ශ්‍රියානි විජේසිංහ –
ගැබිනි මාතාවක් මිය ගොස් තවත් ගැබිණි මාතාවන් ගණනාවකට අසාත්මිකතා ඇති කළ බවට සැක කර රජයේ රෝහල්වලින් ඉවත් කළ ඉන්දියානු නිර්වින්දන ඖෂධය වෙනුවට රජයේ රෝහල්වලට හඳුන්වා දීමට යන මියන්මාර් රජයෙන් මෙරටට ප්‍රධානය කළ නිර්වින්දන ඖෂධය පිලිබඳව ද මේ වන විට සැකයක් මතුව ඇති බැවින් වහාම එම ඖෂධ්‍ය රසායනාගාර පරික්ෂණයකට ලක්කරන්නැයි රසායනාගාර විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ ඉල්ලීමක් කරයි.
ඉන්දීය රජයෙන් මෙරට ගෙන්වූ නිර්වින්ද ඖෂධය භාවිතයෙන් ඉවත් කිරීමත් සමඟ මියන්මාර් රජයෙන් ප්‍රදානයක් ලෙස ලැබුණු ඖෂධය බෙදා හැරියද එම ඖෂධය සම්බන්ධයෙනුත් මෙරට තුළ කිසිදු රසායනාගාර පරික්ෂණයක් සිදුකර නොමැති බවත් මෙරට ජාතික ඖෂධ නියාමන අධිකාරිය තුළ ලියාපදිංචියක් හෝ කර නොමැති බවත් සංගමයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කරයි.
මෙම ඖෂධය මියන්මාර් රජයෙන් ප්‍ර්‍දානය කළද එය නිපදවනු ලබන්නේ බංග්ලාදේශයේ බවත් මියන්මාරය තුළ හෝ මෙම ඖෂධය ලියාපදිංචි කර නොමැති බවත් ඔහු පෙන්වාදේ.
මෙරට රසායනාගාර පරික්ෂාවක් නොමැති ඉන්දීය ඖධයෙන් සංකූලතාවන් මතුව ජිවිතයක් නැති වූ විටකදි නැවතත් රසායනාගාර පරික්ෂාවක් නොමැති ඖෂධයක් භාවිතයට ගනු ලබන්නේ කුමන සාධාරණ පදනමකින්දැිය ප්‍රශ්න කරන වෘත්තීය සමිති සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරියෙක් හෝ නිලධාරීන් පිරිසකගේ උවමනාවට මේ ඖෂධ
ද යන්න ගැටලුවක් බැවින් මේ පිලිබඳව වහාම පරික්ෂණයක් ආරම්භ කරන මෙන් වෘත්තීය සමිති සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියි.







