බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික ගැටුමකට ආසන්න කළ ඉන්දීය ධීවරයාගේ මළ සිරුර ඉන්දියාවට භාර දෙයි…!

by editor
අගෝස්තු 4, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාව තුළදී ජූලි මස 31 වන දින නාවික හමුදා යාත්‍රාවක ගැටී අනතුරට ලක් වූ ධීවරයින් දෙදෙනා (02) සහ, ප්‍රතිකාර සඳහා පුංගුඩුතිව් රෝහල වෙත ඇතුලත් කිරීමේදී ජීවිතක්‍ෂයට පත්ව සිටි ධීවරයා ගේ මෘතදේහය ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS BITRA’ නෞකාව වෙත ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් පෙරේදා (02) භාර දී ඇත.

මෙසේ මියගොස් තිබුණේ ඉන්දියාවේ රාමේස්වරන් ප්‍රදේශයේ පදිංචි එස්.මලයිවාමී නැමති 51 හැවිරිදි ධීවරයෙකි. අනතුරින් පසු තවත් ධීවරයෙක් අතුරුදහන්ව ඇති අතර එම ධීවරයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මකව ඇත.


නාවික හමුදාව වාර්තා කර ඇති පරිදි සිද්ධිය මෙසේය.

යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාව තුළට අනවසරයෙන් පැමිණි ඉන්දීය ධීවර යාත්‍රා, අනවසර ධීවර කටයුතු වල නිරත වන බව නාවික හමුදාවට නිරීක්‍ෂණය වී ඇත.

එම ධීවර යාත්‍රා ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙන් ඉවත් කිරීම සඳහා 2024 ජූලි මස 31 වන දින රාත්‍රී කාලයේ නාවික හමුදා යාත්‍රා යෙදවීමට කටයුතු කෙරිණි. එහිදී, එම අනවසර ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක් අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු මෙහෙයවමින් සිටින අවස්ථාවේදී, නාවික හමුදා නියෝගයන්ට ප්‍රතිරෝධය දක්වා (Aggressive Manoeuvre) නාවික හමුදා අත්අඩංගුවට පත්වීමෙන් වැලකී පලායාමට සැරසුන එක් ඉන්දීය යාත්‍රාවක් නාවික හමුදා යාත්‍රාවක ගැටී ඉදිරියට යාත්‍රා කර පෙරළී, මුහුදුබත් වී ඇත.

එහිදී, ආපදාවට පත් ඉන්දීය ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් සිව් දෙනා (04) මුදා ගැනීම වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව, මුහුදුබත් වෙමින් තිබූ යාත්‍රාව වෙත ජීවිත ආරක්‍ෂක උපකරණ යොමුකර එහි සිටි ධීවරයින් තිදෙනෙකු මුදාගැනීමට කටයුතු කර තිබේ.

මුදාගත් ධීවරයින් අතරින් එක් ධීවරයෙකුගේ තත්වය අසාධ්‍යව පැවති බැවින්, එම ධීවරයාගේ ජීවිතය බේරාගැනීම සඳහා එම මුහුදු ප්‍රදේශයට ආසන්නයෙන්ම පිහිටි පුංගුඩුතිව් රෝහල වෙත කඩිනමින් ඔහුව යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කර ඇත. එහෙත් එම උත්සාහය ව්‍යාර්ත කරමින් එම ධීවරයා රෝහල වෙත ඇතුළත් කරන විටත් ජීවිතක්‍ෂයට පත්ව සිට ඇති බවට රෝහල් බලධාරීන් විසින් තහවුරු කළ බව නාවික හමුදාව කියයි.

එමෙන්ම, මුහුදේ පැවති රළු ස්වභාවයත් දැඩි සුළං තත්වයත් හමුවේ අනතුර හේතුවෙන් තවත් ධීවරයෙක් එම මුහුදේ අතුරුදහන්ව ඇත. එම අතුරුදහන් වූ ධීවරයා සොයා නාවික හමුදාව ඩෙල්ෆ් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාවට නැංවූ අතර, එම මෙහෙයුම සඳහා ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ යාත්‍රාවන්ද සම්බන්ධ විය.

නාවික හමුදාව විසින් මුදවාගත් යහපත් සෞඛ්‍ය තත්වයකින් පසු වූ ධීවරයන් දෙදෙනා (02) සහ ජීවිතක්‍ෂයට පත් ඉන්දීය ධීවරයාගේ මෘතදේහය ඉදිරි කටයුතු සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් ඉන්දීය නාවික හමුදාවේ ‘INS BITRA‘ නෞකාව වෙත භාරදීම 2024 අගෝස්තු මස 02 වන දින ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර ජාත්‍යන්තර මුහුදු සීමාවේදී සිදුකෙරිණි.

මෙම මරණය සහ අතුරුදහන් වූ ධීවරයා සම්බන්ධව ඉන්දීය රජය ශ්‍රී ලංකා රජයට දැඩි විරෝධය පළ කළ අතර ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ගෙන්වා එම අවවාදාත්මක ස්වරූපයක් සහිත අප්‍රසාදය පළ කළේය.

මීට පෙර ඉන්දිය ධිවරයින් පිරිසක් අත් අඩංගුවට ගැනීමට යෑමේ දී ඉන්දීය ධීවරයින් විසින් පහර දී නාවික හමුදාවේ නිලධාරියෙක් මරා දැමූ අතර ඒ සම්බන්ධව විධිමත් විරෝධයක් රටක් ලෙස ගොනු කිරීමට පවා ශ්‍රී ලංකාව අපොහොසත් වී සිටි පසුබිමක ඉන්දීය රජය මෙම දැඩි අවවාදය ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කර ඇත.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගේමක්ම ඉල්ලනව ද?… යාපනය වෙරළ සීමාවටම ඇවිත් මාළු අල්ලමින් සිටි ඉන්දීය ධීවර කොල්ලකරුවන් 04ක් අත් අඩංගුවට…

Next Post

පාසල් වියේ පසුවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත් අඩංගුවට…

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.