සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉලක්කම් අතර මරණ සඟවා වසංගතයක් වසන් කිරීම…

by editor
අගෝස්තු 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ජාලිය වීරක්කොඩි –

ඊයේ  කොවිඩ් මරණ 124කි.

ලෝකය මළ ගෙයක් කළ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය රට පුරා සීඝ්‍රයෙන් පැතිර යමින් ඇත.

යළි යළිත් කිවයුතු නැත. මේ වනවිට  බිම් මට්ටමේ සෞඛ්‍ය අංශ මුලුමනින්ම බිඳවැටී අවසන්ය. රෝහල් අතරමැදි මධ්‍යස්ථාන, දැඩි සත්කාර ඒකක පිරී ගොසිනි. ඔක්සිජන් මත යැපෙන රෝගීන් ඊයේ (12) සවස් වනවිට 612කි. බරපතල නොවන රෝගීන් නිවෙස්වලය. කොවිඩ් ආසාදිත නොදරුවන්ද  ඊයේ සිට (11) නිවෙස්වල ප්‍රතිකාරවලට යොමු කර ඇත.

දෙවියන්ට බාර කළ රට

මේ මොහොතේ  මුළු රටේම සිටින විෂය ප්‍රාමාණික විද්වත්හු රට මසක් අගුළු ලන්නට කියති. ලෝක සම්භාවනාවට ලක් වූ විෂයධරයෝ මේ මරණීය මොහොතේ අවිචාරවත් නොවන සේ දන්වා සිටිති. ඔවුන් කියන්නේ සෞඛ්‍ය අංශවලට මේ වසංගතයට මුහුණ දීම සඳහා හුස්මක් ගැනීම අවශ්‍ය බවය. රට අගුලු දැමුවොත් ඉදිරි සති දෙකක් තුළ සිදුවන මරණ 1200ක් වළක්වා ගත හැකි බවය. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහෙත් මොවුන් අහන්නට සූදානම් නැත. ඉදිරි දෙසතිය තුළ මැරෙන්නට නියම වී ඇති ජීවිත 1200 මේ මිනිස්සුන්ට පොල්කුඩුය. මේ සිදුවෙමින් ඇත්තේ සැලසුම් සහගත මිනී මැරුම් නොවන්නේ කෙසේ දැයි කල්පනා කරමින් හිඳමි. 

දැන් මේ ඇත්ත පැහැදිළිකරගත යුතුය. මොවුන් රට වහන්නේ නැත. පළමුදා කෙහෙළිය රඹුක්වැල්ල රට දෙවියන්ට බාර කළේය. රට ඇත්තේ දෙවියන් අතේය.   ආණ්ඩුව රට දෙවියන්ට බාර දී දැනුම්වත්වම  වසංගතයට    රට විවෘත කර ඇත.

covid1
පොලිස් මෝචරිය දේහ තාවකාලික කන්ටේනර් ශිතාගාර වෙත රැගෙන යන ආකාරය
අකාරය

මරණ එක්ලක්ෂ විසි දහසේ අපේක්ෂාව

ආණ්ඩුවේ ප්‍රවෘති අධ්‍යක්ෂ ජනරාල්වරයා තමන් නිකුත් කළ නිවේදනයකින් දක්වා තිබුණේ රටේ සෑම පුරවැසියකුටම කොවිඩ් වැළඳිය හැකි බවය.  එනම් රටටම කොව්ඩ් වැළඳෙනු ඇතැයි යන පුරෝකථනයක් ආණ්ඩුවට ඇත. එවන් තක්සේරුවක සිට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා අපට සෞඛ්‍ය ආරක්ෂිතව හැසිරෙන්නට උපදෙස් දෙමින් සිටී. එහෙත් එය කළමනාකරණය කරගත හැකි වැදගත්ම ප්‍රායෝගික මැදිහත්වීමට රජය එළඹෙන්නේ නැත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්නායකයන්ට අනුව කොවිඩ් ආසාදිතවූවන්ගෙන් සියයට 1.2 – 1.5ත් අතර පිරිසක් මරණයට පත් වෙති. රටේ ජනගහණය ලක්ෂ දෙසීයකි. රටටම නොව,  එයින් අඩකට කොවිඩ් වැළඳුනොත්  කොවිඩ් ආසාදිතයන් ගණන ලක්ෂ සීයකි.

