේ පොලීසියට ඒ ෂෝ අදාල නැත. ඒ නිසාම ආණ්ඩුවේ මුඛ පූට්ටු වන ආකාරයට විපක්ෂයෙ  ප්‍රබලයකුට බොරු චෝදනාවක් පටලා උසාවි ගෙන යාමද සිදු කරන්නට බැරි නැත. පොලීසියේ පොහොට්ටු උපාසකයන් එවැන්නක් කරන්නේ විපක්ෂය දැනුවත්ව වෙන්ටත් පුළුවන.

දින ගාණක් බන්ධනාගාර ගත කරන විපක්ෂයකු කිසිත් චෝදනාවක් නැති බවට අධිකරණයෙන් තීන්දු කර එළියට දමද්දී ලකුණු වැටෙන්නේ විපක්ෂ දේශපාලනයටය. අපට නම් සිතෙන්නේ මේ කෙරුවාවල්  මාර කුමන්ත්‍රණ විදියටය. දැන් දුමින්ද දිසානායක වීරයෙකි. හෙට අනිද්දා වන විට ඔහු ආණ්ඩුව පතුරු ගහන හැටි හිරු දෙරණ වාහිනී වලින් අසා බලා ඉන්නට පුළුවන.

තමන්ට හිතවත් පොලිස් කාරයන් කවුරුද යන්නවත් ආණ්ඩුවේ නිලමක්කාරයන් තවමත් හඳුනාගෙන නැත. තවමත් පොලීසිය පාලනය කරන්නේ ටිරාන් අලස් යැයි අවිශ්වාස කරන තරමට වැඩ සිද්ධ වෙමින් පවතී.

මේ මාස හයට පොලිස් සේවාවේ පහළ  ඇවරියේ මාලිමාවුන්ගේ විශ්වාසය රිවස් වී ඇත්තේ හිතා ගන්නටත් නොහැකි විදියටය. දැන්වත් ආණ්ඩුවේ කෙරුම්කාරයන් ගාල කඩා ගත් පොලීසිය ආම්බාන් කර ගාල් කරගෙන වැඩේ ගොඩ දා ගත්තේ නැති නම් අපට ලියන්නට ඇත්තේ ජාජබයට ඡන්දය දුන් අය පව් කියා පමණය.

“තම වීනාවට තත් දෙකක් පමණක් සවි කර ගත් තැනැත්තාට තත් දෙකකට වැඩි ගණනක් වයන්නට හැකි මිනිසුන් වටහා ගත නොහැකි” යැයි නීට්ෂේ පවසා තිබේ.

මේ කියමන හරියට තේරුම් ගන්නට පුළුවන් නම් ජාජබයේ නිළමක්කාරයන්ට ආන්ඩුව පිළිබඳව අප කරන විවේචන ගැන සාධරණ විනිශ්චයකට ඒමට පුළුවන.  මුලින්ම  අමන මරි මෝඩ උද්ද්ච්ඡකම නවත්වා මහපොළොවේ පයගසා ගෙන තමන්ට කෙළවෙන කෙළවිල්ලේ තරම දැක තේරුම් ගත යුතුය.

පරණ පොලීසිය පොලිෂ් කිරීමට ජාජබ ආණ්ඩුව දැන්වත්  මැදිහත් වූයේ නැතිනම් මේ ආණ්ඩුවට දෙයියන්ගේම පිහිටය.

 

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පළමු කුඹල්  පෙරහරේ ගමන්ගත් සහායක ඇත් ගොව්වෙකුගේ මළ සිරුර නුවර වැවේ පාවෙමින් තිබෙද්දී හමුවෙයි!

Next Post

රෝහිතගේ දියණිය රොෂෙල් ඇප පිට නිදහස්…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.