fbpx
අඟහරුවාදා, ඔක්තෝබර් 3, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉඳුරුව ගල්කන්ද විහාරයේ නා හිමි ඝාතනය පසුපස මත්ද්‍රව්‍ය ජාවාරමක් ද?

හාමුදුරුවන් ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක් සමග සමීප සබඳතා පවත්වලා...

editor by editor
ජූලි 1, 2020
in පුවත්
0
ඉදුරුවල ගල්කන්ද රජමහා විහාරස්ථානාධිපති යටියන බුද්ධානන්ද  නා හිමි

ඉදුරුවල ගල්කන්ද රජමහා විහාරස්ථානාධිපති යටියන බුද්ධානන්ද නා හිමි

Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය

ඉදුරුව, ගල්කන්ද රජමහ විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් කණ්ඩායම් 04 ක් යොදා පුළුල් පරීක්ෂණ පවත්වන බව අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරී කාර්යාලය කියයි.

අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරි ආර් එම් රත්නායක, ඇල්පිටිය නොවිසඳුන අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසීහ, කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයවීර සහ කොස්ගොඩ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල යන පොලිස් නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පොලිස් කණ්ඩායම් ක්‍රියාත්මක වේ.

RelatedPosts

කාන්තාව ඝාතනය කිරීම ව්‍යාපාරිකයා හා භාර වුන කපුවාගේ සැලැස්මක්… ගෙල කපා කාන්තාව ඝාතනය කර අත් සහ හිස සිරුරින් වෙන් කර ඇත්තේ ඔහු…

පිහි පාර කාගෙන පොලිසියට දුවගෙන පැමිනි පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිහින්!

17 වසරකට පසු ආසියානු මළළ ක්‍රීඩා ඉසව්වකින් ගෙලට වැටුන පදක්කම ගිලිහී ගිය හැටි  ( වීඩියෝ සහිතයි)

ඉදුරුවල ගල්කන්ද රජමහා විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ වන යටියන බුද්ධානන්ද (73) නායක ස්වාමින් වහන්සේ කිසියම් පිරිසක් විසින් පසුගිය ජුනි 28 දින රාත්‍රී හෝ 29 දින අළුයම එම විහාරස්ථානයේදීම ඝාතනය කර තිබුණි. මෙම ස්වාමින් වහන්සේ ගල්කන්ද විජයධම්ම පිරිවෙනේ පරිවේණාධිපති ස්වාමින් වහන්සේ ලෙසද කලක් කටයුතු කර තිබෙන බවත් ගල්කන්ද රජමහා විහාරස්ථානය අමරපුර රාමඤ්ඤ මහ නිකායේ මූලස්ථානය ලෙසද භාවිතා කරන බවත් විහාරස්ථ දායක සභාව කියයි. කලක් රාමඤ්ඤ මහ නිකායේ මහනායක ධූරය දැරූ අග්ග මහා පණ්ඩිත ඉදුරුවේ උත්තරානන්ද නාහිමියන් වැඩ වාසය කර ඇත්තේද මෙම විහාරස්ථානයේය.

ඝාතන සිද්ධිය 

ඝාතනය සම්බන්ධයෙන් වූ මහහේස්ත්‍රාත් පරීක්ෂණය බළපිටිය මහේස්ත්‍රාත් සම්පත් ගමගේ   විසින් 29 දින පෙරවරුවේ සිද්ධිය වූ ස්ථානයේදී පවත්වන ලදී. පශ්චාත් මරණ පරීක්ෂණය බළපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී අයිරාංගනී ප්‍රනාන්දු  විසින් 29 දා සිදු කළේය. එය ගෙල සිර කිරීම හේතුවෙන් හුස්ම සිර වී සිදු වූ මරණය  බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වේ.

