දිනසේන රතුගමගේ –
ඉන්දීය සාම සාධක හමුදාව යාපනයේ රැදී සිටි කාල වකවානුවේදී ඔවුන් අතින් එකම දිනයකදී ඝාතනයට ලක් වූ දෙමළ වැසියන් 55 දෙනෙකු මියගොස් වසර 35 ක් පිරීම නිමිත්තෙන් යාපනයේ නල්ලූර් පිරම්පාඩි ප්රදේශයේ පිහිටි ස්මාරකයට මියගිය අයගේ ඥාතීහු මල් පහන් පූජා කළහ.
ඔවුන් මරා දමා 35 වසර ඊයේ සැමරිනි.
යාපනයේ කොකුවිල් ප්රදේශයේ මෙම 55 දෙනාම මරා දමන ලද්දේ 1987 ඔක්තෝබර් මස 12 වෙනිදාය.
මියගිය ඒ පිරිස වෙනුවෙන් මේ දක්වාම කිසිම වන්දි මුදලක් නොලැබුණු බවද එම ඥාතීහු මේ අවස්ථාවේදී සිහිපත් කළහ.