ඉන්දියන් යූරියා නැව තවත් මාසයකින්… ජූලි 10 -11 අතර කොළඹට…

අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ –

ඉන්දියාවෙන් ලංකාවට ලබා දීමට පොරොන්දු වූ යූරියා පොහොර නැව ජූලි10 හෝ 11 කොළඹ වරායට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

යූරියා මෙට්‍රික් ටොන් 65000ක් රැඟත්  එම නෞකාව ජුනි 28 වැනිදා ඕමානයෙන් පිටත් වීමට නියමිත බව කී මහින්ද අමරවීර මහතා ජුලි 15වැනිදා සිට අදාල පොහොර ගොවීන් වෙත බෙදා දීමට හැකි වන බව සඳහන් කළේය.

අදාල යූරියා තොගය පොහොර ලේකම් කාර්යාලය, කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම හරහා ගොවිජන සේවා මධ්‍යස්ථාන වලට බෙදා දෙන අතර ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් කිලෝ 50ක පොහොර මිටියක් රුපියල් දස දහසකට අලෙවි කිරීමට කටයුතු කරන බවද සඳහන් කළේය.

යල කන්නයේ වී හා බඩඉරිඟු ගොවීන් සඳහා මෙම පොහොර ලබා දෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ පැවති කෘෂිකර්ම උපදේශක කාරක සභාවේ දී මන්ත්‍රීවරුන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසූයේ ඉන්දියාවේ ප්‍රයෝජනය සඳහා  ඇනවුම් කර තිබූ මෙම පොහොර නැව පසුව ලංකාවට ලබාදීමට ඉන්දීය රජය තීරණය කළ බවයි.ශ්‍රී ලංකාවට අසීරු අවස්ථාවක ඉන්දියාව ගත් එම තීරණය සම්බන්ධයෙන් කෘතඥතාවය පළ කළ යුතු බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

RelatedPosts

ලංකාදීප – 

Related Posts

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ADVERTISEMENT

Advertisement

ADVERTISEMENT