ගෝලීය දකුණේ වේගයෙන් වර්ධනය වන ආර්ථිකයක් හිමි ඉන්දියාව, ඩොලර් හිඟයකට මුහුණ දීමට සිදු වුවහොත් වෙළෙඳ හවුල්කරුවන් හට ගෙවීම් සිදු කිරීමට ඉන්දියානු රුපියල විකල්ප මුදල් ඒකකයක් ලෙසින් යොදා ගැනීමට කටයුතු කරමින් සිටියි.
‘ටයිම්ස් ඔෆ් ඕමාන්’ වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට විකල්ප මුදල් ඒකකයක් ලෙසින් භාවිතා කළත්, රුපියල ජාත්‍යන්තර ගනුදෙනුවලදී ඩොලර් හුවමාරු කිරීමට අදහස් නොකරන බව බලධාරීන් සඳහන් කර තිබේ.
ලෝක බැංකුව නිකුත් කරන ලද වාර්තාවකට අනුව, ලෝකයේ 23 හා 24 තුළ, ඉන්දියාව වඩාත් වේගයෙන් වර්ධනය වන ආර්ථිකයක් හිමි රටකි. ගෝලීය ආර්ථිකය තුළ, ඉන්දියාවේ විශාල භූමිකාව සම්බන්ධයෙන් ගෝලීය දකුණ වඩාත් උද්යෝගීමත්ව සිටියි.
ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය පළමු නව දිල්ලිය සංචාරයට පෙර ඉන්දීය ප්‍රධාන විධායක නිලධාරී සංසදය අමතමින් මෙම උද්යෝගිමත් හැඟීම අනුමත කළේය. “වසර 75 කට පෙර ජපානය, කොරියාව සහ චීනය වැනි රටවල් නැගෙනහිර ආසියාවේ බලය පැතිරුවා සේම ඉන්දියානු සාගර කලාපයේ බලය පැතිරවීමේ වාරය දැන් ඉන්දියාව සතුයි..” ඔහු සඳහන් කර ඇත.
වඩාත් වේගයෙන් වර්ධනය වන වෙළෙඳපොළක් සහිත ඉන්දියාව සිදු කළ යුතු නවතම දෙයක් වන්නේ ගෝලීය දකුණේ සිය සගයන් සමඟ වෙළෙඳ හා ආර්ථික ගනුදෙනු සිදුකිරීමේදී සිය මුදල් ඒකකයෙන් ගනුදෙනු කිරීමට ඉඩ සැලැස්වීමයි. අප්‍රේල් මාසයේදී බ්ලූම්බර්ග් වාර්තා කළේ ඩොලර් හිඟයකට මුහුණ දෙන රටවලට වෙළඳාම සඳහා විකල්පයක් ලෙස ඉන්දියාව සිය මුදල් ලබා දෙන බවයි.







