ඉන්ධන මිල වැඩි කිරීම හෙට සිට ක්‍රියාත්මක වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ආරංචි මාර්ග උපුටා දක්වමින් ඩේලි මිරර් වාර්තා කරයි.
ඒ අනුව සෑම ඉන්ධන වර්ගයකම ලීටරයක මිල රුපියල් 60කට වඩා වැඩි කිරීමේ හැකියාවක් ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මීට පෙර ප්‍රකාශ කළේ ලෝක වෙළෙඳපොළේ ඩොලරයේ මිල අනුව ඉන්ධන මිල වැඩි කිරීම සෑම මසකම 24 වැනිදා ක්‍රියාත්මක විය යුතු බවය.
මේ ගණනය කිරීම අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 74 කින් වැඩිවනු ඇත. මේ වනවිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 420කි. වැඩිවූ පසු මිල රුපියල් 494ක් වනු ඇත.
ඔක්ටේන් 95 ලීටරයක දැන් මිල රුපියල් 450කි. වැඩිවනු ඇතැයි සිතන මිල රුපියල් 78කි. ඒ අනුව වැඩිවූ පසු ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 574කි. ඔටෝ ඩීසල් ලීටරයක දැන් මිල 400කි. වැඩවීමට නියමිත මිල රුපියල් 56කි. වැඩිවුන පසු ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 456ක් වනු ඇත.
සුපිරි ඩීසල් ලීටරයක දැන් මිල 445කි. වැඩිවීමට නියමිත මිල රුපියල් 65කි. වැඩිවූ පසු සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 510කි.
භූමිතෙල් ලීටරයක් රුපියල් 210 කින් වැඩිවනු ඇත. ඒ අනුව රුපියල් 87ට පැවති භූමිතෙල් ලීටරය රුපියල් 297ක් වනු ඇත.
Discussion about this post