‘පර්සියානු ගල්ෆ් කලාපයේදී ඉන්දීය නාවික හමුදාවේ තල්වාර් හමුදාව, බහරේන් මනාමා වල නැංගුරම්ලා තිබූ යුධ නෞකාවකදී කලාපයට යොදවා ඇති බහු-ජාතික හමුදා සමඟ ද්විපාර්ශවික ක්රියාකාරකම්වල නියැලිණි. සංකල්ප්’ මෙහෙයුමෙහි කොටසක් ලෙස මෙය සිදු කෙරී ඇත.
මෙම යුධ නෞකාව මේ වසරේ ජූනි 27 සිට 29 දක්වා බහරේන් මනාමා වරායේ නැංගුරම් ලා තිබිණි.
මෙහිදී දෙපාර්ශවයේ අන්තර් ක්රියාකාරී හැකියාවන් වර්ධනය කිරීම උදෙසා ද්විපාර්ශවික සාකච්ඡා හා ක්රියාකාරකම් සිදු කෙරුණු අතර ජාතික ආරක්ෂක ඒජන්සියට අයත් ‘ෂිප් ඉන් අ බොක්ස්’ (වෙළෙඳ යාත්රාවක පාලමක් මෙන් පෙනෙන පරිදි එකලස් කරන ලද බහාලුම්වලින් සාදා ඇත. එය සෝමාලියානු නීතිය ක්රියාත්මක කරන ආයතනවලට වෙළෙඳ නැව්වල පරීක්ෂණ පැවැත්වීම සඳහා ගොඩබෑමේ ක්රියා පටිපාටිය පුහුණු කිරීමට ඉඩ සැලසේ ) පහසුකම භාවිතා කරන්නට නැවේ කාර්ය මණ්ඩලයට අවස්ථාව සැලසිණි.







