වාහන සදහා ඉන්ධන ලබා දීම සීමා කිරිමත් සමග පෞද්ගලික වාහන මගින් ගම්බිම් බලාගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම බරපතල ගැටලුවක් වී ඇතැයි වාර්තාවේ.
මේ හේතුව මත පොදු ප්‍රවාහන සේවාව සම්බන්ධයෙන් යම් තොරතුරක් දැනගැනීම සදහා සම්බන්ධ විය හැකි ක්ෂණික දුරකථන අංකයක් ඇද්දැයි අද (15) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවකගෙන් විමසු කළ ඔහු සඳහන් කර සිටියේ තමාට දුරකථන අංකය මතක නැති බවය.
කෙසේ නමුත් පොදු ප්‍රවාහන සේවය භාවිත කරමින් ගම් බිම් බලාගිය මගී පිරිසට වඩා වැඩි පිරිසක් නැවත කොළඹට ඒමටබලා සිටින බවද වාර්තාවේ.
කෙසේ නමුත් ගම්බිම් බලාගිය මගීන් නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ 1500ක් සහ අන්තර් පළාත් බස් රථ 600ක් යොදවා අතැයිද සභාපතිවරයා සදහන් කරයි.
මේ අතර අධිවේගී මාර්ගවල ධාවනය වන පෞද්ගලිකබස්රථ සියල්ලටම ඉන්ධන ලබා දී තිබෙන බවද හෙතෙම අවධාරණයකරයි.