ඝාතනයට ලක් වූ ස්වාමින් වහන්සේගේ හිස වටා සම්පූර්ණයෙන්ම උන් වහන්සේ ඇදසිටි සිවුර ඔතා රෙදි පටි වලින් බැද තිබූ බවත් අත් සහ පා එකිනෙක ගැටගසා තිබූ බවත් කොස්ගොඩ පොලීසිය කියයි. මෙම ක්‍රියාවන් එක් අයෙකුට කළ නොහැකි බව පවසන කොස්ගොඩ පොලීසිය ඒ නිසාම මෙම ඝාතනය සඳහා දෙදෙනෙක් හෝ කිහිප දෙනෙක් පැමිණෙන්නට ඇතැයි  විශ්වාස  කරයි.

ඝාතනයට ලක් වූ ස්වාමින් වහන්සේගේ මෘත දේහය 29 දින උදෑසන විහාරස්ථානයට පැමිණි කුඩා ළමුන් දෙදෙනෙකු විසින් දැක ඔවුන් ඒ බව සිය වැඩිහිටියන්ට දන්වා තිබේ. මෙම විහාරස්ථානයේම වැඩ වාසය කරන වෙනත් ස්වාමින් වහන්සේ නමක් විසින්ද ඒ සම්බන්ධයෙන් වූ තොරතුරු කොස්ගොඩ පොලීසියට ලබා දී ඇත. ඝාතනයට ලක් වූ ස්වාමින් වහන්සේගේ වයස් මට්ටමේම අයෙකුවන එම ස්වාමින් වහන්සේ මානසිකව ව්‍යාකූලවී සිටින අයෙකු බවත් ඒ නිසා එම ස්වාමින් වහන්සේගෙන් සාර්ථක තොරතුරක් ලබාගත නොහැකි බවත් කොස්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ඝාතනයට ලක් වූ නායක ස්වාමින් වහන්සේ 28 දින රාත්‍රී  10.00 ට පමණ නින්දට ගොස් තිබෙන බවත් එයින් පසුව මෙම ඝාතනය සිදුව තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. ස්වාමින් වහන්සේගේ අත් සහ පය ගැටගසා තිබි ඇත.  මුහුණට උල් ආයුධයකින් ඇණ තිබූ ආකාරය පොලිස් පරීක්ෂණ වලදී තහවුරු කර තිබේ.  ස්වාමින් වහන්සේගේ බෙල්ලේද බරපතල නොවන කැපුම් තුවාලයක් තිබී ඇත.

ඝාතනයට ලක් වූ ස්වාමින් වහන්සේ ඉතා විශාල වශයෙන් සිය දායකයින්ට සේවාවන් කරන ලද හිමි නමක් බව ප්‍රදේශවාසීහු කියති.    වඩුවැඩ හා මේසන් වැඩ හොඳින් ප්‍රගුණ කරඇති උන් වහන්සේ සිය විහාරස්ථානයේ ඊට අදාල කටයුතු තමා විසින්ම කරගෙන තිබේ.

මත්ද්‍රව්‍ය

ඝාතනයට ලක් වූ බුද්ධානන්ද (73) ස්වාමින් වහන්සේ ප්‍රදේශයේ හෙරොයින් හා ගංජා අලෙවි කරන්නෙකු සමග දැඩි සම්බන්ධතා පවත්වන ලද බවද පොලිස් පරීක්ෂණ වලදි ඇතැම් ගම්වාසීන් විසින් ප්‍රකාශ කර තිබේ. මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ මෙම ස්වාමින් වහන්සේ නීති විරෝධී මත්දව්‍ය ව්‍යාපාර වලට සම්බන්ධ බවට තොරතුරු තිබෙන බවය. ඒ නිසාම මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ අය විසින් මෙම ස්වාමින් වහන්සේ ඝාතනය කරන්නට ඇතැයිද පොලීසියේ විශ්වාසය වී තිබේ.

