ඉන්ධන ලබා ගැනීම සඳහා ඩොලර් නිකුත් කළ නොහැකි බව පසුගිය ජනවාරි 28 වැනිදා මහබැංකු අධිපතිවරයා ලිඛිතව දැනුම් දී ඇති පරිසරයක දෛනිකව රුපියල් මිලියන 551ක් පාඩු ලබන ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට තවදුරටත් තෙල් වෙළෙඳාමේ රැඳී සිටිය නොහැකි බවත්, ඩොලර් නැතිවීම කෙසේ වෙතත් රුපියල් නැතිවීම මත තෙල් හිඟයක් රටේ ඇතිවීමේ බරපතල අවදානම යම් පමණකින් හෝ වළක්වා ගැනීම සඳහා ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කර දෙන මෙන් තමන් අද (18) මුදල් ඇමතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදු කළ බවත් බලශක්ති ඇමති උදය ගම්මන්පිල පවසයි.
අද කැඳවූ මාධ්‍ය හමුවකදී බලශක්ති ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
ඔහු වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
“තෙල් නිශ්පාදනය කරන බහුතරයක් රටවලටත් වඩා ලංකාවේ ඩීසල් මිල අඩුයි. දකුණු ආසියාවෙ අඩුම ඩීසල් මිල තිබෙන්නෙ ලංකාවෙ. ඉන්දියාවෙ ඩීසල්මිල ලංකාවේ මිල වගේ දෙගුණයකටත් වඩා වැඩියි.“
“තෙල් සංස්ථාව ගණය කිරීම් අනුව පෙට්‍රල් 92 ලීටරයකින් රුපියල් 19ක්, පෙට්‍රල් 95 ලීටරයකින් රුපියල් 17ක්, ඩීසල් ලීටරයකින් රුපියල් 52ක්, සුපරි ඩීසල් ලීටරයකින් රුපියල් 35ක් බූමිතෙල් ලීටරයකින් රුපියල් 63ක් අලාභ ලබමින් තමයි තෙල් විකිණීම සිදුවෙන්නේ.
ඒ අනුව එක් දිනකට සංස්ථාව ලබන පාඩුව රුපියල් මිලියන 551ක්. මේ ආකාරයෙන් සංස්ථාවට තෙල් වෙළඳාමෙ යෙදී සිටින්න බැරි වෙනවා…
තෙල් ආනයනය කිරීමට ඩොලර් ලබා දීම කළ නොහැකියි කියලා ශ්‍රී ලංකා මහ බැංකුවෙ අධිපති තුමා ජනවාරි මාසයේ 28 වැනිදා ලිඛිතව මට දැනුම් දීමක් සිදුකරලා තියනවා.
මේ තත්වය මත ඩොලර් නැතිවීම කෙසේ වෙතත් රුපියල් නැතිවීම මත තෙල් හිඟයක් රටේ ඇතිවීමේ බරපතල අවදානමක් . තිබෙනවා.
මේ අතරෙ සංස්ථාව ගණනය කිරීම් අනුව පෙට්‍රල් 92 ලීටරයක් මත රුපියල් 42ක්, පෙට්‍රල් 95 ලීටරයක් මත රුපියල් 64ක්, ඩීසල් ලීටරයක් මත රුපියල් 17ක්, සුපිරි ඩීසල් ලීටරයක් මත රුපියල් 39ක් ලෙස බදු පනවා තිබෙනවා. මේ බදු මගින දිනකට රුපියල් මිලියන 367ක් මුදල් අමාත්‍යාංශය උපයා ගනු ලබනවා.
මේ බදු සියල්ල ඉවත‍් කලොත් සංස්ථාව දෛනිකව ලබන රුපියල් මිලියන 552 පාඩුවෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ආවරණය කරගන්න පුලුවන් වෙනවා.
ඒනිසා අද දින මම ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කර දෙන මෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකරලා තියනවා.
දැන් මේ







