බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දික අනුරුද්ධට සම්බන්ධ මැරයින්ගේ ප්‍රහාරයට ලක් වූ ඕමාන ආයෝජන සමාගමට නීතිය ඉටු නොවුනොත් රට හැර යන බව දන්වයි!

by editor
අප්‍රේල් 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධට සම්බන්ධ දේශපාලන මැර පිරිසක් විසින් ප්‍රධාන ඕමාන ආයෝජකයෙකුට අයත්  කටානේ පිහිටි අල් ඔබේදානි සමාගමේ  කළමණාකාර අධ්‍යක්ෂවරයාට කළ මැර පහරදීම  සම්බන්ධයෙන් නීතිය නිසි  ආකාරයෙන් ක්‍රියාත්මක නොවන්නේ ශ්‍රී ලංකාවේ සිදුකරන මෙහෙයුම් නතරකර සිය   ආයෝජනයත් රැගෙන ලංකාවෙන් පිටවී යෑමට ආයෝජකයින් තීරණය කර ඇති බව   ශ්‍රී ලංකාවේ ඕමාන   තානාපතිවරයා   විදේශ අමාත්‍ය අලි සබ්රි වෙත  අද (03) දැනුම් දී තිබේ.

මේ සම්බන්ධව ලිඛිතව කරන ලද දැන්වීමක්     විදේශ අමාත්‍යවරයා හරහා ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට ද    ඕමාන තානාපතිවරයා කටයුතු කර ඇත.

මේ බව දැනුම් දී ඇත්තේ අල් ඔබේදානි සමාගමේ ඉහළ කළමනාකාරිත්වයේ නියෝජිත පිරිසක් අද ශ්‍රී ලංකාවේ ඕමාන තානාපතිවරයා ද සමග විදේශ අමාත්‍ය අලි සබ්රි හමුවී උක්ත මැර ප්‍රහාරය ගැන සාකච්ඡා කළ අවස්ථාවේ දී ය.

ශ්‍රී ලාංකික සේවක පිරිස…

මෙම මැර ප්‍රහාරය සම්බන්ධව මේ වනවිටත් පිළිගත හැකි මට්ටමින් නීතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධව සිය දැඩි අප්‍රසාදය පල කර ඇති ඕමාන තානාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ විදේශ ආයෝජිකයන් විෂයෙහි දේශපාලන මැර බලය යොදාගෙන සලකන්නේ මෙසේ නම් ශ්‍රී ලංකාව අනාගතයේ දී කණගාටු දායක ඉරණමකට ගොදුරුවනු ඇති බවය.

එහිදී විදේශ ඇමති අලි සබ්රි දන්වා ඇත්තේ   මේ වනවිටත් අදාල සිදුවීම පිළිබඳව ජනාධිපතිවරයාව දැනුම්වත් කර ඇති බවය.   පොලිසිය හරහා හැකි උපරිම ලෙස නීතිය ක්‍රියාත්මක කරවන බවද විදේශ ඇමතිවරයා ඕමාන තානාපතිවරයා වෙත සහතික වී ඇත.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ඕමානයේ අල් ඔබේදානි සමාගම  ඕමානයේ  ජාතික ඇඳුම නිර්මාණය කරන ප්‍රධානතම සමාගමය. සීදුවේ පිහිටා තිබුණේ එහි   කර්මාන්ත ශාලාවකි. අල් ඔබේදානි සමාගමට අයත් සහෝදර සමාගමක් රෙදි පිළි අලෙවිය සඳහා වූ ජාත්‍යාන්තර අලෙවිසල් ජාලයකින් යුතුය.

එම සමාගම ධන කුවේරයින් සඳහා ඉතා මිල අධික උසස්ම තත්ත්වයේ නිමි ඇදුම් නිර්මාණය කරනු ලබන සාමගමකි.  .

කටානේ පිහිටි  අල් ඔබේදානි සමාගමේ කර්මාන්ත ශාලාව තුළ සේවකයෝ තුන්සිය පනහක් පමණ ඍජු ලෙස රැකියාවල නිරතව සිටිති.

කළමනාකාර අධ්‍යක්ෂවරයාට ඉන්දික අනුරුද්ධට සම්බන්ධ දේශපාලන මැරයින් විසින් පහර දී ඇත්තේ එම ආයතනයේ ප්‍රවාහන අංශය සඳහා වාහනයක් කුලී පදනම මත යොදවා ගැනීම සම්බන්ධ වූ ගැටලුවක් හේතුවෙනි.

පසුගිය 30 වැනිදා සිදුවූ  එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුව ද මේ වනතුරුත් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය අසමත් වී ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගාලු පාරේ නවත්වා තිබූ යතුරු පැදියක් එක්වර ගිනි ගෙන දැවෙයි! (වීඩියෝ සහිතයි)

Next Post

නැවත අයිඑම්එෆ් යන්න කිසිම අදහසක් නෑ… ජනපති කියයි!       

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.