එලඹෙන ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයකු සඳහා වැය කළ හැකි සමස්ත මුදලින් සියයට 60ක් අදාළ අපේකෂකයාට වියදම් කළ යුතු බවත් එම මුදලින් ඉතිරි සියයට 40 අදාළ අපේක්ෂකයා ඉදිරිපත් කරන දේශපාලන පක්ෂය විසින් වියදම් කළ යුතු බවටත් මැතිවරණ කොමිසම ප්‍රකාශ කරයි. 2023 අංක 03 දරණ මැතිවරණ වියදම් පනතට අනුකූලව මෙසේ වියදම් කළ බවට වියදම් වාර්තා ඉදිරිපත් කළ යුතු බව ද කොමිසම පවසයි.
එම නියමයන්ට අනුව මෙරව ජනාධිපතිවරණ අපේකසකයකු සිය ප්රචාරක තටයුතු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් මිලියන 1868.3ක් (කෝටි 186ක්) ලෙස දක්වා ඇති අතර එයින් සියයට 60ක ප්‍රතිශතය එනම් රුපිල් මිලියන 1121ක් තරග කරන අපෙක්ෂකයාට කළ හැකි වියදම් උපරිම සීමාව ලෙස දක්වා තිබේ. දේශපාලන පක්ෂයක් විසින් ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයකු මේ අනුව ඉතිරි සියයට 40 ලෙස රුලියල් මිලියන 747.3ක් උපරිමව වැය කළ හැකි බව දක්වා තිබේ.
මැතිවරණ වියදම් පිළිබද පනතට අනුව මෙරව ජනාධිපතිවරණයේදී එක් ඡන්දදායතයකු වෙනුවෙන් ප්රචාරක කටයුතු සඳහා වියදම් කළ යුතු මුදල ලෙස නිර්ණය කළ රුපියල් 109 පදනම් කරගෙන මෙම වියදම් සීමා සකස් කර ඇති අතර අද මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද සම්සූර්ණ මාධ්‍ය නිවේදනය පහත පරිදි වේ.