ස්වාමින් වහන්සේ වැඩ වාසය කරන ලද කාමරයේ තිබී උපත් පාලන කොපු 03 ක් හා අන් අයගේ ශරීරයන්හි සුවිශේෂී කොටස් කිහිපයක්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ. මෙම ශරීර කොටස් ඝාතකයන්ගේද එසේත් නොමැති නම් මෙම ස්වාමින් වහන්සේ සමග හාදකම් පවත්වන ලද පුද්ගලයන්ගේද යන්න සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමු වී තිබේ. මෙම උපත් පාලන කොපු පාවිච්චි නොකරන ලද ඒවා බවද පොලීසිය කියයි.

සොයා ගන්නා ලද ශරීර කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත හෝ බොරැල්ල ජීන් ටෙක් ආයතනය වෙත යවා යම් තොරතුරක් ලබාගත හැකිද යන්න සම්බන්ධයෙන් මේ වන විටත් පොලීසිය කටයුතු කරමින් සිටී. මෙම ස්වාමින් වහන්සේගේ කාමරය අපිළිවෙළට තිබූ බවත් සිව්රු, පාත්තර, පොත්පත් හා පත්තර තැන තැන දමා තිබූ බවත් පරීක්ෂණවලදී පොලීසියට නිරීක්ෂණය වී තිබේ.

අවසන් කටයුතු

ඝාතනයට ලක් වූ යටියන බුද්ධානන්ද හිමියන්ගේ අදාහන කටයුතු හෙට (02) සවස 2.00 ට පැවැත්වෙන බව විහාරස්ථ දායක සභාව කියයි. සවස 2.00 ට බුද්ධානන්ද හිමියන්ගේ දේහය විහාරස්ථානයේ සිට රිය පෙරහරකින්  ඉඳුරුව මහජන ක්‍රීඩාංගණය දක්වා වැඩම කර එහිදී ආගමික වතාවත් සිදු කර පස්වරු 4.00 ට නැවතත් ඉදුරුව මහජන ක්‍රීඩාංගනයේ සිට දේහය නැවත ගල්කන්ද, විජයධම්ම පිරිවෙන් විහාරස්ථානයට රැගෙන යෑමට නියමිතය. ප.ව 5.00 ට විහාරස්ථාන භූමියේදී උන්වහන්සේගේ භූමදානය කිරීමට නියමිත බවද භූමදාන කමිටුව කියයි.

ඝාතනය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ සහකාර  පොලිස්  අධිකාරි  ආර් එම් රත්නායක, ඇල්පිටිය නොවිසඳුන අපරාධ විමර්ශණ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසීහ, කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයවීර සහ කොස්ගොඩ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල, ඇල්පිටිය විශේෂ අපරාධ ස්ථාන විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක චන්දිමාල් යන නිලධාරීන් ඇතුළු පිරිසක් හා අම්බලන්ගොඩ පොලීසියට අනුයුක්ත නිල සුනඛ අංශයේ නිලධාරීන් වැඩිදුර  පරීක්ෂණ පවත්වයි.

 

 

Share77Tweet45

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

සංගක්කාර හෙට ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විමර්ශන ඒකකයට කැඳවයි

Next Post

කාර්මික සංවර්ධන මණ්ඩලයේ තඹ නීති වැටෙන් පැන පාස්කු බෝම්බකරුගේ ෆැක්ටරියට ගිය හැටි

RelatedPosts

කාන්තාව ඝාතනය කිරීම ව්‍යාපාරිකයා හා භාර වුන කපුවාගේ සැලැස්මක්… ගෙල කපා කාන්තාව ඝාතනය කර අත් සහ හිස සිරුරින් වෙන් කර ඇත්තේ ඔහු…
පුවත්

කාන්තාව ඝාතනය කිරීම ව්‍යාපාරිකයා හා භාර වුන කපුවාගේ සැලැස්මක්… ගෙල කපා කාන්තාව ඝාතනය කර අත් සහ හිස සිරුරින් වෙන් කර ඇත්තේ ඔහු…

ඔක්තෝබර් 2, 2023
වෙළෙඳසල් හිමිකරුවෙකුගේ ගෙලට උල් පිහියක්  තබා මරණ තර්ජනය කර මුදල් කොල්ල කෑමට ගිය යාපනයේ සරසවි සිසුවෙක් අත් අඩංගුවට…
පුවත්

පිහි පාර කාගෙන පොලිසියට දුවගෙන පැමිනි පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිහින්!

