බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉදිරියේ දී ශ්‍රී ලංකාවට සංක්‍රමණිකයින් ලක්ෂයක් ගෙන්වා ගන්න රහස් සැලැස්මක් ගැන මහජන ආරක්ෂක ඇමති පාර්ලිමේන්තුවේ දී කියයි!

by editor
ජනවාරි 8, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • හැඟීම්වලට ඉඩදී කරන අනුකම්පාව භූමිකම්පාවක් විය හැකි ලකුණු මහජන ආරක්ෂක ඇමතිවරයා ඉඟි කරයි!

ඉදිරි කාලය තුළ දි අනවසර සංක්‍රමණිකයින් ලක්ෂයකට අධික පිරිසක් ලංකාවට සංක්‍රමණය කරවා ගැනීමේ සැලසුමක් බුද්ධි අංශ විසින් හෙළි කරගෙන ඇති බවත්, එම තත්ත්වය තුළ අනවසර සංක්‍රමණිකයින් සමාජ ප්‍රශ්නයක් ලෙස සලකා ඒ සම්බන්ධව මැදිහත්වීමට රජය කටයුතු කරන බවත් මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවේ දි පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් විසින් රෝහින්ග්‍යා සංක්‍රමණිකයින් 116 දෙනා සම්බන්ධව රජය සලකන ආකාරය සම්බන්ධව ප්‍රශ්න කරමින් කළ දැඩි විවේචනයට පිළිතුරු දෙමිනි. සරණාගතයින් සම්බන්ධව කටයුතු කළ යුතු ලෝක නියාමයන් සහ ප්‍රඥප්ති ඇති බවත් 80 දශකයේ ජීවිතය බේරා ගැනීම සඳහා සරණාගත භාවය පැතූ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලකයින් ලෝකය සරණාගතයින්ට සලකන්නේ කෙසේ ද යන්න පිළිබඳව අත්දැකීම් හොඳටම විද ඇති බවත් හකීම් මන්ත්‍රීවරයා පැවසුවේය.

එසේ තිබිය දී මානව හිමිකම් කොමිසමේ පවා නිරීක්ෂණයට ලක් නොකර මුලතිව් ගුවන් හමුදා කඳවුරේ මේ අහිසංක තරුණයින්, කාන්තාවන්, දරුවන් සහිත පිරිස රඳවා තබාගෙන ඇත්තේ රටේ ප්‍රතිරූපය ජාත්‍යාන්තර තලයේ දී විනාශ කරමින් බවත් ඔහු පෙන්වා දුන්නේය.

ලෝකයේම ඇස් ඉදිරිපිට මියන්මාර් රජය විසින් රෝහින්ග්‍යා සුළුතරයට සලකන ආකාරය සම්බන්ධව සාක්ෂි දරද්දී ඔවුන් අනවසර සංක්‍රමණිකයින් සේ සලකා යළිත් මියන්මාරයට පිටුවහල් කිරීමට දරන සාහසික උත්සාහය නවත්වන ලෙසත් රට ලෝකය ඉදිරියේ ආරක්ෂා කරන ලෙසත් රවුෆ් හකීම් මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.

ඊට පිලිතුරු දෙමින් මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ආනන්ද විජේපාල මෙසේ පැවසුවේය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

“116ක අනවසර සංක්‍රමණිකයන් රටට ඇතුළු වෙලා තියනවා. ඔවුන් මුදල් ගෙවලා මේ ජාවාරමට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ රටේ මුදලින් ලක්ෂ 500ක් බෝට්ටුව සඳහා ගෙවලා තියනවා. ගමනා ගමනය සඳහා ලක්ෂ 800ක් ගෙවලා තියනවා.

මේ පුද්ගලයින් සරණාගතයින් ලෙස හඳුනා ගන්නේ නම් ඒ ආකාරයෙන් කටයුතු කරන්න අපි සූදානම්. කෙසේ වෙතත් මේ වනවිට ඔවුන්ගේ කෑම බීම, සෞඛ්‍ය ආදී පහසුකම් සියල්ල නිසි ලෙස සපයලා තියනවා.

