සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දීය ප්‍රබල යුධ නැවක් මේ සතියේ කොළඹට

by Lanka Sara Editor
අගෝස්තු 24, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දීය නාවික හමුදාවේ ඉදිරිපෙළ යුධ නෞකාවක් වන INS මුම්බායි නෞකාව තෙදින සංචාරයක් ස‍‍ඳහා අගෝස්තු 26 වන දින කොළඹට පැමිණීමට නියමිතය.  මෙම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් උත්සවාකාරයෙන් පිළිගැනීමට නියමිත බව ශ්‍රි ලංකාවේ  ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

INS මුම්බායි නෞකාව දිල්ලි පන්තියේ destroyers යුධ නෞකා අතර තෙවැන්න වන අතර දේශීයව නිෂ්පාදනය කරන ලද එය 2001 ජනවාරි 22 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාවට එක් කරන ලදී. මෙම නෞකාව එහි නම ද වන මුම්බායි නගරයේ මැසගොන් ඩොක් ලිමිටඩ් හි නිෂ්පාදනය කරන ලදී. නෞකාව සිය මැදි ජීවන උත්ශ්‍රේණි කිරීම සම්පූර්ණ කර 2023 දෙසැම්බර් 08 වන දින විසාකාපට්නම් හිදි නැගෙනහිර නාවික විධානය සමඟ එක් විය. මෙය INS මුම්බායි නෞකාව විසින් ශ්‍රී ලංකාවේ වරායක් වෙත සිදු කරනු ලබන ප්‍රථම සංචාරය වන අතර මෙම වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි අට වන නෞකාව වේ. ඉන්දීය නාවික හමුදාවේ INS කබ්රා, කරන්ජ්, කමෝර්තා සහ ශල්කි නෞකාවන් මෙන්ම ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ සමර්ථ්, අභිනව් සහ සැෂේ නෞකාවන් ද මෙම වසරේදී ශ්‍රී ලංකාවට පැමිණියේය.

INS මුම්බායි නෞකාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙහෙයවනු ලබන ඩෝනියර් සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය ස‍‍ඳහා අත්‍යාවශ්‍ය අමතර කොටස් රැගෙන එනු ඇත. ඩෝනියර් ගුවන් යානය දෙවසරකට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක් කරන ලද අතර එතැන් සිට ශ්‍රී ලංකාවේ මුහුදු වගකීම් කලාපය සඳහා සුවිශේෂි සහ තීරණාත්මක ආවේක්ෂණ හැකියාවක් ලබා දී ඇත. එසේම මෙය ශ්‍රී ලංකාවේ විශාල සුවිශේෂී ආර්ථික කලාපයේ සෙවීම් සහ මුදවාගැනීමේ හැකියාව ද බෙහෙවින් ඉහළ නංවා ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් සහ ගුවන් යානා මෙහෙයවන්නන් පුහුණු කිරීමට අමතරව ඉන්දියානු නාවික හමුදාව තාක්ෂණ කණ්ඩායමන් සහ අමතර කොටස් සමඟින් ගුවන් යානයේ නඩත්තුව ස‍ඳහා ද සහයෝගය ලබා දෙයි. මෙම වසර මුලදී පැමිණි ඉන්දීය නෞකාවක් විසින් අවශ්‍ය ද්‍රව්‍ය ආධාර ගෙන එන ලදී. INS කබ්රා සහ පසුව ICGS සැෂේ නෞකාවන් විසින් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ සුරක්ෂා නෞකාව සඳහා අමතර කොටස් රැගෙන එන ලදී.

කොළඹ රැඳී සිටින කාලය තුළ INS මුම්බායි නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන් ස‍ඳහා නෞකාව තුළ හුරු පුරුදු කිරීමේ සංචාරයන් පවත්වනු ඇති අතර එහි අරමුණ වන්නේ දෙරට නාවික හමුදාවන් අතර මනා පිළිවෙත් බෙදා හදා ගැනීමයි. මෙම මාසය මුලදී ශල්කි සබ්මැරීනය විසින් සිදු කළ සංචාරය අතරතුරදී ත්‍රිකුණාමලය නාවික සහ සමුද්‍රීය ඇකඩමියේ දීර්ඝ කාලීන විශේෂිකරණ පාඨමාලාවේ ශිෂ්‍ය නිලධාරීන් සහ කැඩෙට් නිලධාරීන් සඳහා සබ්මැරීනය වෙත සංචාරයක් සංවිධානය කර තිබූ බව ද මෙහි ලා සිහිපත් කළ යුතුය. ඉන්දීය නාවික හමුදාව ශ්‍රී ලංකා නාවික හමුදාවේ ධාරිතා ගොඩනැගීම ස‍ඳහා ඉන්දියාවේ ජලගෝලීය විද්‍යාව යන ප්‍රධාන ක්ෂේත්‍රය ඇතුළු විවිධ විශේෂ‍ඥ පාඨමාලා ද ලබා දෙයි.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

INS මුම්බායි නෞකාව කොළඹට පැමිණීමෙන් අනතුරුව නෞකාවේ අණදෙන නිලධාරිතුමා බටහිර නාවික මූලස්ථානයේදී බටහිර නාවික ප්‍රදේශය භාර අණදෙන නිලධාරී රියර් අද්මිරාල් ඩබ්. ඩී. සී. යූ. කුමාරසිංහ මහතා හමු වනු ඇත. නෞකාවේ කාර්ය මණ්ඩලය විවිධ ක්‍රීඩා කටයුතු, යෝගා සහ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් වැනි විවිධ ඒකාබද්ධ කාර්යයන්හි ද නිරත වනු ඇත.

අරාබි මුහුද සහ බෙංගාල බොක්ක හරහා ගමන් කරන අතරතුර ශ්‍රී ලංකාවේ වරායන් වෙත පැමිණීම ඉන්දියානු නාවික හමුදාව සම්ප්‍රදායක් ලෙස සිදු කරන දෙයකි. මෙම සංචාරය නෞකාවට අවශ්‍ය ඉන්ධන සහ අනෙකුත් සැපයුම් සම්පාදනය කර ගැනීමට සිදු කරන සංචාරයක් ලෙස හඳුන්වා දිය හැකිය. මෙම සංචාරය අතරතුර නෞකාවේ කාර්ය මණ්ඩලය සඳහා විවේක ගැනීමට සහ ප්‍රබෝධවත් වීමට ද කාලය හිමි වනු ඇති අතර නගරයේ වැදගත් ස්ථාන මෙන්ම කොළඹ සහ ගාල්ලේ ජනප්‍රිය සංචාරක ආකර්ෂණ ස්ථාන ද දැක බලා ගැනීමට අවස්ථාව හිමි වනු ඇත.

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඡන්දයේදී  වියදම් බෙදා ගැනීම  ගැන මැතිවරණ කොමිසම කියයි

Next Post

පෙරහර මංගල්‍යයෙන් අලි ඇතුන් ඉවත් කිරීමේ කූඨ උත්සාහයක් ගැන මහාචාර්ය දංගොල්ල හෙළි කරයි….

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.