ඉන්දීය විදේශ ඇමති ඊයේ දිනයේම ලංකාවේ ඇමතිවරුන් හතක් හමුවෙයි!

ශ්‍රි ලංකාවට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය  ආචාර්ය ජේ ජයශංකර් ඊයේ (19)  විදේශ අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යවරුන් සත් දෙනකු සමඟ සාකච්ඡා පවත්වා ඇත. ඊයේ සවස ශ්‍රි ලංකාවට පැමිණි විදේශ අමාත්‍යවරයා සිය කාර්ය බහුල වැඩ සටහන තුළ විදේශ අමාත්‍ය අලි සබ්රි, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, වැවිලි කටයුතු පිළිබඳව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම සහ විදේශ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය අමාත්‍යවරුන් ඒ අනුව  මෙලෙස හමුවී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔවුන් සමඟ ඊයේ මධ්‍යම රාත්‍රිය ආසන්න වන තෙක්ම   මෙම සාකච්ඡා පැවැති බව වාර්තා වේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිය නිල ට්ටිවටර් ගිණුමට පනිවිඩයක් එක් කරමින් විදේශ අමාත්‍යවරයා පවසා තිබුණේ ශ්‍රි ලංකාවේ ණය අර්බුදය හමුවේ ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියට සහය ලබා දෙන බව නිල වශයෙන් දැනුම් දුන් බවයි. එමෙන්ම අද පෙවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන ඔහු පවසා ඇත.

 

Exit mobile version