ඔක්තෝබර් 2, 2023
Asian-Gamges
පුවත්

17 වසරකට පසු ආසියානු මළළ ක්‍රීඩා ඉසව්වකින් ගෙලට වැටුන පදක්කම ගිලිහී ගිය හැටි  ( වීඩියෝ සහිතයි)

ඔක්තෝබර් 2, 2023
Next Post
සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු ඉන්සාෆ් මරාගෙන මැරෙන්න කලින් දරු පවුලෙන් සමුගත් හැටි

කාර්මික සංවර්ධන මණ්ඩලයේ තඹ නීති වැටෙන් පැන පාස්කු බෝම්බකරුගේ ෆැක්ටරියට ගිය හැටි

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • Basil-Ranil

    ලන්සාගෙන් අයින් වෙන්න… පොහොට්ටුවේ සහය දෙන්නම්… බැසිල්ගෙන් රනිල්ට යෝජනාවක් !

    740 shares
    Share 296 Tweet 185
  • ධූරයෙන් ඉල්ලා අස්වූ පසු ලංකාවේ රැඳී ඉන්න බලාපොරොත්තුවක් නෑ… රටිනුත් යනවා… මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් කියයි…

    509 shares
    Share 204 Tweet 127
  • අත් හිස කපා වෙන්කර ප්‍රදීපා  ඝාතනය කළ සැකකරුගේ වාහනය නුවරඑළියෙන් හමුවේ….

    272 shares
    Share 109 Tweet 68
  • සිපෙට්කෝ සහ IOC සියලුම ඉන්ධන වර්ගවල මිල නන්නවයි….    

    261 shares
    Share 104 Tweet 65
  • අයියෝ සල්ලි… රත්තරනුත් නෑ… අවි ආයුධත් නෑ… කොටින්ගේ වත්කම් සොයා කළ කැණීම් අවසන්!

    277 shares
    Share 111 Tweet 69
  • සයිනොපෙක් ඉන්ධන මිල ගණන් සංශෝධනය කරයි… 92 ප්‍රෙටල් මිල වැඩි නොකර සුපර් ඩීසල් රුපියල් 61කින් නන්වයි!

    219 shares
    Share 88 Tweet 55

නවතම ලිපි

කාන්තාව ඝාතනය කිරීම ව්‍යාපාරිකයා හා භාර වුන කපුවාගේ සැලැස්මක්… ගෙල කපා කාන්තාව ඝාතනය කර අත් සහ හිස සිරුරින් වෙන් කර ඇත්තේ ඔහු…

කාන්තාව ඝාතනය කිරීම ව්‍යාපාරිකයා හා භාර වුන කපුවාගේ සැලැස්මක්… ගෙල කපා කාන්තාව ඝාතනය කර අත් සහ හිස සිරුරින් වෙන් කර ඇත්තේ ඔහු…

by editor
ඔක්තෝබර් 2, 2023
0

වෙළෙඳසල් හිමිකරුවෙකුගේ ගෙලට උල් පිහියක්  තබා මරණ තර්ජනය කර මුදල් කොල්ල කෑමට ගිය යාපනයේ සරසවි සිසුවෙක් අත් අඩංගුවට…

පිහි පාර කාගෙන පොලිසියට දුවගෙන පැමිනි පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිහින්!

by editor
ඔක්තෝබර් 2, 2023
0

Asian-Gamges

17 වසරකට පසු ආසියානු මළළ ක්‍රීඩා ඉසව්වකින් ගෙලට වැටුන පදක්කම ගිලිහී ගිය හැටි  ( වීඩියෝ සහිතයි)

by editor
ඔක්තෝබර් 2, 2023
0

මේ වසරේ අගෝස්තු දක්වා ලාදුරු වැළඳුන දරුවන් 105ක් සොයා ගෙන… සියයට 80කට රෝගය වැළඳී ඇත්තේ නිවසින්…

