ඉඳුනිල් කහටපිටිය –
ඉදිරි වසර පනහක කාලය තුළ සතුන්ගෙන් මිනිසාට බෝවිය හැකි වෛරස් වර්ග තිස් දහසක් පමණ ඇති බවට අනාවරණය වෙමින් පවතින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ඒම් ඩී ළමාවංශ පවසයි.
දේශගුණික විපර්යාස හේතුවෙන් සීඝ්‍රයෙන් ඝන අයිස් තට්ටු දියවී යාම මත අතීතයේ සැඟවී ගිය වෛරස මතුවිය හැකි යැයි ද හෙතෙම පෙන්වා දෙයි.

පාරිසරික විද්‍යා ක්ෂේත්‍රයේ නවතම විද්‍යාත්මක දැනුම පර්යේෂකයන්, විද්වතුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් අතර බෙදා හැරීමේ අරමුණින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාරිසරික තිරසාරත්ව කේන්ද්‍රය මඟින් සිකුරාදා (25) දිනයේ දී තෙවන වරට පැවැති ජාත්‍යන්තර සමුළුව අමතමින් උපකුලපතිවරයා මේ බව හෙළි කළේය.
“දේශගුණික විපර්යාස හමුවේ තිරසාරත්වය සඳහා වූ පාරිසරික කළමනාකරණය පිළිබඳ ගවේෂණය“ යන තේමාව යටතේ මෙම සමුලුවේදී මහාචාර්යවරයා කීවේ කොරෝනා ඉබෝලා වැනි වෛරස මත සිදුවූ ලෝක වසංගත ව්‍යසනයන් පිළිබඳව අත්දැකීම් ඇති බැවින් විශ්වවිද්‍යාල මට්ටමෙන් පැමිණිය හැකි නව තත්ත්වයන් පිළිබඳව අධ්‍යයනය කිරීම සහ ඒවා ජනතාවට බලපාන අන්දම පිළිබඳ පර්යේෂණ සිදු කරීම ඇරඹී ඇති බවත් ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම උදෙසා සිදු කළ යුත්තේ කුමක්ද යන්න සොයා බලමින් විශ්වවිද්‍යාල මට්ටමින් කටයුතු කරන බවත්ය.
වසරින් වසර කාලගුණය සහ දේශගුණය වෙනස්වීම උෂ්ණත්වය ඉහළ යාම සැලකිය යුතු මට්ටමින් වෙනස් ස්වරූප ගන්නේ ජනතාව තනි පුද්ගල සහ කණ්ඩායම් ලෙස පරිසරයට ලබාදෙන බලපෑම් මත බවට මේ වන විටත් තහවුරු වී ඇතැයි ද මහාචාර්යවරයා එහිදී පැවසුවේය.
මෙම සමුළුව සංවිධානය කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලීය පාරිසරික තිරසාරත්ව කේන්ද්‍රය (Center for Environmental Sustainability) පාරිසරික තිරසාරත්වය තහවුරු කිරීමෙහිලා සෑම විටම පෙනී සිටිමින් කැපී පෙනෙන සේවාවක් ඉටු කරන, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වඩාත් ක්‍රියාකාරී ආයතනයකි.
සමුළුවේ ප්‍රධාන අරමුණු වූයේ පර්යේෂණ, නව නිපැයුම්, සංවාද සහ භාවිතය තුළින් පාරිසරික ගැටලු සහ දේශගුණික විපර්යාස පදනම් කරගත් අභියෝග සඳහා විසඳුම් යෝජනා කරමින් පාරිසරික තිරසාරත්වය ළඟා කර ගැනීමට අවශ්‍ය වේදිකාවක් සැපයීමය.
ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන උඩවත්ත මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන්ද, ජාතික පවිත්‍රකාරක නිෂ්පාදන මධ්‍යස්ථානයෙහි (National Cleaner Production Center) ප්‍රධාන විධායක නිලධාරී, ඉංජිනේරු සමන්ත කුමාරසේන ප්‍රධාන කථිකයා වශයෙන්ද ඊට සහභාගි වූහ.