ඉන් පසු එන නියතය නම් ඉන්  අඩුම තරමින් සියයට 1.2ක් මරණයට පත්වීමය. එනම් ඉදිරි වකවානුව තුළ මේ ආණ්ඩුව කොවිඩ් මරණ එක්ලක්ෂ විසි දහසක් අපෙක්ෂා කරයි.

ඔවුහු  මහා  ජල ප්‍රවාහයක් ගලා ගෙන එන මොහොතක එය හසුරුවා ගැනීම සඳහා වේල්ලක් බඳිමින් සිටින සේ මේ රුදුරු වසංගතය එන්නත්කරණයෙන් පමණක් මැඬලන්නට උත්සාහ කරති. යළිත් එය එසේ නොකළ හැකි බව මේ රටේ ප්‍රධානම විද්වත් වෘත්තිකයෝ කරන පැහැදිලි කිරීම්වලට ඇහුම්කන් නොදෙති. අගෝස්තු 08 වනවිටත් මේ රටේ එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇත්තේ සියයට 12.7කට පමණි.

දැන් දෛනික කොවිඩ් මරණ ප්‍රමාණය ඇස්පනාපිට වැඩිවෙමින් ඇත. එය වළක්වනු වෙනුවට මේ ආණ්ඩුව   ලෝකයේ අශිෂ්ටතම තොරාගැනීම සිදුකර ඇත.

ඔවුහු මැරෙන්නට හැර මරණ හංගමින් සිටිති.

යථාර්ථය ඔබ හිතනවාට වඩා බෙහෙවින්ම තිගස්වන සුළුය. මෙය රුදුරු ලෙස අත් විඳින්නේ බිම් මට්ටමේ සෞඛ්‍ය නිලධාරීන්ය. මේ වනවිට චක්‍රලේඛ ප්‍රකාරව කොවිඩ් නිරෝධායනය කළ නිවෙසක සිදුවන මරණයක් හැර නිවෙස්වල සිදුවන කිසිම මරණයකට පී.සී.ආර්. පරීක්ෂණ සිදුවන්නේ නැත. නිවෙස්වල සෑම කලකම මිනිස්සු මිය ගියහ. එහෙත් මේ වෛරසය පැතිරී යන රටාව අනුව සෞඛ්‍ය අංශ අනුමාන කරන්නේ නිවෙස්වල මිය යන සියයට 70කට ආසන්න ප්‍රමාණයක් කොවිඩ් ආසාදිතව සිටිය හැකි බවය.

මේ වනවිට මේ රටේ බලධාරීන් කොවිඩ් මරණ ලෙස ගණනය වන්නේ කොවිඩ් නිවුමෝනියාවෙන් සිදුවන මරණ පමණි. දීර්ඝ කාලීන බෝ නොවන රෝගවලින් මිය යන කොවිඩ් රෝගීන්, හෘදයාබාධවලින් මිය යන කොවිඩ් ආසාදිත රෝගීන් කොවිඩ් මරණවලට ඇතුළත් නොවේ.

ඉන්දියාවේ කොවිඩ් – දියවැඩියා ඇත්දැකීම

වෛද්‍ය පරීක්ෂණ ප්‍රකාරව බෝනොවන රෝග සහිත රෝගීන්ට මෙම වෛරසය ක්‍රියාකරන ආකාරය ගැන සම්බන්ධව තවම නිශ්චිත විද්‍යාත්මක තහවුරු කිරීම් නැත.

