ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරනු ලැබූ පළමු බිත්තර තොගය අද (23) අළුයම දිවයිනට ළඟා වී ඇති බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ අධ්යක්ෂ ටී.ඒ.ඩී රංජිත් පවසයි.
රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේ බිත්තර මිල පාලනය කිරීමේ අරමුණු සහිතව රජය විසින් ගත් තීන්දුවක් ප්‍රකාරව මෙසේ පළමු බිත්තර තොගය ලෙස බිත්තර මිලියන 02ක් ආනයනය කර ඇති බවය.
අදාල බිත්තර සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකරන ලද පරීක්ෂණවලින් අනතුරුව නිදහස් කර සහනදායී මිලකට බේකරි කර්මාන්තය ආශ්රිත නිශ්පාදන සඳහා ලබා දීමට සැලසුම් කර ඇති බව රජය පවසයි.