දිනසේන රතුගමගේ –
ඉන්දියාවේ මණ්ඩපම් ප්‍රදේශයේ සිට බෝට්ටුවකින් පුත්තලම ප්‍රදේශයට පැමිණ අතුරුදහන් වූ පිරිසක් සෙවීම සඳහා නාවික හමුදාව හා පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
ඉන්දියාවේ රාමනාතන්පුරම් ධීවර සංගමය යටතේ TNI/TN/11/MO/1108 අංකයට ලියාපදිංචි කොට අති මෙම බෝට්ටුවේ හිමිකරු රාමනාතපුරම්, සේතුනගර් ලිපිනයේ පදිංචි චකුල්හමීඩ් රපිගහන් ලෙස හඳුනාගෙන ඇත.
ඉන්දියාවේ සිට පැමිණි මෙම බෝට්ටුව පුත්තලම බත්තලංගුණ්ඩුව ප්‍රදේශයේ දමා ඉන් පැමිණි පිරිස පලා ගොස් ඇති අතර නාවික හමුදාව විසින් එම බෝට්ටුව සොයා ගෙන තිබේ.
පැමිණි පිරිස පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත







