ඩ්‍රෝන යානාවක් යොදාගෙන ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් කඩ්හිමිව ඝාතනය කිරීමට සිදුකළ උත්සහයක් ව්‍යර්ථවී තිබේ.
ඉරිදා උදෑසන අග්‍රමාත්‍යවරයා රැදී සිටි නිවසට ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ලවී ඇති අතර ප්‍රහාරයෙන් අග්‍රමාත්‍යවරයා කිසිඳු හානියක් සිදුවී නොමැති බව ඉරාක රජය සඳහන් කරයි.
විශේෂ ආරක්ෂාවක් සපයන කාලාපයක පිහිටා ඇති මෙම නිවස ආරක්ෂාවට යොදාවා තිබූ නිළධාරීන් හය දෙනෙකෙු පිපිරුමෙන් තුවාල ලබා ඇති බවට වාර්තාවේ.
පිපිරිමේ හඩෙන් ඒ අවට තිබෙන තානාපති කාර්යාල සිටි විදෙස් තානාපතිවරුන්ද තැති ගැනීමකට ලක්ව ඇති බවට වාර්තා වේ.
ප්‍රහාරය සම්බන්ධයෙන් මේවන තෙක් කිසිවෙක වගකීම භාරගෙන නොමැත.
Discussion about this post