මේ වසරේ අගෝස්තු දක්වා ලාදුරු වැළඳුන දරුවන් 105ක් සොයා ගෙන… සියයට 80කට රෝගය වැළඳී ඇත්තේ නිවසින්…

by editor
ඔක්තෝබර් 2, 2023
0

පානදුර දුම්රිය ස්ථානයේ ගුටි කෙළියක්… ස්ථානාධිපති (මෙහෙයුම්) ඇතුළු තුනක් රෝහලේ

පානදුර දුම්රිය ස්ථානයේ ගුටි කෙළියක්… ස්ථානාධිපති (මෙහෙයුම්) ඇතුළු තුනක් රෝහලේ

by editor
ඔක්තෝබර් 2, 2023
0

නවතම ලිපි

ඝාතනය කර කැබලි කපා වැවට දැමූ මුල්ලේරියාව කාන්තාවගේ සැකකාර ඝාතක ව්‍යාපාරිකයා පොලිසියට භාර වෙයි!

ඝාතනය කර කැබලි කපා වැවට දැමූ මුල්ලේරියාව කාන්තාවගේ සැකකාර ඝාතක ව්‍යාපාරිකයා පොලිසියට භාර වෙයි!

by editor
ඔක්තෝබර් 2, 2023
0

ධූරයෙන් ඉල්ලා අස්වූ පසු ලංකාවේ රැඳී ඉන්න බලාපොරොත්තුවක් නෑ… රටිනුත් යනවා…   මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් කියයි…

මුලතිව් දිස්ත්‍රික් අධිකරණ විනිසුරුවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳ පරීක්ෂණයක් කරන්න… මහජන ආරක්ෂක ඇමති පොලිසියට දන්වයි!

by editor
ඔක්තෝබර් 2, 2023
0

වෙඩි ප්‍රහාර 07ක්… 07ම හෘදයට උඩින්… සීතාගේ තත්ත්වය ගැන අනාවැකි කිව නොහැකියි! මහාචාර්ය  අශෝක දංගල්ල කියයි….

වෙඩි කෑ සීතාට ඇවිදින්න බෑ…  අද පපු පෙදෙසේ එක්ස් කිරණ පරීක්ෂණයක්!

by editor
ඔක්තෝබර් 2, 2023
0

Femaler-Arrested

පානදුර ජනප්‍රිය පාසලක සිසුවාට හෙල්මට් වලින් පහරදුන් තරුණයන් පහක් අත්අඩංගුවට!

by editor
ඔක්තෝබර් 2, 2023
0

දෑත් හිස නැතිව සපුගස්කන්දේ  කොට්ටුන්න වැවෙන් හමුවූ මුල්ලේරියාවෙන් අතුරුදහන් වූ කාන්තාවගේ ඝාතනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කී කතාව….

අත් හිස කපා වෙන්කර ප්‍රදීපා  ඝාතනය කළ සැකකරුගේ වාහනය නුවරඑළියෙන් හමුවේ….

by editor
ඔක්තෝබර් 2, 2023
0

current-bill

නව වටයකින් විදුලි ගාස්තු ඉහළ නැන්වීමේ අනුමැතිය ගන්න  විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසම හමුවෙයි!

by editor
ඔක්තෝබර් 2, 2023
0

පාසල් දරුවන්ට මත් කරල් විකිණූ නරුමයෙක් දෙමව්පියන් දුන් තොරතුරු මත අත් අඩංගුවට…

පාසල් දරුවන්ට මත් කරල් විකිණූ නරුමයෙක් දෙමව්පියන් දුන් තොරතුරු මත අත් අඩංගුවට…

by editor
ඔක්තෝබර් 1, 2023
0

ඉන්ධන මිල සූත්‍රයකට කැබිනට් අනුමැතිය… සෑම සති 02කට හෝ මසකට වරක් මිල සංශෝධනයක්!

