ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වා දෙන බව පවසමින් වාහන මිලදී ගැනීමට අපේක්ෂාවෙන් සිටි පුද්ගලයින් ගණනාවකගෙන කෝටි ගණනක මුදල් ලබාගෙන එම මුදල් වංචාකළ බව කියන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වූ අනුරුද්ධ ලිහිණිකඩුව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අද (17) අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයාට එරෙහිව ගල්කිස්ස අධිකරණයෙන් වරෙන්තුවක් පවා නිකුත් කර තිබේ. ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ගණනාවක කිට්ටු හිතවතෙක් බව පවසන ඔහුට පහුගිය වකවානුවේ දී රැකවරණය සපයා ඇත්තේ හිටපු කුප්‍රකට රාජ්‍ය ඇමතිවරයෙක් විසින් බව පොලිස් විමර්ශන ආරංචිමාර්ග තහවුරු කරයි.
පොලිසියට කට්ටි පනිමින් සිටි මෙම පුද්ගලයා ගමන් ගත් මෝටර් රථය ලුහු බැඳ ගොස් ගල්කිස්ස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් මිරිහාන ප්‍රදේශයේ දී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.







