බ්‍රහස්පතින්දා, ජූනි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉල්ලා අස් නොවන බව කියන රුහුණේ උප කුලපති ඉවත් නොකළහොත් ලබන සතියේ  රටේ සියලුම විශ්වවිද්‍යාල වර්ජනයට එක් වීමට සූූදානම්…  වෘත්තීය සමිති අගමැතිනියට දන්වති!

by editor
නොවැම්බර් 20, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                             

රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කිරිම  සම්බන්ධයෙන් ලබන සතිය වන විට ස්ථිර විසදුමක් රජය ලබා නොගතහොත් ඊයේ(19) දිනයේදී රුහුණු විශ්ව විද්‍යාලය තුළ ආරම්භ  කළ වැඩ වර්ජනය දිවයින පුරා සියලුම විශ්වවිද්‍යාලයන් වෙත ව්‍යාප්ත කරන බව එහි අධ්‍යයන, අනධ්‍යයන හා ශීෂ්‍ය සංගම් රජයට දැනුම් දී සිටියි.

අගමැති හරනි අමරසූරිය සමඟ ඊයේ සවස පැවති විශේෂ සාකච්ඡාවේදී එම සංගම් මේ බව  දැනුම් දී ඇත.  රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා විශ්වවිද්‍යාලය  තුළ සාමය පවත්වාගෙන යාමට අපොහොසත් වී ඇති බැවින් ඔහු වහාම ඉවත් කරන්නැයි මෙම වෘත්තීය සමිති අගමැතිනියට දැනුම් දී ඇත.

එවන් අවස්ථාවකදී උපකුලපතිවරයා ඉවත් කිරිමට අගමැතිනියට බලතල ඇති බැවින් එම බලතල වහාම ක්‍රියාත්මක කර මෙම දූෂිත නිලධාරියාව ඉවත් කරන්නැයි අධ්‍යයන, අනධ්‍යයන හා ශිෂ්‍ය සංගම් දැනුම් දී සිටියි.

පෙර පැවති රජයේ ආරක්ෂාව හා රැකවරණය ලබා ගනිමින් මොහු මූල්‍ය  වංචා දූෂණයන් සිදුකළ බවත්  ඒ සම්බන්ධයෙන් සියලුම සාක්ෂි සටහන් පවතින බවත් විශ්ව විද්‍යාලය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස් .ප්‍රියන්ත  පැවසුවේය.

RelatedPosts

මහනුවර තෙල් දෙණිය රෝහල අසල මෝටර් රථයක් තුළින් හමුවන මිය ගිය තරුණිය අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරිය යි… පෙම්වතා ඇයව ඝාතනය කළා දැයි සැකයක්!

“මගේ දේපල ගැන කාටවත් ප්‍රශ්නයක් තියනව ද?..එහෙනම් නීතිමය පියවර ගන්න…” ලාල් කාන්ත කියයි!

රජයේ ආයතන දෙකකින් වැටුප් ගත් ගෝඨාගේ පුද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර අත්අඩංගුවට!

උපකුලපතිවරයා සිදුකළ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සියලුම ලිපි ලේඛණ අගමැතිනියට භාර දුන් බවත්  තවත් ලිපි ලේඛණ අද (20) දිනය තුළදී බාරදීමට බලාපොරොත්තු වෙනව බවත් සඳහන් කරන සම සභාපතිවරයා මෙම ලිපිලේඛණ විමර්ශනය  කර අවශ්‍ය තීන්දු තීරණ ගන්නා බව අගමැතිනිය  දැනුම් දුන්නේ යැයිද  ලංකාසර කළ විමසුමකදී සඳහන් කළේය.

රුහුණු විශ්ව විද්‍යාලයේ  පීඨවල මේ දිනවල පැවැත්වෙන විභාගවලට කිසිදු බලපෑමක් සිදුනොවන නමුත් දරුවන්ගේ අධ්‍යයන කටයුතු සහ විශ්ව විද්‍යාලයේ අනෙකුත් සියලුම කටයුතු ඇනහිට ඇති බවද සම සභාපතිවරයා මෙහිදී  පැවසුවේය.

කෙසේ නමුත් ගෝඨාභය රාජපක්ෂ පාලන කාලය තුළදී ද උපකුලපතිවරයාව ඉවත් කිරීමට එවකට පැවති රජයෙන් ඉල්ලීම් කළ නමුත් මොහු දේශපාලන රැකවරණය ලබා ගනිමින් තනතුරේ රැදී සිටි බවද ඒකාබද්ධ කමිටුව පෙන්වාදේ.

මේ අතර අගමැතිනියට ලිපියක් යවමින් රුහුණු සරසවියේ උපකුලපති  ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන පවසන්නේ තමන්ට ඉල්ලා අස්වන ලෙස බලකරමින් රුහුණු විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය, ශිෂ්‍ය සංගම්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සාමුහික තීරණයක් මත අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර ඇතත්   ශිෂ්‍ය සංගම්වල මැර මානසිකත්වයට, වෘත්තීය සංගම්වල අසාධාරණ වෘත්තීය ඉල්ලීම්වලට, මැරකම්වලට හෝ වෙනත් බලපෑම්වලට තමන් බියට පත්නනොවන බවත් වරදක් නොකළ තමන්  උප කුලපති ධූරයෙන් කිසිසේත්ම ඉල්ලා අස් නොවන බවත්ය.

