බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉදිරි මාස 6 ඇතුළත ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යූහගත කරයි!

by Lanka Sara Editor
ජූලි 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉදිරි මාස හය ඇතුළත ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමට අපේක්ෂා කරන බවත් සේවකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන කොන්දේසි යටතේ එය හඳුනාගත් ආයෝජකයා වෙත මාරු කරනු කරන බවත් කඩිනම් ප්‍රතිව්‍යුහගත ක්‍රියාමාර්ග ක්‍රියාත්මක නොකළහොත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවකයන් 6,000 කට පමණ රැකියා අහිමි විය හැකි බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඊයේ (30) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා තිබේ.

ඔහු එහිදී කියා සිටියේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සිදුවී ඇති මූල්‍ය පාඩුව රජයට දරාගත නොහැකි බවත් තවදුරටත් බදුගෙවන්නන්ගේ මුදල් මෙලෙස භාවිත කිරීම අසාධාරණ බවත්ය.

“වසර ගණනාවකට පෙර අපගේ ජාතික ගුවන් සේවය ලෙස ස්ථාපිත වූ ශ්‍රීලංකන් ගුවන් සේවයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. එමිරේට්ස් ගුවන් සේවයේ පාලනය යටතේ පැවති කාලසීමාව තුළ රුපියල් මිලියන 30 ක ලාභයක් ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා. ගුවන් සේවයට මූලික වශයෙන් අරමුදල් සපයනු ලබන්නේ කිසිදා ගුවන් ගමන් අත්දැකීමක් නොමැති සාමාන්‍ය පුරවැසියන්ගේ බදු මගින්. අපේම ජාතික ගුවන් සේවයක් තිබීම ගැන අපි ආඩම්බර වෙන නමුත් එය නඩත්තු කිරීම හා සම්බන්ධ පිරිවැය යුක්ති සහගත දැයි අපි ප්‍රශ්න කළ යුතුයි, ”අමාත්‍යවරයා පැවසීය.

“දැනට ශ්‍රීලංකන් ගුවන් සමාගම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2ක ණයක් දරන අතර .දේශීය රාජ්‍ය බැංකු ඇතුළු විවිධ සංවිධානවලට ජාත්‍යන්තර බැඳුම්කර සහ කල්බදු ගුවන් යානා සඳහා හිඟ ගෙවීම් පියවීමට සිදුවී තිබෙන බවත් නොගෙවූ ඉන්ධන බිල්පත් ද තිබෙන බවත් මෙතරම් විශාල ණයක් යටතේ ගුවන් සේවයක් පවත්වාගෙන යාම දරාගත නොහැකි බවත් අමාත්‍යවරයා පවසා ඇත. විදේශ විනිමය දුෂ්කරතා ඇතුළු ආර්ථික අභියෝග හේතුවෙන් රජයට පසුගිය කාලයේ දී මෙන් පාඩු සඳහා මුල්‍ය ආධාර සැපයීමට නොහැකි වී ඇතැයිද මෙම ප්‍රවේශය තවදුරටත් සාධාරණ නොවන අතර එය ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමට තීරණය කිරීමට හේතු වී ඇතැයිද තවදුරටත් කියා තිබේ.

ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම මගින් රජයට 51% ක කොටසක් රඳවා තබා ගත යුතු අතර ඉතිරි 49% වෙනත් ආයෝජකයෙකුට පිරිනැමීමට නියමිතය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

“ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේ මීට මාස හයකට පෙරයි. භූමි මෙහෙයුම් සහ ශ්‍රී ලංකන් කේටරින් සමාගම හරහා යම් ලාභයක් උපයා ගත්තත් ගුවන් සමාගමේ පාඩු පියවීමට ඒවා ප්‍රමාණවත් නැහැ.

“කොටස් වෙන් වෙන් වශයෙන් විකිණීමේ අවශ්‍යතාවය සහ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ සංදේශය සැලකිල්ලට ගනිමින් මුදල් අමාත්‍යාංශය හරහා ජාත්‍යන්තර මූල්‍ය විශේෂඥයින් වෙත යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම ක්‍රියාවලියේ ප්‍රතිලාභ විනිවිදභාවයෙන් උපරිම කිරීමට අපි කැපවෙනවා. යැයිදා අමාත්‍යවරයා කියා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උද්ධමනය කැපී පෙනෙන ලෙස අඩු වෙයි – මහ බැංකුව!

Next Post

කාදිනල් තුමා එපා කී  දේශබන්දු සහ නිලන්ත වෙනුවෙන් අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද නාහිමි පෙනී සිටිති!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.