පොලිසිය පවත්වාගෙන යන විමර්ශන අනුව සහ බුද්ධි අංශ වාර්තා කරල තියන කාරණා අනුව මෙවැනි අනවසර සංක්‍රමණිකයින් ලක්ෂයක් ඉදිරි දින වලදී ශ්‍රී ලංකාවට පැමිනීමට නියමිතව තියනවා. එහෙම සැලසුමක් තිබිලා තියනවා. ඒක අපේ රටේ සමාජ ප්‍රශ්නයක් විදිහට හඳුනා ගන්නවා.

ඔබ කිව්වා වගේම මේක මානුෂික ප්‍රශ්නයක් ලෙස අපි හඳුනා ගන්නවා. සරණාගතයින් ලෙස හඳුනා ගන්නේ නම් ඒ ආකාරයෙන් කටයුතු කරන්න සූදානම්.

දැනට පොලිසිය වාර්තා කර ඇති ආකාරයට, බුද්ධි අංශ වාර්තා කර ඇති ආකාරයට ඉදිරියේ දී ලක්ෂයකට ආසන්න පිරිසක් සංක්‍රමණය කරවා ගැනීම සඳහා සැලසුමක් තිබිලා තියනවා. මේ වනවිට ඒ පිළිබඳව විමර්ශන පවත්වමින් තියනවා.

ඒ තත්ත්වය තුළ මේ වෙලාවේ අපි ඔවුන් අනවසර සංක්‍රමණිකයන් ලෙස සිතා කටයුතු කරනවා. ඔවුන් සරණාගතයින් ලෙස හඳුනා ගන්නේ නම් ජාත්‍යාන්තර ප්‍රඤ්ඤප්තීන්ට අනුකූලව ඔවුන්ට අවශ්‍ය මානුෂික ආධාර ලබා දෙනවා.

එතෙන්ට පිටතින් ඇතුළුවෙන්න නුදුන්නේ ඒ වනවිට මේ පිරිසගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධව කටයුතු කරමින් සිටිය නිසා. ඉදිරියේ දී මානව හිමිකම් කොමිසමට යන්න ඉඩ ප්‍රස්ථාව දෙයි. දැනට ආගමන විගමන දෙපාර්තමේන්තුව යටතේ මේ 116 පිරිස රඳවාගෙන ඉන්නවා. අත් අඩංගුවෙ සිටි 12 නිදහස් කරලා එම ස්ථානයට යවලා තියනවා.” ඇමතිවරයා පැවසුවේය.

රවුෆ් හකීම් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මියන්මාරයේ සිදුවන හිංසාකාරී සිදුවීම් සියල්ල දන්නා බැවින් ලෝකය හමුවේ එය ප්‍රත්‍යක්ෂයක් වී ඇති බැවින් මේ පිරිස නැවත එම රටට පිටුවහල් කිරීම අපරාධයක් බවය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ද සහයෝගය අරන් වෙනත් රටකට හෝ මේ පිරිස යැවීමට කටයුතු කරීමට ප්‍රතිපාදන රජයකට ඇති බවය. එවැනි අත්දැකීම් ඉතිහාසයේ ශ්‍රී ලංකාවට පැවති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

සරණාගතයින් පිටුවහල් කිරීමක් සම්බන්ධව රජයේ අදහසක් නැති බවත් මියන්මාර් රජයත් සමග කළේ මූලික අදහස් හුවමාරු කරගැනීමක් පමණක් බවත් ඇමති ආනන්ද විජේපාල පැවසුවේය. මන්ත්‍රීවරයා මතුකළ අදහස් සම්බන්ධව ද අවධානය යොමු කරන බව ඔහු කීවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හමුදා සහ STF ආරක්ෂාව ඇතිව කොළඹ වැලිගම හදන ඊශ්‍රයාල ආගමික මධ්‍යස්ථාන මොනව ද?… මුජිබර් පාර්ලිමේන්තුවේදී අසයි!

Next Post

ලසන්ත ඝාතකයින්ට දඬුවම් සහතිකයි… ලසන්ත ඝාතනයේ 16 වැනි සංවත්සරය දා අධිකරණ ඇමති පාර්ලිමේන්තුවට සහතික වෙයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.