 ඕනෑම තීරණයක් ගත යුත්තේ තමන්ගේ නිදොස් බව ඔප්පු කිරීමට ප්‍රබල සාක්‍ෂි ගෙන ඒම සඳහා තමන්ගේ කතාවටත් සවන් දීමෙන් පසුව පමණක් බව පවසන ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ට තමන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට බොහෝ අවස්ථා දී ඇති අගමැතිවරිය  මෙම චෝදනාවලට පිළිතුරු දීමට තබා සාකච්ඡාවකටවත් තමා කැඳවා නැති බවය. තමන් ඉල්ලා අස් නොවන්නා සේම මැරකම්වලට තමන් බිය නොවන බව ද නීති රෙගුලාසි අනුව වැඩ කරන බව ද ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා අගමැතිනියට පවසයි.

 තමන් විමර්ශන 07කට ලක්ව නිදොස් වී ඇති බවත් මේ තරම් විමසීමකට සහ පරීක්ෂාවකට ලක් කළ  උපකුලපතිවරයෙක් ඉතිහාසේ සිටින්නට නැති බවත් ඔහු දන්වයි.  ඉදිරියේදීත් ඕනෑම පරීක්‍ෂණයකට මුහුණ දීමට තමන් සූදානම් බවත්, තමන් ඉල්ලා සිටින්නේ මේ පරීක්ෂණ පැවැත්වීමේ සාධාරණත්වය පමණක් බවත් ඔහු පවසයි.

රුහුණු විශ්වවිද්‍යාලයේ උසස්වීම් සඳහා ව්‍යාජ හෝ කොල්ලකාරී ප්‍රකාශන භාවිතය ඉවත් කර සියලුම බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණවල සාධාරණත්වය විනිවිදභාවය තහවුරු කිරීමට වීඩියෝ පටිගත කර අනීතික ක්‍රියා අවම කීරීම  රුහුණු විශ්වවිද්‍යාලයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සියලුම දූෂිත ක්‍රියාවන් නැවැත්වීමට  පියවර ගැනීම,  තමන්ගේ නායකත්වයෙන් යුත් කවුන්සිලයේ  දූෂණය සම්බන්ධයෙන් සමහර කාර්ය මණ්ඩල සාමාජිකයින්ට දඬුවම් කර සේවයෙන් පහ කිරීමට කටයුතු කිරීම මෙම විරෝධතාව පිටුපස ඇති සැබෑ හේතු  බව ද උපකුලපතිවරයා කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාජ්‍ය බලය, රාජ්‍ය දේපළ අවභාවිතා නොකළ ඉතිහාසගත මැතිවණයක්… ට්‍රාන්පේරන්සි කියයි!

Next Post

නිවසේ රැඳී සිටින අනියම් බිරිය සමග එක්ව දස වද දෙන සැමියාගෙන් ගැලවී යන්නට උත්සාහ කළ 29 හැවිරිදි තරුණ බිරිය නිවසේ ඉහළ මහලින් ඇද වැටී රෝහල්ගත කරයි…

Related Posts

පුවත්

මහනුවර තෙල් දෙණිය රෝහල අසල මෝටර් රථයක් තුළින් හමුවන මිය ගිය තරුණිය අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරිය යි… පෙම්වතා ඇයව ඝාතනය කළා දැයි සැකයක්!

ජූනි 18, 2026
පුවත්

“මගේ දේපල ගැන කාටවත් ප්‍රශ්නයක් තියනව ද?..එහෙනම් නීතිමය පියවර ගන්න…” ලාල් කාන්ත කියයි!

ජූනි 18, 2026
පුවත්

වනජීවී නිලධාරීන්ගේ බලපෑම්වලට එරෙහිව වැලිකන්දේ ගොවීන්ගෙන් දැවැන්ත විරෝධතාවක්!

ජූනි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මහනුවර තෙල් දෙණිය රෝහල අසල මෝටර් රථයක් තුළින් හමුවන මිය ගිය තරුණිය අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරිය යි… පෙම්වතා ඇයව ඝාතනය කළා දැයි සැකයක්!

ජූනි 18, 2026

“මගේ දේපල ගැන කාටවත් ප්‍රශ්නයක් තියනව ද?..එහෙනම් නීතිමය පියවර ගන්න…” ලාල් කාන්ත කියයි!

ජූනි 18, 2026

වනජීවී නිලධාරීන්ගේ බලපෑම්වලට එරෙහිව වැලිකන්දේ ගොවීන්ගෙන් දැවැන්ත විරෝධතාවක්!

ජූනි 18, 2026
ADVERTISEMENT
  • අලි කමේනිගේ අවමංගලෝත්සවයට දින නියම වෙයි… අවසන් කටයුතු මිය ගොස් දින 131කට පසු එළඹෙන ජූලි 09 වැනිදා…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිත අත් අඩංගුවට… ඔහුව අත් අඩංගුවට ගන්නේ ඇයි?

    172 shares
    Share 69 Tweet 43
  • අප්පගේ පොරක්…  වසර 17ක් පුරා හොර ලයිෂන් පිට  මගී ගුවන් යානා පැදවූ එයාර් කැනඩා නියමුවෙක් අත් අඩංගුවට..

    172 shares
    Share 69 Tweet 43
  • බාල වයස්කාර දැරිය දූෂණ චෝදනාවට පල්ලේගම හේමරතන DNA පරීක්ෂාවකට…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහනුවර තෙල් දෙණිය රෝහල අසල මෝටර් රථයක් තුළින් හමුවන මිය ගිය තරුණිය අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරිය යි… පෙම්වතා ඇයව ඝාතනය කළා දැයි සැකයක්!
  • “මගේ දේපල ගැන කාටවත් ප්‍රශ්නයක් තියනව ද?..එහෙනම් නීතිමය පියවර ගන්න…” ලාල් කාන්ත කියයි!
  • වනජීවී නිලධාරීන්ගේ බලපෑම්වලට එරෙහිව වැලිකන්දේ ගොවීන්ගෙන් දැවැන්ත විරෝධතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.