නමුත් වෛරසය ආසාදනය වූ තරුණ ඉන්දියානුවන් 127ක ගේ නියැදියකින් මුම්බායි පර්යේක්ෂකයන් කළ පරීක්ෂණයක දී තහවුරු වී තිබුණේ ඔවුන්ගෙන් සියයට දහයකට අලුතින්ම දියවැඩියාව වැළඳී තිබුණු බවය. මේ පිරිසට කොවිඩ් ආසාදනය වීමට පෙර දියවැඩියාව නොතිබිණි. අයකුගේ පරම්පරා ඉතිහාසයෙවත් දියවැඩියා රෝගීහු නොවූහ. 

දැනට ඇති මූලික උපකල්පන ප්‍රකාරව මෙම වෛරසය ආසාදනය වූ පුද්ගලයකුට දියවැඩියාව වැළඳීමේ සම්භාවිතාවක් තිබෙන්නේය. එමෙන්ම පාලිත දියවැඩියා තත්ත්ව සහිත රෝගියකුගේ දියවැඩියාව උග්‍ර කිරීමට වෛරසය සමත් වන්නේය.

මරණ කළමනාකරණය

ලෝකයේ කියැවීම එයය. එහෙත්   දියවැඩියා රෝගයෙන් පීඩා විඳිමින් රෝහල්ගත වූ රෝගියකුට වෛරසය ආසාදනය වී සිටිය දී මරණයට පත් වුවහොත් ඒ මරණය කොවිඩ් මරණයක් ලෙස අපේ සෞඛ්‍ය බලධාරීන් ගණනය කරන්නේ නැත. හෘදයාබාධයක් සහිත රෝගියකුට කොවිඩ් වැළඳී තිබියදි මරණයට පත් වුවහොත් එය කොවිඩ් මරණයක් ලෙස සලකන්නේ නැත.

අවසාන වශයෙන් ආණ්ඩුව රට විවෘත කිරීමේ ප්‍රතිඵල ලෙස අපේක්ෂා කරන අවම මරණ ප්‍රමාණය වූ මරණ එක් ලක්ෂ විසි දහස පාලනය කරගැනීම සඳහා එන්නත්කරණයට වඩා ප්‍රමුඛතාවය දී ඇත්තේ කොවිඩ් මරණ වසන් කිරීමටය.

මේ දත්ත ප්‍රකාරව සෞඛ්‍ය අංශ උපකල්පනය කරන්නේ කොවිඩ් මරණවලින් සියයට 30කට ආසන්න ප්‍රමාණයක් සංඛ්‍යා ලේඛන  අතරේ සඟවා තැබීමට ආණ්ඩුව කටයුතු කරන බවය.

දැන් මේ ව්‍යසනය පැහැදිලිය.

ඔබ ඔබේ ආයතනයේ මුරකරු ගෙලග්‍රහයෙන් ගෙන ගොස් ප්‍රධාන විධායක නිලයේ පිහිටුවා ඔහුගෙන් ආයතන සමෘද්ධිය හා ඔබේ රැකියා සුරක්ෂිතතාව ඔබ අපේක්ෂා කරන්නේ නැත. එහෙත් මේ රටේ බහුතරයක් මිනිස්සු ගංජා ගසා සිහින දකින්නන් සේ  ඒ ගොංකම මේ රටට කළහ. 

දැනට අපට මේ රටේ පුරවැසියන් ලෙස කළ හැකි එකම දෙයක් තිබේ. එනම් ආණ්ඩුව අපේක්ෂා කරන මරණ එක්ලක්ෂ විසි දහසේ ඉලක්කමක් නොවී සිටීමට තරම් ජීවිත විනයක් ඇති කරගැනීමය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මැරෙන්නෙ කන්න නැතිවද?, ඔක්සිජන් නැතිවද ?… දැන් තීරණය කරන්න… ආචාර්ය චන්දිම ජීවන්දර

Next Post

කළුබෝවිල රෝහලේ නොසැලකිල්ලෙන් වටේ යවන කොවඩ් මරණ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.