සිපෙට්කෝ සහ IOC සියලුම ඉන්ධන වර්ගවල මිල නන්නවයි….    

by editor
ඔක්තෝබර් 1, 2023
0

සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලින් බාගයක් ෂෙල් හා සිනොපෙක් වෙත?

සයිනොපෙක් ඉන්ධන මිල ගණන් සංශෝධනය කරයි… 92 ප්‍රෙටල් මිල වැඩි නොකර සුපර් ඩීසල් රුපියල් 61කින් නන්වයි!

by editor
ඔක්තෝබර් 1, 2023
0

වසර පුරා ලැබුණු පිරිකර විකුණා ලෝක ළමා දිනය දා  අසරණ ගම්වැසි දරුවන්ට සහ වැඩිහිටියන්ට තෑගි බෝග සහ ආහාර දුන් වැලිකන්දේ හාමුදුරුවො…

වසර පුරා ලැබුණු පිරිකර විකුණා ලෝක ළමා දිනය දා  අසරණ ගම්වැසි දරුවන්ට සහ වැඩිහිටියන්ට තෑගි බෝග සහ ආහාර දුන් වැලිකන්දේ හාමුදුරුවො…

by editor
ඔක්තෝබර් 1, 2023
0

  • Trending
  • Comments
  • Latest
Basil-Ranil

ලන්සාගෙන් අයින් වෙන්න… පොහොට්ටුවේ සහය දෙන්නම්… බැසිල්ගෙන් රනිල්ට යෝජනාවක් !

ඔක්තෝබර් 1, 2023
නල්ලමලේ කන්සල්ටන්…

නල්ලමලේ කන්සල්ටන්…

සැප්තැම්බර් 24, 2023
අනාචාරයේ ගොස් රටේ රෙදි ගැලවූ “ සල්ලාල තානාපති” ගේ නිදහස් වීම සහ රටට අදාල නැති පිරිමි ඇඟේ කොණ්ඩම් ප්‍රශ්නය!

අනාචාරයේ ගොස් රටේ රෙදි ගැලවූ “ සල්ලාල තානාපති” ගේ නිදහස් වීම සහ රටට අදාල නැති පිරිමි ඇඟේ කොණ්ඩම් ප්‍රශ්නය!

1
කාන්තාව ඝාතනය කිරීම ව්‍යාපාරිකයා හා භාර වුන කපුවාගේ සැලැස්මක්… ගෙල කපා කාන්තාව ඝාතනය කර අත් සහ හිස සිරුරින් වෙන් කර ඇත්තේ ඔහු…

කාන්තාව ඝාතනය කිරීම ව්‍යාපාරිකයා හා භාර වුන කපුවාගේ සැලැස්මක්… ගෙල කපා කාන්තාව ඝාතනය කර අත් සහ හිස සිරුරින් වෙන් කර ඇත්තේ ඔහු…

ඔක්තෝබර් 2, 2023
වෙළෙඳසල් හිමිකරුවෙකුගේ ගෙලට උල් පිහියක්  තබා මරණ තර්ජනය කර මුදල් කොල්ල කෑමට ගිය යාපනයේ සරසවි සිසුවෙක් අත් අඩංගුවට…

පිහි පාර කාගෙන පොලිසියට දුවගෙන පැමිනි පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිහින්!

ඔක්තෝබර් 2, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • කාන්තාව ඝාතනය කිරීම ව්‍යාපාරිකයා හා භාර වුන කපුවාගේ සැලැස්මක්… ගෙල කපා කාන්තාව ඝාතනය කර අත් සහ හිස සිරුරින් වෙන් කර ඇත්තේ ඔහු…
  • පිහි පාර කාගෙන පොලිසියට දුවගෙන පැමිනි පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිහින්!
  • 17 වසරකට පසු ආසියානු මළළ ක්‍රීඩා ඉසව්වකින් ගෙලට වැටුන පදක්කම ගිලිහී ගිය හැටි  ( වීඩියෝ සහිතයි)

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.