fbpx
ඉරිදා, ජූනි 4, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉඳුරුව ගල්කන්ද පන්සලේ නායක හාමුදුරුවන් ඝාතනය කරලා

නා හිමියන්ගේ වයස අවුරුදු 74යි... දෑත් බැඳ මුහුණට උල් ආයුධයකින් ඇණ මරලා....

by editor
ජූනි 29, 2020
in පුවත්
480 5
yatiyana-budhdhananda

යටියන බුද්ධානන්ද නායක ස්වාමින් වහන්සේ

Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ – බළපිටිය

ඉදුරුව, ගල්කන්ද රජමහd විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ කිසියම් පිරිසක් විසින් ඊයේ (28) රාත්‍රී හෝ අද (29) අළුයම ඝාතනය කර තිබේ.
මෙසේ ඝාතනය කර ඇත්තේ යටියන බුද්ධානන්ද (73) නායක ස්වාමින් වහන්සේය.
ඝාතනය සම්බන්ධයෙන් වූ මහහේස්ත්‍රාත් පරීක්ෂණය බළපිටිය මහේස්ත්‍රාත් සම්පත් ගමගේ   විසින් අද (29) පෙරවරුවේ සිද්ධිය වූ ස්ථානයේදී පවත්වන ලදි.
සිද්ධිය වූ ස්ථානයට බළපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී අයිරාංගනී ප්‍රනාන්දු ද අද (29) පෙරවරුවේ පැමිණ පශ්චාත් මරණ පරීක්ෂණයේ මූලික පරීක්ෂණ කටයුතු සිදුකළාය. පරීක්ෂණ කටයුතු සදහා දේහය බළපිටිය මූලික රෝහලට රැගෙන ගොස් තිබේ.
ඝාතනයට ලක් වූ ස්වාමින් වහන්සේගේ මෘත දේහය අද (29) පෙරවරුවේ මෙම විහාරස්ථානයේම වැඩ වාසය කරන වෙනත් ස්වාමින් වහන්සේ නමක් විසින් සොයා ගෙන තිබෙන බව කොස්ගොඩ පොලීසිය කියයි. එම ස්වාමින් වහන්සේද ඝාතනයට ලක් වූ ස්වාමින් වහන්සේගේ වයස් මට්ටමේම අයෙකු බවද කොස්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
ඝාතනයට ලක් වූ නායක ස්වාමින් වහන්සේ ඊයේ (28) රාත්‍රී 10.00 ට පමණ නින්දට ගොස් තිබෙන බවත් එයින් පසුව මෙම ඝාතනය සිදුව තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. ස්වාමින් වහන්සේගේ අත් සහ පය ගැටගසා තිබි ඇති බවත් මුහුණට උල් ආයුධයකින් ඇණ තිබූ බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි කොස්ගොඩ පොලීසිය කියයි. ස්වාමින් වහන්සේගේ බෙල්ලේද කැපුම් තුවාලයක් තිබූ බවත් කොස්ගොඩ පොලීසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය විශේෂ අපරාධ ස්ථාන විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක චන්දිමාල් ද සිල්වා   ඇතුළු එම ඒකකයේ නිලධාරීන් පිරිසක් හා අම්බලන්ගොඩ පොලීසියේ නිල සුනඛ අංශයේ නිලධාරීන්ද පැමිණ පරීක්ෂණ පවත්වා තිබේ.
කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජයවීර   ඇතුළු පිරිසක් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

RelatedPosts

කටුනායකදී ගුවන් ගමන මඟ හැරුණු අජාන් බ්‍රාහ්ම් හිමියන්ගෙන් ජනපතිට පණිවිඩයක් !

රටකට සිදුවී ඇති විනාශය… අවුරුදු 10 -24 දක්වා දරුවන් සහ තරුණයින්ගෙන් 39%කට විශාදය…

මුලු පාර්ලිමේන්තුවම එකතු වුනත් මේ වෙලාවේ රටේ ජනතාවගෙන් සියයට 50ක ඡන්ද පදනමක් නෑ… ජනපති කියයි!

Tags: නවතම
Share82Tweet48
Previous Post

පාතාල අවි ගබඩාවක් හෝමාගම මොරහේනෙන් අල්ලයි…

Next Post

සොයා මීට් සහ සැමන් ගෙදර දී හදා ගනිමු

Related Posts

Ajan-Brahmawanso
පුවත්

කටුනායකදී ගුවන් ගමන මඟ හැරුණු අජාන් බ්‍රාහ්ම් හිමියන්ගෙන් ජනපතිට පණිවිඩයක් !

ජූනි 3, 2023
depression-
පුවත්

රටකට සිදුවී ඇති විනාශය… අවුරුදු 10 -24 දක්වා දරුවන් සහ තරුණයින්ගෙන් 39%කට විශාදය…

ජූනි 3, 2023
පුවත්

මුලු පාර්ලිමේන්තුවම එකතු වුනත් මේ වෙලාවේ රටේ ජනතාවගෙන් සියයට 50ක ඡන්ද පදනමක් නෑ… ජනපති කියයි!

ජූනි 3, 2023
Next Post

සොයා මීට් සහ සැමන් ගෙදර දී හදා ගනිමු

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

Ajan-Brahmawanso

කටුනායකදී ගුවන් ගමන මඟ හැරුණු අජාන් බ්‍රාහ්ම් හිමියන්ගෙන් ජනපතිට පණිවිඩයක් !

by Lanka Sara Editor
ජූනි 3, 2023
0

depression-

රටකට සිදුවී ඇති විනාශය… අවුරුදු 10 -24 දක්වා දරුවන් සහ තරුණයින්ගෙන් 39%කට විශාදය…

by editor
ජූනි 3, 2023
0

මුලු පාර්ලිමේන්තුවම එකතු වුනත් මේ වෙලාවේ රටේ ජනතාවගෙන් සියයට 50ක ඡන්ද පදනමක් නෑ… ජනපති කියයි!

by editor
ජූනි 3, 2023
0

හරීන් වැඩ කරන්න දෙන්නෙ නෑ… රාජ්‍ය ඇමතිනී ඩයනා හරීන් ඉදිරියේම ජනපතිට කියයි!

by editor
ජූනි 3, 2023
0

suicide

මීගමුව ප්‍රාදේශීය ලේකම්ගේ මරණය – අම්මා හඬා වැටෙමින් පුතා ගත කළ පීඩාකාරී ජීවිතය ගැන කියයි!

by editor
ජූනි 3, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විදෙස් විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • කටුනායකදී ගුවන් ගමන මඟ හැරුණු අජාන් බ්‍රාහ්ම් හිමියන්ගෙන් ජනපතිට පණිවිඩයක් !
  • රටකට සිදුවී ඇති විනාශය… අවුරුදු 10 -24 දක්වා දරුවන් සහ තරුණයින්ගෙන් 39%කට විශාදය…
  • මුලු පාර්ලිමේන්තුවම එකතු වුනත් මේ වෙලාවේ රටේ ජනතාවගෙන් සියයට 50ක ඡන්ද පදනමක් නෑ… ජනපති කියයි!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist