සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉතිහාසයේ මුල්ම වතාවට විධායක ජනාධිපතිවරයෙක් රක්ෂිත බන්ධනාගාරත වෙයි… රනිල් 26 තෙක් රිමාන්ඩ්!

by editor
අගෝස්තු 22, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන    කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාරගත කිරිමේ ඓතිහාසික තීන්දුව අද (22)  කොටුව මහේස්ත්‍රාත් නිළුපුලී ලංකාපුර ලබා දුන්නාය.

අධිකරණය නියෝග කළේ  හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගෝස්තු මස 26 වැනි දා තෙක්  රක්ෂිත බන්ධනාගාරගත කිරීමටය.

රටේ විධායක ජනාධිපතිවරයෙක් මොනම සිදුවීමකට හෝ බන්ධනාගාරගත වූ මුල්ම අවස්ථාව අදය. අද උදේ ඉතිහාසයේ මුල්ම වතාවට විධායක ජනාධිපතිවරයෙක් අත් අඩංගුවට පත් වුනේය.

මේ තින්දුව ගනු ලබන්නේ ලංකාවේ ඉහළම තළයේ ප්‍රභූ නීතිවේදීන් ගණනාවක් පසුබිමේ ගොඩනැගෙන දීර්ඝ නෛතික සංවාදයකින් අනතුරුවය. කොළඹ කොටුව  මහේස්ත්‍රාත්  නිලුපුලි ලංකාපුරටත්  මෙය සිය අධිකරණ ජීවිතයේ සන්ධිස්ථානයක් වූයේය. ඉතිහාසයේ පළමු වරට ජනාධිපතිවරයෙක් රක්ෂිත බන්ධනාගාරගත කරනවාද නැතිනම් ඔහුට සාමාන්‍ය පරිදි ඇප ලබා දෙනවා ද යන්න ජ්‍යෙෂ්ඨ නීතිවේදීන්ගේ තර්කණයන් විශ්ලේෂණය කරමින් තීරණය කරන්නී කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුරය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ   රඳවා තබා ගැනීමෙන් පසු නිකුත් කරන ලද අත්අඩංගුවට ගැනීමේ රිසිට්පතේ දැක්වුනේ, පොදු දේපළ පනතේ 5(1) වගන්තිය සහ දණ්ඩ නීති සංග්‍රහයේ 386 සහ 388 වගන්ති යටතේ වැරදි සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති බවය. රටේ නීතිය ප්‍රකාරව පොදු දේපල පනත යටතේ අධිකරණයට ඉදිරිපත්වන සැකකරුවෙකුට ඇප ලබා දිය නොහැකිය.  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස්   අධිකරණය හමුවේ  කරුණු දක්වමින් ප්‍රකාශ කළේ මෙම සැකකරුට එරෙහිව පොදු දේපොළ පනත යටතේ කරුණු ඉදිරිපත් කරන බවය.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

දිලීප පීරිස් කරුණු දක්වමින් පැවසුවේ මේ සම්බන්ධව එස්. කරුණාරත්න නම් සිවිල් පුද්ගලයෙක් කළ පැමිණිල්ලක් මත විමර්ශනයක් සිදුකර 33 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇති බවත් කරුණු සොයාගෙන යෑමේ දී මෙම සංචාරය සඳහා රජයේ මුදලින් රුපියල් ලක්ෂ 166ක් වියදම් කර ඇති බවත්,  එම සංචාරයට අදාලව පැවති මුල් ලේඛණ මේ වනවිට වෙනස් වී ඇති බවත්ය.

විමර්ශන කටයුතු අවසන් නොමැති නිසා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනූජ ප්‍රේමරත්න  අධිකරණයේ කරුණු දක්වමින් සැකකරු ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියේය. ඔහු පෙන්වා දුන්නේ මෙම මුදල් අවභාවිතාව සම්බන්ධව විගණකාධිපතිගේ වාර්තාවේ සදහන්ව නැති බවය.

