ඉන්දීය දූත පිරිස සහ ජනපති ගෝඨාභය හමුව ගැන ඉන්දීය මාධ්‍ය කී කතාව…

ශ‍්‍රී ලංකාව මුහුණ දී ඇති දුෂ්කර තත්ත්වයෙන් මිදීම සඳහා ඉන්දියාවේ උපරිම සහයෝගය ලබා දෙන බව ඉන්දීය විදේශ ලේකම්  විනේ ක්වාත්‍රා අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පොරොන්දු  වූ බව ද හින්දු පුවත්පත පවසයි.

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඉන්දීය  විදේශ ලේකම් විනේ ක්වාත්‍රා ඇතුළු ඉන්දීය දූත පිරිස   අතර  හමුව ඉතා ඵලදායී ලෙස පැවැත්වුණු බවත්  එහිදී ඔවුන් දිවයිනේ වත්මන් තත්ත්වය සහ මේ රටේ පෙර නොවූ විරූ ආර්ථික අර්බුදය අවම කිරීම සඳහා ඉන්දියාවෙන් ලබා දෙන  අඛණ්ඩ සහයෝගය පිළිබඳවත් සාකච්ඡාවට බඳුන් වී තිබුණු බවත් වාර්තා විය.

ඉන්දීය  විදේශ ලේකම්වරයා සමඟ ඉන්දීය මුදල් අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු දෙපාර්තමේන්තුවේ ලේකම් අජේ සෙත්, ඉන්දීය රජයේ ප්‍රධාන ආර්ථික උපදේශක ආචාර්ය වී අනන්තා නාගේෂ්වරන් සහ ඉන්දීය සාගර කලාපයේ (IOR) සම ලේකම් කාර්තික් පාණ්ඩේ ද මෙම අවස්ථාවට එක්ව සිටිය බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාවට අවශ්‍ය  ඉන්ධන, ඖෂධ, පොහොර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සම්බන්ධයෙන් දැනටමත් ලබා දී ඇති ආධාර සමාලෝචනය කළ නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට සහය දැක්වීමට ඉන්දීය රජය කැපවී සිටින බව පැවසූ බව වාර්තාවේ.

RelatedPosts

ඉන්දීය  විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්ඩම් බාග්චි    පැවසුවේ  විනේ ක්වාත්‍රා,   අජේ  සෙත් සහ අනන්තා  නාගේස්වරන් සමග  ජනාධිපති රාජපක්ෂ හමුවී ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සහ ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය පිළිබඳව ඵලදායී සාකච්ඡා පැවැත්වූ බවයි.

ආයෝජන ප්‍රවර්ධනය කිරීම, සම්බන්ධතාව සහ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමෙන්  ශ්‍රී ලංකාවට ඉක්මන් ආර්ථික ප්‍රකෘතිය සඳහා උපකාර කිරීමට ඉන්දියාව සූදානම් බව ඉන්දීය නියෝජිත පිරිස මෙම හමුවේදී අවධාරණය කළ  බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශකයා පවසා ඇත.

“ඉන්දියාවේ #NeighbourhoodFirst ප්‍රතිපත්තියට ශ්‍රී ලංකාවේ කේන්ද්‍රීයත්වය නැවත අවධාරණය කරන ලදී. දෙපාර්ශවයම ඉන්දියා-ලංකා සබඳතා වර්ධනය කිරීම සඳහා කැපවීම යලි තහවුරු කරන ලදී,”

අරින්ඩම් බාග්චි ඉන්දීය මාධ්‍යවලට කීවේ එසේය.

1948 නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දරුණුතම ආර්ථික අර්බුදය නිසා දිවයින පුරා ආහාර, ඖෂධ, ඉවුම් පිහුම් ගෑස් සහ ඉන්ධන වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල උග්‍ර හිඟයක් ඇති වී තිබෙන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

.ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ (Gopal Baglay), නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් ජෙකබ් (Vinod K Jacob), සහ ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්   ඇතුළු පිරිසක්ද  මෙම සාකච්ඡාවට එක් වී ඇත.

Related Posts

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ADVERTISEMENT

Advertisement

ADVERTISEMENT