බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රෝහිතගේ දියණිය රොෂෙල් ඇප පිට නිදහස්…

by editor
ජූලි 31, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

නීති විරෝධීව එකලස් කර ව්‍යාජ දත්ත මත ලියාපදිංචි කළ වාහනයක් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා වෙත විකිණීම සම්බන්ධ අපරාධයට අදාල විමර්ශනවලට අවශ්‍යව සිටි රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වූ රොෂෙල් අබේගුණවර්ධන අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇය ඇප මත මුදා හරින්නට  මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළාය.

ඇය අද (31) පෙරවරුවේ අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර, එහිදී රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමට  අධිකරණය නියෝග කළේය.

මෙම වාහන ගනුදෙනුවට  චෝදනා ලැබ  සති දෙකකට වැඩිකාලයක් පොලිසිය මග හරිමින් සැඟවී සිටි හිටපු   රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වූ මෙලිනි රොෂෙල් අබේගුණවර්ධන ඊයේ  (30) උදෑසන වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත භාරවී  වූවාය.

එහිදි පැය 9කට අධික කාලයක් ඇයගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් රොෂෙල් අබේගුණවර්ධන වැඩිදුර විමර්ශන සඳහා මතුගම පොලිස් ස්ථානය වෙත භාර දුන්නේය. අද ඇයව මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප නියෝග මත නිදහස් වුවාය.

සිද්ධිය –

පොලිස්පතිවරයාට ලද තොරතුරක් මත වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් කරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව ව්‍යාජ දත්ත සහිතව ලියාපදිංචි කරන ලද සුඛෝපභෝගී වාහනයක් පසුගිය 19 වැනිදා  මතුගම දී අත් අඩංගුවට ගන්නේය.   වාහනය තිබුණේ  පාර්ලිමේන්තු මන්ත්‍රී ගත් විතානගේ පුත් රසික විතාන සන්තකයේ ය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

අදාළ ජීප් රථය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂා කිරීමේදී අනාවරණ වූයේ එය නීතිවිරෝධී අයුරින් මෙරටට ගෙන්වා ව්‍යාජ දත්ත ඉදිරිපත් කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති වාහනයක් බවය.

අත් අඩංගුවට ගත් රසික විතාන මතුගම පොලිසියට භාර දුන් පසු ඔහු ප්‍රකාශ කර තිබුණේ තමන්ගේ පියාගේ සමාගමක් නමින් ලබා ගත් මෙම රථය මිලදී ගන්නේ රෝහිත අබේගුණවර්ධනගේ දියණියවන රොෂෙල් අබේගුණවර්ධනගෙන් බවය.‍

ඒ අනුව විමර්ශන නිලධාරීන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඇය පදිංචිව සිටි නාගොඩ ප්‍රදේශයේ නිවසට යන විට ඇයත් ඇයගේ සැමියාත් අතුරුදහන්ව සිටියේය. ඒ අතර උසාවියට ඉදිරිපත් කළ රසික විතාන රක්ෂිත බන්ධනාගාරගත කළේය. සිද්ධිය සම්බන්ධව දීර්ඝ විස්තරයක් ජගත් විතාන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී සිදුකළේය. ඔහුගේ පුත් රසික විතාන දැන් ඇප මත නිදහස් වී සිටී.

පසුගිය 24 වැනිදා මේ ගනුදෙනුව සම්බන්ධව අත් අඩංගුවට ගැනීමට සොයමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි මතුගම අධිකරණය වෙත පසුගිය 24 වැනිදා භාර විය.

අනතුරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ධනුෂ්ක වීරක්කොඩි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු 1 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර කර ඇත. ඔහු මේ දක්වා ඉන්නේ රක්ෂිත බන්ධනාගාරගතවය.

අද අධිකරණයට  ඉදිරිපත් කළ රොෂෙල් අබේගුණවර්ධන ඇප මත නිදහස් කළාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉහළ ඇවරියේ මාලිමාවුනි… අමන මරි උද්දච්ඡකමින් මිදී පොළොවේ පය ගසාගෙන පොලිසිය ආණ්ඩුවට කෙළවෙන කෙළවිල්ල දැක ගනිල්ලා…

Next Post

ශ්‍රී ලංකාව සඳහා එක්සත් ජනපද ආනයන තීරු බදු අගය 20% දක්වා අඩු කරයි… ඉන්දියාවට එරෙහි 25%ක බද්ද එසේම තියයි!

Related Posts

charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.