අධිකරණයට රැගෙන පැමිණි අවස්ථාව

අපරාධ පරික්ෂණ දෙපාරත්මේන්තුව විසින් අත් අඩංගුවට ගත්  රනිල් වික්‍රමසිංහ  අධිකරණය රැගෙන එනු ලැබුවේ  දැඩි ආරක්ෂාවක් යටතේය. ඔහු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඔහුට ශක්තියක් වීමට නාමල් රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද පැමිණ සිටියේය.   අධිකරණ භූමියේ  ප්‍රසන්න රණතුංග,  මනුෂ නානායක්කාර,  ටිරාන් අලස්,  අලි සබ්රි, නිමල් සිරිපාද සිල්වා  ඇතුළු දේශපාලකයින් පිරිසක්  වූහ.

එමෙන්ම රනිල් වික්‍රමසිංහට හිතවත් විශාල පිරිසක් ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැස්වී සිටියහ.

විමර්ශනය කුමක් ද?

මුලින් කී පරිදි ලංකා ඉතිහාසයේ පළමු වරට හිටපු ජනාධිපතිවරයෙක් අත් අඩංගුවට පත්වූයේ අද දිනයේදීය.  සිදුවෙමින් ඇති විමර්ශනයක්  සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ හිටපු ජනාධිපති වික්‍රමසිංහ  පසුව අත් අඩංගුවට ගන්නා ලදී.

මෙම විමර්ශනය රනිල් වික්‍රමසිංහ  ජනාධිපති ධුරය දැරූ කාලය තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා රාජ්‍ය මුදල් වැය කරමින් ලන්ඩනයේ සිදුකළ පුද්ගලික සංචාරයක්  පිළිබඳ එල්ල වූ චෝදනා සම්බන්ධවය.

2023 දී G77 සමුළුවකට සහභාගී වූ හිටපු ජනාධිපතිවරයා  හවානා සිට ආපසු එන අතරතුර   ලන්ඩනයේ නතර විය.  ඔහු සහ ඔහුගේ බිරිඳ මෛත්‍රී වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයකට සහභාගී වූහ.

තම බිරිඳ තමන්ගේ ගමන් වියදම් තමන් විසින්ම ගෙවූ බවත්, කිසිදු රාජ්‍ය අරමුදල් භාවිතාවක් නොකළ බවත් වික්‍රමසිංහ කියා සිටියේය.

කෙසේ වෙතත්, පොලිසියේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව චෝදනා කළේ රනිල් වික්‍රමසිංහ පෞද්ගලික සංචාරයක් සඳහා  රජයේ මුදල් භාවිතා කළ බවත්, එම පුද්ගලික සංචාරයට එක් වූ  ඔහුගේ ආරක්ෂකයින්ට ද රජය මුදල් ගෙවූ බවත්ය. ඒ බව විමර්ශනවලදී තහවුරු වී ඇති බවත් විමර්ශන අංශ පැවසුවේය.

සීඅයිඩීය මීට පෙර ජුනි 24 වන දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවට අදාළ සාක්ෂි ඉදිරිපත් කර තිබුණි. පසුව හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස සේවය කළ සැන්ඩ්‍රා පෙරේරා සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙන් ද ප්‍රකාශ සටහන් කර ගන්නා ලදී.

එජාප කියන්නේ කුමක් ද?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ වෙත වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලය විසින් කරන ලද ආරාධනා පත්‍රයේ පිටපතක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකකය ප්‍රකාශ කරන්නේ හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය මුදල් අනිසි ලෙස භාවිතා නොකළ බවය.

2022 වසරේ ජූලි 20 සිට 2024 සැප්තැම්බර් 23 දක්වා වසර දෙකකට ආසන්න කාලය තුළ බලයේ සිටි ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ විදෙස් සංචාර 23කට සහභාගී වී ඇති අතර, එක් එක් විදේශ සංචාර පිළිබඳව තොරතුරු පරීක්ෂා කිරීම මෙතෙක් අවසන් වී නොමැති බවට මීට පෙර තොරතුරු දැනගැනීමේ පනත යටතේ බීබීසී සිංහල කළ තොරතුරු විමසීමකදී ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රකාශ කළේ ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පැය 04කට පසු රනිල් වික්‍රමසිංහගේ නඩු විභාගය ඇරඹෙයි!

Next Post

රනිල් හිරේ දාන්නට පෙර අධිකරණයේ සිදුවූයේ කුමක් ද?

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.