තිරසාර සංවර්ධනයකට ඉන්දියාව රාජ්‍ය ප්‍රාග්ධන වියදම් වැඩිකිරීමේ සූදානමක්
ඉන්දියාවට දිගු කාලීන සංවර්ධන ඉලක්ක අත්පත් කරගැනීමට නම් රාජ්‍ය ප්‍රග්ධන වියදම් සමාජ සුබසිද්ධිය උදෙසා වැය කිරීම අතිශය වැදගත් බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතරාමන් අවධාරණය කරයි.
පසුගියාදා පැවති ජී20 සමුළුවට එක්වෙමින් ඉන්දීය මුදල් අමාත්‍යවරිය මේ බව පවසා ඇත. ලොව ප්‍රබලතම ආර්ථිකයක් බවට පත්වෙන ඉන්දියාවේ මුදල් අමාත්‍යවරිය මේවන ලොව බලගතුම චරිතයක් බවට පත්ව තිබේ.
ඒ අනුව ඇයට මේ වන විට ගෝලීය වශයෙන් ඉහළ පිළිගැනීමක් හිමිවන අතර ඇයගේ අදහස් ගෝලීය ආර්ථිකයේ දිශානතිය තීරණය කිරීමට විශාල වැදගත් වන බවද ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.
සීතාරාමන් ආමාත්‍යවරිය එම සමුළුවේදී පෙන්වා දුන් ආකාරයට ඉදිරියේදී ඉන්දියාවේ සෞඛ්‍ය හදිසි තත්ත්ව සඳහා වැඩි ප්‍රාග්ධනයක් වැය කළයුතු බවද ඉන්දුනීසියාවේ බාලි හිදී පැවති මෙම සමුළුවේදී පෙන්වා දුන්නාය.
ඒ අනුව ඉන්දීය මුදල් අමාත්‍යවරිය පෙන්වා දෙනු ලැබුවේ ඇය විසින් ඉන්දියාවේ රාජ්‍ය ප්‍රාග්ධන වියදම් 2022- 2023 මූල්‍ය වර්ෂය සදහා සියය 35.4 කින් ඉහළ දමා ඇති බවයි. මෙම වැයකිරීම ඉදිරියේදී තවදුරටත් ඉහළ දැමීමට තමන් පියවර ගන්නා බවද ඇය මෙහිදී පෙන්වා දුන්නාය.
මේවන විට ලොව වේගවත්ම වර්ධනයක් පෙන්නුම් කරන ආර්ථිකය ඉන්දියාව බවට පත්ව ඇති අතර එරට ආර්ථිකය වර්ෂිකව සියය 8.2 වේගයකින් වාර්ධනය වේ. ඒ අනුව ඉන්දියාව තිරසාර සංවර්ධනයක් අත්කර ගැනීමට රට රාජ්‍ය ප්‍රාග්ධන වියදම් නිසි ලෙස කළමනාකරණය කරගැනීමට ඉතාම වැදගත් බවද මුදල් අමාත්‍යවරයි සඳහන් කළාය.







