ඉන්දියා පකිස්ථාන යුදමය තත්ත්වය තුළ කිසිම පාර්ශවයක් නොගෙන නොබැඳි පිළිවෙතක් අනුගමනය කිරීමට රජය තීරණය කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (08) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී පැවසුවේය.
කුමණ ආකාරයේ ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෝකයේ කොතැන සිදුවුව ද එයට අනුබල දීමක් හෝ අනුමත කිරීමක් රජය සිදු නොකර බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ ද කීවේය.
විශේෂයෙන්ම විදේශ අමාත්‍යාංශය මේ සම්බන්ධව නිරන්තර අවධානයක් යොමු කරමින් ආණ්ඩුවට කරුණු වාර්තා කරනවා. අපි මුල සිටම සිටි ස්ථාවරය අනුව ඉන්දියානු සාගරයේ භූ දේශපාලන ගැටුම්වලට මැදිහත් වෙන්නේ නෑ. අපේ ස්වයිරී භාවය ආරක්ෂා කරගනිමින් නොබැඳි පිළිවෙතක් අනුගමනය කරනවා.
ඒ වගේම කියන්න ඕන කොයිම ආකාරයට හෝ පැන නගින ත්රස්තවාදයක් අනුමත කරන්නෙත් නෑ. අනුබල දෙන්නෙත් නෑ. ත්‍රස්තවාදය වැලැක්වීම සදහා ගන්නා ක්‍රියාමාර්ගයක දී ලබා දිය හැකි සහාය ඕනෑම තැනක දී ලබා දෙන්න අපි සුදානම්.
ඒ නිසා අපට වැදගත් වෙන්නේ කාලපයේ ආකර්ෂාව, මහ ජනතාවගේ ආරක්ෂාව සහ කලාපයේ සාමය. ඒ වෙනුවේන අපි කටයුතු කරනවා. මේ සම්බන්ධව වර්ධනය වන තත්ත්වයන් අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය ආණඩුවේ ස්ථාවරය විටින් විට වාර්තා කරයි.







